top of page
  • Writer's picturePrisila Godahewa

අමුතු දීගේ 💞#2 අමුතු දීගේ💞#2

(23 වෙනි කොටස )


" ඊයේ ඉදන් ...ඇති වෙන්නම මුහුදේ නෑවා නේද අයියයි නංගියි..…. යං දැන් ඉක්මනට රූම් එකට......හුලං වැදෙන්න හොද නෑ….."


අපි හොටෙල් එකේ රූම් එකට ගොස් අලුත් ඇදුම් ඇදගෙන…. දවල්ට හොටෙල් එකේ...බෆේ එකෙන් ඇතිවෙන්න කෑම කෑවෙමු…... දරු දෙදෙනා සතුටින් දකින දකින දේ බෙදා ගෙන විත් කයි...හැබැයි කෑම අහක දමන තරමට නම් බෙදාගන්න මගෙන් තහනම්‍ ය.….


"පුතා ගානට බෙදා ගන්න..නාස්ති කරන්න එපා...මම සැර කරන බව දන්නා ඔහු බෙදාගත් කෑම ඔක්කොම කයි……"


"දුව...ඔයා ඔච්චර අයිස්ක්‍රීම් කන්න එපා...දිගටම වතුරෙ ඉදලා ඇවිත්…."


"පුතාගේ බඩ රබර්ද….බෙදා ගන්නව කනවා…."


"ඔහේ කාපුදේ සාරදා ...ළමයි කැමති එලියෙ කෑම කන්න… ඔය සැර නැති කෑම හොය හොය කන්නේ…"


"ඇතිවෙන්න කෑවනේ දැන් රූම් එකට ගිහින් ටිකක් මහන්සි ඇරලා... ඇදගෙන යමු….ගොඩක් හවස් වෙන්න ඉස්සර බණ ගෙදර යන්න ඕනේ….."


"එන්න දුව ඔයාට අන්දන්න….අද ඔයගොල්ලන්ට අපේ ගොඩක් නෑදෑයෝ දකින්න අදුනගන්න ලැබෙයි….ඒ නිසා ලස්සනට යන්න ඕනේ…."


"පුතා ඔයත් මේ ඇදුම ඇදගන්න…"

"ඔයා සුදු සාරියක්ද අදින්නේ...…..? මම අදමයි දැක්කේ… ඔයා …. සාරියක් ඇදගෙන ඉන්නවා…. අපේ වෙඩින් එකට පස්සෙ …..ඔයා හරිම ලස්සනයි ඔය සාරියට…කොහෙන්ද ඔය සාරිය…?


"අමතක උනාද ඔයාට …. මම ඉස්කොලේ ඇන්දේ සාරිනේ….ගෙදර තිබිලා ගෙනාවා….."


විකුම් ආසාවෙන් මම සරිය අදින දෙස බලා හිදී.


"නැන්දගෙ මළ ගෙදරත් යන්න බැරි උනානේ….ඊටත් අදුනන අය ගොඩක් ඉදියි... ඒකයි සුදු සාරියක්ම ඇන්දේ...මේ මගේ පරන සාරියක්."


"සාරදා ...අද දුව ඕනෑවටත් වඩා වතුරෙ නැටුවා...ඔය බලන්න ..ඔයා ගවුම ඇන්දුවාට පස්සේ පුටුව උඩම කිරා වැටෙනවා…."


"බඩත් ඕනෑවටත් වඩා පිරුනනේ….ඔය බුදිමත…. කෝකටත් එයාට හවසට දෙන්න කිරි එකක් හදාගෙන යන්න ඕනේ…"


"පුතා නංගිට කිරි එකක් හවසට දෙන්න ඕනේ.. නංගිගේ කිරි බෝතලය ගන්න….මම සාරිය ඇදගන්නකම්...


පුතා නංගිට, ඉදහිට මම කියන විදිහට කිරි හදා දෙන්න පුරුදු වී ඇත. මම කරන දේවල් ඔහුට හොදට මතකයි. ….ඔහු ඇයට ඉතා ආදරය කරන්නෙකි….. පුතා අපි නැවති සිටි රූම් එකේ ඉලෙක්ට්‍ර්ක් වතුර කේතලයට වතුර රත් වෙන්න තියා නංගිට කිරි හදයි…….


