top of page
  • Writer's picturePrisila Godahewa

අමුතු දීගේ 💞#2 අමුතු දීගේ💞#2

(24 කොටස)

වැරන්ඩාවේ කොනක මගේ දුවයි….නිරංජන්ගෙ දුවයි බෝනික්කෝ දෙන්නෙක් අතේ තියාන කතා කරමින් සෙල්ලම් කරන ආකාරය මට පෙනෙයි…...සාරාන්‍යා දුව නොයෙක් ප්‍රශ්න අපේ දුවගෙන් අසයි.....අපේ දුව ඒවාට ඔලුව වනන්නේ ඇයට සිංහලෙන් කතා කරන්න බැරි නිසා බව මට තේරේ….. සාරනයා දුව ටිකක් කටකාරබවද පෙනේ.....මගේ දුව ඇයට වඩා අහිංසක පාටයි....ඇයට සිංහල කතා කරන්න බැරි නිසා ඇය එලෙස සිටිනවා වන්නට ඇත......නමුත් ඇයට සිංහලෙන් කියන දේවල් තේරුම් ගැනීමට හැක…… අනේ දෙවියනේ මේ ළමයි දෙන්නටම තියෙන්නේ නිරංජන්ගේ ලේ..නේ…..එකම තාත්තා කෙනෙක්ගෙ....පවුල් දෙකක දරුවන් දෙදෙනෙක්.... ඒ කිසිත් නොදැන සෙල්ලම් කරන හැට්...අක්කයි නංගියි මාස තුනක වෙනස ඇති...එකම තාත්තගෙ, අම්මලා දෙන්නෙක්ගෙ ළමයින්….දුව ඉද හිට කහියි...ඇයගෙ මූන වෙනදට වඩා මැලවි ඇත….. අද දවසෙම අව්වේ සෙල්ලම් කර...මුහුදු හුලං වැදි ඇය හෙම්බිරිස්සාව හැදෙන්න ලංවී ඇති බවක් මට පෙනෙයි.....දුවගේ ඇස් වල ඇත්තේ නිදිමත බවකී….. සාරනයා දුවගෙ මුහුනේ ඇත්තේ ලොකු සතුටකි.....ඒ ඇයට මම ගෙනා තෑගි බෝග නිසා වන්නට ඇත......මම ඔවුන් දෙස බලමින් මගේ හෑන්ඩ් බෑගයේ තිබුන ෆොන් එක ගෙන ඔවුන් දෙදෙනාගේ ෆොටෝ හතරක් පහක්ම විවිද ඉරියව් වලින් ගත්තෙමි. අනේ.....ආදරනීය අක්කයි නංගියි....මේවා මම ආපහු රට ගිය පසු නිදහසේ බලන්න හිතාගෙන ගත්තෙමි..... ඔවුන් දෙදෙනා මෙතරම් ඉක්මනට යාලු උන හැටියක්.....මම නිරංජන්ගෙ දුවට.....අපේ දුව ආසාකරන සෙල්ලම් බඩු ඇදුම් ගොඩක් ගෙනාවේ මගෙ දුවගේ එකම නංගි නිසයි.....ඔවුන්ගේ එකමුතු කම කවදාහෝ ලොකු උන දවසක දිගටම තියාගන්න, මම උදව් කල යුතුයි .....ඔව් කවදාහෝ ඔවුන් දෙදෙනාට.... එකම තැනක හැදෙන විදිහක් මම වැඩිකලක් නොගිහින්ම පිලිවෙලක් කිරිමට සිතට ගත්තෙමි.....


ඔව්...නිරංජන් ඉස්සර ඉදන් හරි ආසාවෙ හිටියේ.... පිටරටකට ගොස් පදිංචි වෙන්න....මට පුලුවන් විකුම්ට කියලා ....නිරංජන්ලටත් කැනඩාවේ පදිංචියට යන්න උදව් කරන්න ....ඔව්...උත්සහ කලොත් මේ අක්කයි නංගිටයි හැමදාම එක ලග ඉන්න හැටි බලන්න පුලුවන් ....බලමු මොනවද කරන්න පුලුවන් කියලා ....


නොයෙක් දේ සිහිකරමින් ඉන්න විට ….නිරංජන් සුදු ශර්ට් එකක් සහ ක්‍රීම් පාට කලිසමක් ඇදගෙන ගෙදර උඩ තට්ටුවේ සිට බිමට බහිනවා පෙනින.... ඔහුගේ ඇස් කාවද සොයන බවද පෙනේ…. සුදු ශර්ට් එක ඇදගෙන ඉන්න කොට නිරංජන් වෙනදටත් වඩා හැඩයි කියා මට සිතේ...දැන් නිරංජන් ඉස්සරට වඩා මහත්වෙලා….ගොඩක් කඩවසම්…...ඔහු දකින හැම මොහොතකම මට මොනවා හෝ අමුතු දෙයක් සිදුවේ....මගේ හිත ගැහෙයි.....කතා කරගන්න බැරි තරමට නොසන්සුන් වෙයි....ඔහුගේ හැගිම්බර දෑස.....කඩවසම් සිරුර.......පඩිපෙළ දිගේ බහින ඔහු.... අහම්බෙන් මාව දැක සතුටින් පොපියපු ආකාරයක් මට දැනින........ඔහු මම සිටින දෙසට ආවේ මූනේ සතුට සමග බෑරෑරුම් බවක්ද පෙන්වමින්‍ ය.


සාරදා ...තේ බිව්වද ?


"ඔව්"


"කෝ විකුම්….


" පුතත් එක්ක ටිකක් මේ ළගට ගියා...දැන් එනව ඇති.."


නිරංජන් ඉස්තෝප්පුවේ සෙල්ලම් කරමින් සිටි දුවලා දෙදෙනා ලගට ගොස්.....ටික වෙලාවක් මගේ දුව දෙස බලා හිද.....හෙමිහිට ඇයව වඩාගෙන ආදරෙන් සිපගෙනම ටික වෙලාවක් නිසොල්මනේ සිටියේය....... එය දැක මගේ නෙතට කදුලක් ඉනීය... මගේ හිත බයෙන්ද සතුටින්ද ගැහෙන්නේ කියා සිතාගැනිමට නොහැකිය ….මම නිරංජන්ට නොපෙනෙන්න...

මගෙ ෆෝන් එකෙන් ඔවුන් දෙදෙනාගෙ ෆොටෝ එකක් ගත්තේ ඒ ක්ශනිකයෙනි….වඩාගෙන සිටි මගේ දුව, බිමින් තියා නිරංජන් ඔහුගේ දුවත් මගේ දුව ලගට කර ගත්විට මම ....


"පොඩ්ඩක් ඉන්න නිරංජන්... ….දුවලා දෙන්නා එක්කම මම ඔයාගෙ ෆොටෝ එකක් ගන්නකම්…."


නිරංජන් හරිබැරි ගැහි එතන තිබුන පුටුවේ වාඩිවී දුවලා දෙන්නම තුරුලු කරගත්තේ හරි ආදරෙනි. ...ඒ ඇසිල්ලෙන් මම ෆොටෝ තුන හතරක්ම ගත්තේය.


"ආ….නෑනා… පොඩි මස්සිනාගේ ෆොටෝ ගන්නව වගේ...…?

එසේ අසාගෙන රංජන් අයියා එතනට ආවේ ඒ මොහොතේය…


"කෝ...සාරදාත් එතනට යන්නකෝ මම ෆොටො එකක් ගන්න…."


මම ගිහින් ඔවුන් පිටිපසින් සිට ගත්තේ...කියලවත් කරගන්න බැරි දෙයක් යැයි සිත සිතාය. ….


"සාරනයා ...දුව මෙහෙ එන්න….".දිල්හානි දුවව සොයයි."


"අන්න දුව අම්මා ඔයාව හොයනවා...ගෙට යන්න..".


"කෝ ඉන්න ඔය දෙන්නා, දුව එක්ක...මම ෆොටෝ එකක් ගන්න......පරන ආදරවන්තයෝනේ.....".


නිරංජන් කී විට සාරනයා ගෙට ගිය විගස….රංජන් අය්යා මාත් නිරංජන්ගෙත් දුවගෙත් තව ෆොටෝ තුන හතරක් ගත්තේ ඔහුගේ උවමනාවටය.