" දෙන්නම ඊයේ ඉදන් ගොඩක් අව්වෙ නැටුවා...මුහුදු හුලං වැදි වැදි….වතුරෙත් ගොඩක් වෙලා හිටියා….ඒකයි දුවට නින්ද යන්න ඇත්තේ...ගොඩක් මහන්සි උනානේ..…."


"ආ….ඔය ඇදේ වාඩිවුනේ… නිදිනෑ...මහන්සියට ඇස් පියාගෙන ඉන්න ඇත්තේ…..කොහොමද දුව ඔයාට නිදිමතද..?..විකුම් දුවගේ ඔලුව අත ගායි….දුව කිසිත් නොකිය එයාගේ බෝනික්කා අතට ගෙන අතගායි…


"සාරදා අපි දැන් මේ හොටෙල් එකෙන් යන්න ඕනනේ...පුතා අපේ බෑග් ලෑස්ති කරලා ගන්න ….දුවට අන්දලා ඉවරද සාරදා …


" ඔව්...ගේ ලගට ගිහාම ඔලුව පීරනවා..….දුවට කිරි එකත් පොවාගෙනම යමුද…? දුව ටිකක් මලානික පාටයි...මහන්සියට නිදිමත වෙන්න ඇති...….මම නම් ලෑස්ති වෙලා ඉන්නේ...ඔය දෙන්නත් ලෑස්තිද….එහෙනම් .ඔයගොල්ලෝ බෑග් කාර් එකට දාන්න….


"සාරදා….බණ ගෙදර අපි වැඩිවෙලාව්ක් ඉන්නෙ නැතුව ආපහු යමු හොදද…? දුවව වැඩිය මහන්සි කරවන්න හොද නෑ…..එයාට ඉක්මනට පහසුවෙන් නිදාගන්න දුන්නනම් මේ මහන්සි ගති ඇරිලා යයි…


"ඔයාගෙ යාලුවා දන්නවානේද අපි ඒගොල්ලන්ගෙ ගෙදර රෑට නවතින්න එන බව….?


"ඔව්..මම කිව්වා ... පුලුවන් ඉක්මනට බණ ගෙදර ගිහින් ආපහු යමු….."


අපි හිටපු හොටෙල් එකේ සිට මීගොඩ නිරංජනලගෙ ගෙදරට යන විට හවස හතරහමාර විතර වීනි..... තාම බණ අහන්න කවුරුත් ඇවිත් නොතිබුනු නිසා ගෙදර පාලු ගතියක් ඇත ..…..


මම මුල්ම වරටයි මේ නිරංජන්ලගෙ ගෙදරට ආවේ….සාලේ පුටු ඔක්කොම අස්කර බණ අහන්න පැදුරු එලා ලැස්ති කර ඇත. ගෙදර කවුරුත් පේන්න නැත.


වත්තේ ඈතක සිටි රංජන් අයියා අපිව දැක දුවගෙන විත් අප සමග කතා කරේ ඉස්සර වගේම සුහදවයි


" සාරදා නංගිව දැක්ක කල්…...අපට ඔයාගෙ හස්බන්ඩ් ව හම්බවෙලාම තිබුනේ නෑනේ…..අප්පේ දැන් ලොකු ළමයිනුත් ඉන්නවනේ….ඉතිං ඉතිං කොහොමද ...එන්න එන්න මේ පැත්තට වාඩිවෙන්න ….මේ …..මොකක්ද හස්බන්ඩ්ගේ නම කිව්වෙ නංගි...


"සොරි ..මම විකුම් ...ඔයා..