මගෙත් නිරංජන් ගෙත් ආදරකතාව දැන සිටි ඔහු ඕන කමින්ම අප එකතු කර ෆොටෝ එකක් ගත්තා යැයි මට සිතිනි.....


"මල්ලි මම එහෙනම් පන්සලට යනවා හාමුදුරුවෝ වඩම්මන්න...ඔයා හාමුදුරුවෝ වැඩියහම කකුල් සෝදලා ගෙට වඩම්මන්න….


"හා...අය්යා ඔක්කොම හරි...ඔයා යන්න.


රංජන් අය්යා ගිය පසු කිසිත් නොකියා මගේ ලග පුටුවෙන් වාඩිවුන නිරංජන් මගේ ලග සිටි දුවව එයා ලගට ගෙන ඔහුගේ උකුලෙන් වාඩිකරවා ගෙන තදින් සිප ගනිද්දී මට මොනවා උනාදැයි හිතා ගැනීමට නොහැකි විය…..මගේ හිත ගැස්සි හිත අඩාවැටෙන්නට ලංවිය...... නිරංජන්ට තේරිලාද දුව එයාගෙ දුව බව…. මම බොහොම අමාරුවෙන් ඔවුන් දෙස බලාගෙන හිටියේ දෑසේ එලියට පනින්න ලංව දගලන කදුලු සගවාගෙන….


"ඇයි මට මෙච්චර කාලයක් හැංගුවේ….සාරදා ?


"මොකක්ද….


"මේ මගේ දුව බව….


"පිස්සුද මේ විකුම්ගේ දුව…...ඔයාගෙ දුව අර ගෙට ගියේ.....


"බොරු කියන්න එපා….මම ඔයා ගැන හොයන්නේ නැතුව හිටියෙ නෑ...අපි දෙන්නා අයින් වෙලා මාසයක් යන්න ඉස්සර විකුම් ආව නිසා, මම සද්ද නැතුව පැත්තකට උනේ….නැතුව ඔයාව අමතක කරලා නෙමේ…


" අනේ මේ...මගෙ කට අවුස්ස ගන්න එපා...මේ මිනිස්සු ඉන්න තැන….අම්මගෙ කතා අහලා කුනු ගොඩක් වගේ මාව අමතක කරලා පැත්තකට දාලා….. යන්තම් මාසයක් වත් හිටියද ....බැදගත්තා…. අර දෙවියෙක් වගේ මගේ මනුස්සයා ආවේ නැත්නම් මට වහ කන්න වෙන්නේ….ඒ අහිංසකයා මේ මොනවත් දන්නෑ…..


"ඔයා මට බනිනවා නේද…? කමක් නෑ මම වැරදියි තමයි …..අම්මව අහක දාන්නත් බැරි උනානේ සාරදා ...ඉතිං කියන්න ….මේ මගේ දුව නේද….?

නිරංජන් මගේ දුවව උකුලේ වාඩි කරවගෙන ඇගේ ඔලුව, මූන, ඇග අත ගායි….අප දෙදෙනා ඉන්න තැන සාලේ වෙනකාටවත් නොපෙනෙනෙ එක හොදට ගියා..…


"ඉතිං කියන්න සාරදා ….ඔව් නේද..මෙයා මගේ නේද…?


"ලැජ්ජ නැතුව අහනහැටි විතරක් ….නෑ....මෙයා විකුම්ගේ ...."


"මම මේක රහසක් හැටියට හැමදාම තියාගන්නම් අනේ කියන්නකෝ… මේ මගේ දුවමයිනේද...?...මෙයාට තියෙන්නේ මගේ ලේ...ඇයි ඔයා මට කියන්නැත්තේ…..අපි ආදරෙන් එකතුවෙලා, ඊට පස්සෙ ඔයාට හම්බවෙන්න හිටිය මගේ දුව…..ඔයා මට මෙච්චර කාලායක් හැංගුවාට…..දුවගෙ උපන්දිනේ ඉදන් දින මාස හරියට ගනන් කරාම අපි එකට හිටිය කාලේ දුව ඔයාට හම්බවෙන්න ඇවිත් තියෙන්නේ ...ඔයා මට මෙච්චර කාලයක් හැංගුවා….නිරංජන් නොනවත්වාම දුවව ඉබියි…..".