"මම රංජන් …..සාරාදාගෙ ලොකු මස්සිනා ….නිරංජන් ටිකක් එලියට ගිහින් දැන් එයි…..ආ..අර ඉන්නේ නිරංජන්ගෙ වයිෆ්…


".දිල්හානි" ….එන්න අපේ ලගම නෑදෑයෝ අදුන්නලා දෙන්න..ඔයාට මේ තමයි සාරදා ….මගේ එකම නෑනා…. අපේ මාමගෙ දුව…..දැන් ඉන්නේ පිටරට….මේ නිවාඩුවට ඇවිත්…..ඔයාට මතක ඇතිනේ සාරදා ගෙ අම්මලා අපේ අම්මගෙ මලගෙදර ආවා…. නැන්දයි අය්යයි විතරයි ආවේ….."


"ඉතිං ...ඉතිං ...නංගිලා කවද්ද ලංකාවට ආවේ….කවද්ද ආපහු යන්නේ….?රංජන් අය්යා නොනවත්වා කතා කරයි…. කාලෙකට පසු අපි ආ නිසා ඔහුට ලොකු සතුටක් ඇති වී ඇත.


"ඉතිං දිල්හානි කොහොමද …..? නිරංජන් අය්යගෙ වයිෆ් මෙච්චර ලස්සනයි කියලා අපි දන්නෙ නෑනේ….නිරංජන් අයියා එලියට ගිහින්ද…දිල්හානි..….?


" ඔව් එයා දැන් එයි…. මේ ඔයාගෙ දුවද….අක්කා….හරියට අපේ දුව වගේමයි...

අක්කේ දුවගේ වයස කීයද ...…?


"මේ සැප්තැම්බර් වලට අවුරුදු හය සම්පුර්ණ වෙනවා…


"ඇත්තද ...අපේ දුවට මේ දෙසැම්බර් වලට අවුරුදු හය සම්පුර්ණ වෙන්නෙ...ඒ කියන්නේ මාස තුනක වෙනසක් නේ දෙන්නට තියෙන්නේ…."


". ඒකනේ…..කෝ...මේ අපේ දුව….ආ..අර ඉන්නේ...දුව එන්න මේ…..ඔයාගෙ නැන්දා ඇවිත්…"


මගේ ලගට ආ …..ඒ දුව….හිතා ගන්න බැරි තරමට මගේ දුවගේ හැඩහුරුකම්ම ඇත. ඇය...නිරංජන්ගේ පලුවක් කියා බැලූබැල්මට පෙනෙයි…එතකොට මගේ දුවත් නිරංජන්ගේම පලුවක්නේ….අනේ මම විතරක් දන්නා රහස….


"ඔව්නේ….අපේ දුව වගේමයි...විකුම් ද නිරංජනගේ දුව දෙස බලා හිනාවේගෙන කීය.


"නෑනා මස්සිනාලාගේ ළමයි නේ…."


"ඔයගොල්ලෝ නෑන මස්සිනාලද…විකුම් මගෙන් ඇසුවේ පුදුමයෙන් මෙන්‍ ය.….ඔහු තවමත් නිරංජන් දැක නැත. ඔහුට අපේ ඇති නෑකම ගැන එච්චර නිනව්වක් නැත. ...ඔහුගේ නෝනා කියපු දේට විකුම් ඇසුවේ එසේය….."


"ඔයාට මතක නැද්ද...මේ අපේ නැන්දගෙ ළමයි ...."


"මොකක්ද දුවගෙ නම…දිල්හානි..."?


"සාරාන්‍යා…"


"ලස්සන නම…


"මොකක්ද අක්කලාගෙ දුවගෙ නම ?


"නිරංගා….


"අන්න තාත්ති ආවා…..


සාරාන්‍යා දුව දුවගෙන ගෙයින් එලියට ගියේ නිරංජන් ආබව කියාගෙනය….මගෙ හිත ගැහෙන්න ගත්තේය...අවුරුදු හතකට කිට්ටු කාලයක් නොදැක සිටි මගේ දුවගේ තාත්තා …..දකිනකම් ඉවසුමක් නැතිව හිටි මම... දැන් බයේ වෙව්ලන්නේ මන්දැයි මටම නොතේරේ…..