"අපි බණ අහන්න අර පැත්තට යමු…..." මගේ හිත ගැහෙයි...


"සාරදා….මට කියලා යන්න….ඒක ඇත්තනේද….මෙයා මගේ නේද ?....


මම නිරංජන් ඇසු දෙය නොඇසුනු ගානට හිටි තැනින් නැගිට ඔහුගෙ උකුලේ බාගෙට නින්ද යමින් හිටිය දුවව බලෙන් වගේ අතින් ඇද මගේ ලගට ගෙන සාලය පැත්තට ගියෙමි.


එකා දෙන්නා සුදු ඇදුම් ඇදගෙන බණ ගෙදර එයි.....හැමොම වගේ දුබුරු පාට බෑග්…..දිල්හානි නංගිගේ අතට දෙයි….මේ බෑග් ඇතුලේ වැඩිපුර තියෙන්නේ සීනි, තේකොළ කියා මම දනිමි….ඒ බෑග් දිහා බලාගෙන ඉන්නකොට මට මතක් වෙන්නේ….අපේ තාත්තාගේ බණ ගෙදර ඉවර උන පසු, කාමරයක් පිරෙන්න ගොඩ ගසා තිබුනු සීනි තේකොළයි.... වැඩිපුරම තිබුනේ සීනියි. ...තේකොළ පිටි පැකට් කෙසෙල්ගෙඩි බිස්කට්, කිරිමුට්ටි ආදියද ටිකක් තිබුනි. පසුදින දානේ ඉවරවුන පසු කරන්න දෙයක් නැති තටමට ලැබී තිබූ සීනි බිස්කට් …..වටපිටාවේ ගෙවල් වලට අම්මයි සෝමායි බෙදාදුන් ආකාරයත් සිහිවිය....ඇයි මිනිස්සු මේ බණ ගෙවල් වලට යනකොට....පුරුද්දට වගේ සීනි තේකොලම ගෙනියන්නේ.... නිතර උයාගෙන කන හාල් තුනපහ වගේ දේවල් උනත් ගෙනියන්න පුලුවන්නේ.....මිල අඩුවෙන්ම ගේන්න පුලුවන්, සීනි වගේ දේවල් වෙන්න ඇති . .....


බණ ගෙදර ආ හැමෝම වගේ මා සමග සිනාසී…

ආ...සාරදා නෝනනේ...සාරදා අක්කා ..සාරදා නංගි...කොහොමද ..කවද්ද ආවේ...ලස්සන වෙලා...කෝ මහත්තයා ..කෝ පුතා…..දුව හරියට සාරන්‍යා දුව වගේමයි...කවද්ද යන්නේ කියා...නොයෙකුත් ප්‍රශ්න අසයි..හැමෝම නෑදෑයෝ යාලුවො ...සමග සිනාසි කතා කර මට දැන් හොදටම මහන්සි ගානයි......නමුත් ඇත්තේ කාලෙකට පසු දුටු නෑදෑයෝ යාලුවො නිසා සතුටකි.. ….මම හෙමිහිට කවුරුත් නැති ගෙයි කොනක පැත්තක දුවත් සමග පුටුවක වාඩිවී බණ පටන් ගන්නකම් නොවිසිල්ලෙන් බලා සිටියෙමි.


හාමුදුරුවන්ට බණ කියන්න ලෑස්ති කර තිබෙන තැන තියා ඇති කුසුම් නැන්දාගේ ෆොටෝ එක මගේ දිහා බලාගෙන ඔරවන ආකාරයක් මට පෙනේ ...….මීට ඉස්සර කවදාවත් මම මේ ගෙට ගොඩ නොවුනේ ඇයට තිබු බය නිසා බව මමත් නිරංජනුත් දනිමු…..


ඈත ඉදන් ඇය මා දිහා බලන් ඉන්නේ….උබ මගේ කොල්ලා රවට්ට ගන්න ආයෙත් ආවද කියා අසන්නා සේ ඔරවගෙන යැයි මට සිතේ…...