බෑග් මලු වගයකුත් ඇරගෙන.. සාරනයා දුවගෙ අතින් අල්ලන් ගෙට ඇතුල්වුනේ...නිරංජන් ය


" හෙල්ලෝ…...කොහොමද සාරදා …..අප්පේ...අදුනන්නත් බෑනේ….හැබැයි ඉස්කෝලේ ටීචර් වගේමයි සාරියට…. ?....විකුම්ව හම්බවෙලා, දැකලම තිබුනේ නෑනේ…..නිරංජන් විකුම්ගේ අතට අත දුන්නේය …..


"හෙල්ලෝ ..විකුම් ..කොහොමද ?


"හලෝ….මම මේ දැන් කියනකම් දැනගෙන හිටියෙ නෑනේ ඔයගොල්ලෝ සාරදාගෙ මස්සිනාලා කියලා …"


"මම කියලා ඇති...ඔයාට මතක නෑ...දැකලා අදුනගෙන හිටියෙ නෑනේ…."


"පුතා….කොහොමද ? අප්පේ දැන් හරි ලොකුයිනේ…..මාව අදුනනවද….නිරංජන් මාමාව…..? දවසක් මෙයා අසනිපවෙලා මම මෙයාව හොස්පිටල් ගෙනිහිනුත් තියෙනවා….මතක නෑනේ…..පුතා….?


"මේ දුව…..අපේ දුව වගේමයි නේද දිල්හානි …?…..


"ඔව්...ඒක තමයි මම සාරදා අක්කට කිව්වේ… අපේ දුවට වඩා මාස තුනකට තමයි මේ දුව වැඩිමල්…."


"නෑ….නිරංජන්ගේ ඇස් උඩ ගිය ආකාරක් මට පෙනින….. ඔහු අනෙක් අයට නොපෙනෙන ලෙස මගේ දිහා බැලුවේ ක්ශනිකයෙනි..…...ඔහු මගේ ඇස් දෙක දිහා බැලුවේ එහි පතුලටම බැස මේ මොකක්ද මේ කතාව...මේ ආරංච්ය කියන ලෙසය….


"අපට විකුම් හම්බවෙලාම නෑනේ….. විකුම් කොයිකාලෙද ලංකාවට ආවේ…?


" අවුරුදු හතකට විතර උඩදි…. මම ලංකාවට ඇවිල්ලා අවුරුදු දෙකක් හිටියා නුවර ...ඒත් අපට ඔයගොල්ලෝ හම්බුනේම නෑනේ..


"ඔයගොල්ලන්ට බණ ගෙදර වැඩ ඇති නේද...අපි ඇවිල්ලා වැඩ පාඩු වෙයිනේද…?


"නෑ..නෑ...ඔක්කොම වැඩ ඉවරයි...දිල්හානි.....සාරදා නංගිලාට තේ බොන්න දෙන්න…...මම ඉක්මනට වොශ් එකක් දාගෙන ඇදුමක් ඇදගෙන එන්නම්…...හතට කාලක් තියෙද්දි රංජන් අය්යව පන්සලට අරින්න ඕනේ හාමුදුරුවෝ වඩම්මන්න…


"එන්න අක්කා තේ බොන්න …


"විකුම්...අර කාරෙකේ තියෙන තෑගි බෑග් ටිකත් ගේන්නකෝ….මේගොල්ලන්ට දෙන්න…අය්යා එවපු තැබිලි ,පොල් ටිකත් බාගන්න...


"යමු අක්කා තේ බොන්න….


"මේ ගේ නිරංජන් අය්යා හදපු ගේ වෙන්න ඇති…."


"ඔව්...අපි දෙන්නා එකතු වෙලා තමයි ගෙදර ගොඩක් වැඩ ඉවර කරගත්තේ…."


ගෙදර ලොකුවට හැදුවට තවම ගෙදර වැඩ හරියටම ඉවර නැති බවක් පෙනේ…".දිල් "නංගි…..රැකියාවක් කරන කෙනෙක් නිසා දෙන්නත් එක්ක එකතු වෙලා ගේ ලස්සනට හදා ඉවර කරගෙන යන බවක් පෙනේ…


" දිල්හානි කෝ...මාමා…දැක්කෙම නෑ…..


"තාම ආවේ නෑ…. අම්මා නැති උනාට පස්සෙ රංජන් අය්යලාගෙ ගෙදරනෙ ඉන්නේ...


" අපි තේ බොමුද….?"


"අප්පේ...ලොකු තේ මේසයක් ...ඔක්කොම කැවිලි ජාති හදලා….."


"හෙට දානෙටත් එක්ක හැදුව කැවිලිත් තිබ්බා…."


"සාරදා ...මට කම්මැලියි බණ අහන්න ඉන්න...මම පාලිතලගෙ ගෙදර ගිහින්...යාලුවො සෙට්වෙන්නේ කීයටද බලන්න යන්නද..…? මම ගෙනාපු බෝතල් බයිට් පැකට් එහෙමත් වේලාසන දෙන්න ඕනේ….මම යන්නද?...... මම බණ අටට ඉවරවෙන වෙලාවට ආයෙත් එන්නම්...වැඩි දුරක් නෑනේ...විනාඩි පහලොවකින් විතර එන්න පුලුවන් ...මම ඉක්මනට එන්නම් ...හොදද ?


" තේ බිලා සද්ද නැතුව යන්න ….කිය කිය හියොත් තරහ වෙයි බණ අහන්න හිටියේ නෑ කියලා ….අනේ මේ…..මට මේ ළමයි දෙන්නම බලාගන්න බෑ….ඔයා පුතාවත් එක්ක යන්න...ඒ ළමයට බණ ඇහුව්වට තේරුම් ගන්නත් බෑනේ...


"එහෙනම් මම පුතා එක්ක යන්නම්….. "


"තේබිලා හෙමිහිට යන්න …"


"අපි යනවා….සාරදා... දුව ගැන ඇහ ගහගෙන ඉන්න...පොඩ්ඩක් එයාට මහන්සි පාටයි…. පරිස්සමෙන් ….මම ඔයාගෙ හෑන්ඩ් බෑග් එකට දුවගෙ බෙහෙත් දැම්මා….


"හරි මම බලන්නම්…..ඉක්මනට එන්න...තව පැයකින් විතර බණ පටන් ගනියි…"


විකුම් පුතාත් සමග පාලිතලාගෙ ගෙදර ගියේ කාටවත් නොකියයි. එයා ගිය එක කාටවත් නොදැනුනේ...බණ ගෙදර වැඩ නිසයි.

මම කාටවත් කරදර නොකර ගෙදර වත්ත පැත්තට මුහුන දාලා ඇති ඉස්තෝප්පුවේ පාලු තැනක වාඩිවුනෙමි…


"ඈ...අනේ..අර...කවුද ...??????මගේ ඇග හිරි වැටි ගියේ...වත්තෙ කොනක තිබු පාම් ගස් යාය අස්සෙන් මම දුටු දෙයටයි…..මම නැවත ඇස් ලොකු කර බැලුවේ මම දුටු දෙය ඇත්තක්ද කියා නැවත හරියට දැක ගන්නයි….ඒත් කලුවර පාම් ගස් යාය ලග ...දැන් කවුරුත් නැත...එතකොට මම කාවද ඒ දක්කේ…..දෙවියනේ මම ඇත්තටම පන පිටින් වගේ දැක්කේ...කුසුම් නැන්දවනේ….ඒත්...කොහෝමද එච්චර කලුවට මම නැන්දව දැක්කේ…. රකුසු මුහුනකින් වැහැරි ගිය නැන්දා...මගේ දිහා බලන් ඉදලා….එකපාරටම කොහොමද නැතිවී ගියේ…..ඒ නම් මා දිහා කේන්තියෙන් බලන් හිටියේ කුසුම් නැන්දම තමයි …..ඒත් දැන් කවුරුත් එතන නෑනේ…. නෑ….ඒ…. මගේ හිතේ කාන්සියට එහෙම දකින්න ඇති….. කෝකටත් මම වාඩිවී සිටි පාලු තැනින් නැගිට ගේ ඇතුලට යන්න නැගිට ගත්තෙමි….


-හෙට හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

145 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comentários


bottom of page