අද ඇය නැතිවි තුන් මාසයක් වන දින මම ඇගේ ගෙට ආ එකට, ඇය කේන්තියෙන් වගේ මා දිහා බලන් ඉන්නවා යැයි සිතෙයි.... මට හිතට බයක්ද දැනින…..


ටික වෙලාවකට පෙර වත්තේ පාම් ගස් පදුරේ කොනක.... මම දැක්ක කුසුම් නැන්දා නම් ගොඩක් කලුවට කැතටයි මම දුටුවේ...….තවමත් ඇය මේ ගෙදර එහෙ මෙහේ සැරිසරනවාද නොදනිමි….මගේ හිත බයෙන් ගැහෙන්න විය...ඇය මට අනතුරක් කරාවිද ...මම නැවත නිරංජන් එක්ක කතා කල නිසා….මම නින්දෙන් නැගිට්ට ලෙස වටපිට බැලුවෙමි …..බණ අහන්න මිනිස්සු දැන් බොහොමයක් ඇවිත් තැන් තැන්වල වාඩිවී ඇත.


"හාමුදුරුවෝ වැඩම කරලා….ඉක්මනට හැමෝම වාඩිවෙන්න….…."

හැමෝම සද්ද බද්ද අඩු කර මීයට පිම්බා සේ සිටියේ... හාමුදුරුවන් ගෙට වැඩම කරන වේලාවෙයි......


විකුම් තවම ඇවිත් නැත…...පුතා ඔහුත් සමග නිසා ,මගෙ හිතට සැනසිල්ලක් දැනින.... මම සාලේ කොනක බිත්තියක් අයිනේ දුවත් සමග වාඩිවී බණ අහන්න ලෑස්ති උනෙමි.


හාමුදුරුවෝ මුලින්ම , මීට මාස තුනකට උඩදි මේ නිවසේදීම නැතිවුන කුසුම් නැන්දා සිහිපත් කර ඇයට පිං පිනිස බණ දේශනාව ආරංභ කරන බව කීහ....හැමෝම පන්සිල් ගන්න සූදානම් වෙයි......


"නමෝ තස්ස භගවතෝ අරහතෝ.........


පැමින සිටි හැමෝම වැදගෙන ඉදී....... හැමෝටම පන්සිල් දී පසුව හාමුදුරුවෝ බණ කියන්න පටන් ගත් හ...... කාලෙකට පසු බණක් අහන්න ලැබෙන නිසා මමත් හරි ආසාවෙන් හරි බරි ගැහි වාඩිවී සිටියෙමි..... දුව මගේ උකුලේ වාඩිවී මගේ ඇගට ඔලුව තියාන ඉදී....ඈ නිදිමතේ ඉන්නා බව දැනුන නිසා, මම ඇයට පහසුවෙන් නිදා ගන්න පුලුවන් ලෙස ඇය මගේ උකුලේ වාඩි කර ගත්තෙමි.


මුලින් බණ ඉතා ඕනෑකමින් අහගෙන හිටියත් මට .... .ටික වේලාවක් යන විට හාමුදුරුවෝ කියන බණගැන තේරුමක් සිහියක් ඔලුවට නොආවේය....මගේ ඇස් දෙක ,නිතරම හාමුදුරුවන්ගෙ ඉස්සරහ වාඩිවී සිටින අයට පේන්න තියා ඇති කුසුම් නැන්දාගේ සේයාරුව දෙසට ඇදී යයි.... මට ඇය තරහෙන් ඔරවගෙනම ඉන්නා ආකාරයක් විතරක්ම පෙනේ….


ඒ සමග මීට අවුරුදු හතකට පමන පෙර ඇය අපේ ගෙදරටම විත් මට බැන ගිය ආකාරය මැවි මැවී පෙනෙයි…..ඒ කාලයේ මාත් නිරංජන් අතරත් සිදුවුන සිදුවීම් දිගටම මතක් වෙයි.....හාමුදුරුවෝ දිගටම බණ කියයි.....උන්නාන්සේ මොනවා කියනවාද යන්න මගේ ඔලුවට නොයයි..... පිරිමි කට්ටිය වාඩිවී සිටින තැන වාඩිවී සිටිනා, නිරංජන් සැරේන් සැරේ මා දිහා බලයි…...ඒ ඔහු මා දෙස බලන වාරයක් පාසා ඔහුගේ තියුනු ඇස්....මගෙන් මොනවද අහනවා වගේ දැනේ......මම ඔහුව නොදැක්කා සේ අහක බලාගෙන ඉන්නට උත්සහ ගන්නෙමි....නමුත් මගේ ඇස් ඔහුටත් හොරෙන් ඔහු දෙසටම ඇදේ...... මට විශ්වාසයි ඔහු,.... අපේ දුවව අදුනගත් බව...ඒ ඇගේ උපන් මාසය දිනය අනුවය …..


"අම්මි…..දුව මට බාගෙට කතා කරයි…


"ඇයි පැටියෝ….


"ඇය මට අමාරුවෙන් ඇගේ නහය පෙන්වූයේ අමාරුවෙන් හුස්ම ගන්න අතරමය.... මම මගේ ලග තිබුන හෑන්ඩ් බෑග් එකෙන් ඇගේ නහයට අල්ලන ඉන්හේලර් එක එලියට ගෙන ඇගේ නහයට ඇල්ලුවේ මට එය අවුරුදු ගානක් තිස්සේ ඇයට කර පුරුදු දෙයක් නිසයි.....


" අම්මෝ......අනේ…..අම්මේ…..අනේ...අනේ...මේ කවුද අර බණ කියන හාමුදුරුවන්ගෙ පිටිපස්සේ ඉන්නේ.....අනේ....ඒ.... මම හවස පාම්ගහ ලග දුටු කලු ගෑනු කෙනා නේද....? කුසුම් නැන්දා.....නේද… මාව ගැහෙන්න ගත්තේ....පුදුමාකාර බයකිනි.....අනේ….අනේ..මට බයයි…....නැන්දේ...ඇයි මේ…..මට විතරද නැන්දව පේන්නේ.....කෝ අනිත් අය ඔය ලස්සනට බණ අහන්නේ......හවස පාම් ගස් මුල දුටු කැත කලු වැරහැලි ඇදගත් කුසුම් නැන්දා….මගේ දිහා ඈත සිට රකුසු මුහුනකින් මා දෙස බලා හිදී…..මා ඇය දෙස බලනවාත් සමගම.....ඇය හෙමිහිට හෙමිහිට මගේ දෙසට ලං වෙන්නට එයි........කලුවට දිරාගිය ඇගේ අත්දෙක... මගේ දුව දෙසට දිගු වෙයි......අපි ලගට හෙමිහිට ඇය එයි.... ඇයව ඇයි වෙනකාටවත් පේන්නෙ නැත්තේ........හාමුදුරුවෝ ඉස්සරහ ඉන්න ඇයව ඇයි හාමුදුරුවන්ට පේන්න නැත්තේ....? ….අනේ….අනේ..නැන්දේ. අනේ..මගේ දුව….මම දුවව තදින් පපුවට තුරුලු කරගත්තේ නැන්දාගේ කලු දිග නියපොතු දුවගේ ඇගේ වැදෙයි කියා බයෙන් වගේ.....….ඇය මගේත් නිරංජන්ගෙත් දුව ඇරගෙන යයිද කියා මට දැනුනේ ලොකු බයකි..... …කුසුම් නැන්දා...මගේ පපුවට තුරුල් කරන් ඉන්නා දුවව හයියෙන් ඇදලා ගන්න උත්සහ දරයි…..මම එවිටම කෑ මොරසන් දුන්නේ බණ අසමින් සිටි හැමෝම බිය වද්දමිනි..... මගේ කෑගැහිල්ලට හැමෝටම බය වී ඇත….හාමුදුරුවෝ බණ කියන එක නවතා මා දෙස බලයි.......හැමෝම මාත් දුවත් දෙස බලා ඉදින්නේ බය වීය..


"අනේ...අනේ.. මගේ.දුව…ගන්න එපා... නැන්දේ….. එපා....මට තවත් කෑ ගැසෙයි.....


"ආ…ආ....අම්මි...අම්මි….දුව කෙදිරි ගාමින්...මාව තදින් බදාගෙන ඉදී…. ඇගේ මුලු ඇගම ගැහෙන්න පටන් ගෙන ඇත..... කවදාවත් ඇයට එලෙස වී නොමැත... ..එවලේ මට දරුවාගැන ඇතිවුනේ බයකි ..


මගේ කෑ ගැහිල්ලට...හාමුදුරුවෝ බන කියන එක නවත්වා ඇත...හැමෝම මා දෙසත් දුව දෙසත් බලන් ඉදී….නිරංජන් හිටි තැන නැගිට ගෙන....මාදෙසට එන්නට හදයි....


"ඇයි..මේ..."


"මොකද දරුවට සනිප නෑ වගේ නේද ..?.." හාමුදුරුවෝ අසයි.....


"ඉක්මනට හොස්පිටල් එකකට එක්ක යන්න....ෆිට් එකක්....


"ඇයි නංගි...බබාට සනීප නෑ වගේනේද…ඉක්මනට ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කගෙන යමු…..ෆිට් එක හැදිලා වගේ…..ලග හිටි තරුණ ගැහැනු කෙනෙක් කීය.


" ඔව්...අක්කේ අපි දුවව හොස්පිටල් එකකට ඇරගෙන යමු.....මම දුවවත් වඩාගෙන හිටි තැනින් නැගිට්ටේ හරි ඉක්මනටය….දිගටම මම දිහා බලන් හිටිය නිරංජන්ද ඒ සමග හිටි තැනින් දුව ආවේ දුවට අසනීපයක් කියා ඔහුට දැනුනු නිසා වන්නට ඇත. ..


"ඇයි සාරදා ..මේ....දුවව වෙව්ලනවා...හොදටම අමාරුයි වගේනේ...අපි ඩොක්ටර් කෙනෙක් ගාවට යමු…යං යං...කෝ දෙන්න දුවව මගේ අතට…."


"අනේ අක්කේ...ඔයත් එනවද මාත් එක්ක යන්න ….බලාගෙන ඉන්නත් බෑ...නිරංජන් මෙයාව ඉක්මනටම හොස්පිටල් එකකට ගෙනියන්න ඕනේ….


"ඔව්...ඔව්...පුලුවන් ඉක්මනට ඇරන් යන්න...."


"මල්ලි...මාත් එන්නද...? රංජන් අය්යා අසයි...."


"නෑ...අයියා ඉන්න...බණ ගෙදර වැඩ නවත්තන්නේ නැතුව කරගෙන යන්න...."


"සාරදා අක්කා....මමත් එන්නද...දිල්හානි නංගිද අපිත් එක්ක යන්න ලෑස්තියි ...


"නෑ...දිල්..ඔයා ගෙදර ඉන්න මේ ගෙදර වැඩ බලාගන්න..."


"යං ..යං..මම කාර් එකේ යතුර ගේන්නම්...අක්කත් එන්න සාරදාගෙ තනියට….."


ෆිට් එකක් හැදුන ලෙස වේව්ලන දුවව මගේ අතින්, ඔහුගෙ අතට ගත් නිරංජන් වාහනය පැත්තට දුව යද්දි...මමත් ඔහු සමගම දිව්වේ...බණ අහන්න ඇවිත් සිටි අපිට දුරින් නෑදෑවන අක්කා කෙනෙක් සමගයි..... බණ අසමින් සිටි හැමෝම අපි දෙස පුදුමයෙන් බලා හිදී..... හාමුදුරුවෝ බණ කියන එක නවත්වා ඇත.... එතන ඇත්තේ කඩිගුලක් ඇවිස්සුන ආකාරයකි.....


වාහනේ පිට්පස්සේ සීට් එකේ මම දුවත් සමග වාඩිවු අතර...නිරංජන් අර අක්කාත් සමග ඉස්සරහ සීටි එකේ ඉදගෙන වාහනය දාවනය කරයි...... ඔහු හරි වේගයෙන් වාහනය, ලගම රෝහලක් වෙත ගෙන ගියේ දුවගේ කෙදිරිල්ල අස්සේය.....


- හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

10 views1 comment

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

1 Comment


Prisila Godahewa
Prisila Godahewa
Aug 09, 2020

Like
bottom of page