top of page
  • Writer's picturePrisila Godahewa

අමුතු දීගේ 💞#2 අමුතු දීගේ💞#2

(22 වෙනි කොටස)

" කොහොම හරි එන සෙනසුරාදා බණ අහන්න එන්න සාරදා …..පුදුම ආසාවක් තියෙන්නෙ ඔයාව දකින්න…"


"බලමු…"


"ඇයි බලන්නේ….මම කියන හින්දා එන්න සාරදා .....

විකුම් ,බබාලා එහෙමත් ආවද …?..ඒ දවස්වල විකුම් ලංකාවට ආව ගමන් ඕගොල්ලෝ නුවර පදිංචියට ගියා කියලා මට ආරංච් උනා…..ඒකයි මම කතා නොකරම ඔයා බලන්න එන්නෙත් නැතුව මග ඇරියෙ….. විකුම් ආවට පස්සෙ ඔයාට දුවෙකුත් හම්බුනා කියලා මට ආරංච් උනා....ඔයගොල්ලන්ගෙ සතුටට භාදා කරන්න හොද නැති නිසා මම ඔයාව මග ඇරලා හිටියේ....මොනවා උනත් ආයෙත් විකුම් ලංකාවට ආපු එක ගැන මට තිබුනේ සතුටක් .....ඔය දෙන්ට හොද පවුල් ජීවිතයක් ගත කරන්න ඇරලා මම අයින් වුනේ...."


"බොරු කියන්න එපා…. ඒ නැන්දට බයේ…."


"පිස්සුද…., ඔයා මට ඒ පැත්තේ එන්න එපා කියලා සුමානයක්වත් ගියේ නෑනේ….. විකුම් ආවා කියලා මට ආරංච් උනා….අපේ අම්මා කිව්වේ….ඒ එක්කම මම කසාද බදින්න තීරනය කලෙත් ඔයාට මාව ලේසියෙන් අමතක කරන්න පුලුවන් වෙන්න…ඒකයි කෝල් එකක් වත් නොදි නෑවිත් හිටියේ…."


"හිතනවද.... ලේසියෙන් අමතක කරන්න පුලුවන් කියලා …..."


"මම දන්නවා මට වගේම ඔයාටත් .... අමතක කරන්න පුලුවන් දේවල් නෙමේනේ උනේ කියලා …..ඒ උනාට අදටත් මම ඒ පහුගිය දේවල්.... ඔයාව, මතක් කරලා සතුටු වෙනවා….."


"මම හිටියේ ඔයත් එක්ක හරි කේන්තියෙන් ….තාමත් මම මේ කතා කලාට ඔයත් එක්ක තරහයි…."


"මට සොරි කියන්න බෑ සාරදා …..ඒ උනාට අද අපි දෙන්නම සතුටින් හොදින් ඉන්නවානේ…..ඒ නිසා ඒ කාලේ වෙච්ච දේවල් අමතක කරලා අපි ඉස්සර පොඩි කාලේ හිටියා වගේ අය්යයි නංගියි වගේ ඉමු….."


"ඔයාට ඉතිං කියන්න ලේසියි නේ…..මට විතරනේ ඒකේ අමාරුව දැනුනේ….අදටත් දැනෙන්නේ….."


"ඇයි…..සාරදා …..? ..අපි දෙන්නම දැන් හොදට ඉන්නවනේ….මාව අදුනන එක ඔයාට ප්‍රශ්නයක් උනාද…? ඒ කිව්වෙ විකුම් අපේ සම්බන්ධය දැනගෙන ඔයාට ප්‍රශ්නයක් උනාද...?


"නෑ….නෑ….එහෙම මුකුත් නෑ….ඒවා අපි අමතක කරලා දාමු…..අපි සෙනසුරාදා බණ අහන්න එන්නම්…."


"වේලාසනින් එන්න….බණ අහන වෙලාවටම එන්න එපා….අපට නිදහසේ කතා කරන්නත් බැරි වෙයි…..හතර පහ වෙනකොට එන්න….හොදද….?


"බලමු…..මම තියන්නම් ….අයියා බලනව ඇති අපි මෙච්චර වෙලා මොනව කතා කරනවද කියලා …."


"කෝ...විකුම් ..?


"අද යාලුවො වගයක් හම්බවෙන්න ගිහින්…"


"බබලා…දැන් ලොකු ඇති නේද….?.පුතාට නම් මාව මතකත් ඇති….දුවව තමයි මම දැක්කෙත් නැතේ......සාරදාට දුවෙක් ඉන්නවා කියලා අයියා කිව්වා ….දැන් එයා ලොකුද...? බැරියෑ බණ ගෙදර ආපුවහම දකින්න….කෝ දැන් ඒගොල්ලො …?


"ඒගොල්ලෝ...අයියගෙ දුවත් එක්ක සෙල්ලම් කරනවා.. …"


"හරි සාරදා ...එහෙනම් සෙනසුරාදා නොවරදාවාම එන්න...බායි….

"ගුඩ් නයිට් "


"ගුඩ් නයිට්"…


අවුරුදු ගානකට පසු ඇසුනු ඔහුගේ කටහඩ මාව වෙනස්ම ලෝකෙකට ගෙන ගිය ගානයි..මේ සෙනසුරාදා කොළඹ ගොස් ඔහුව දකිනකම් මට ඉවසුමක් නැති විය


"අයියේ නැන්දගේ තුන්මාසේ දානෙට අය්යලා කොළඹ යනවද…?


"අනේ මන්දා ...සෙනසුරාදාට දවසෙම දුවගෙ පංති…. තකහනියක් කෝල් කරලා එන්න කියපු නිසා, නංගිලා වත් ගිහින් එන්න...අපි නොගියට කමක් නෑ…අපි හත්දවසේ බනට ගියානේ…..මම දානෙට ගන්න තැබිලි පොල් එලවලු එහෙම ලෑස්ති කරලා දෙන්නම්…..නංගි විකුමුයි ළමයිනුයි එක්ක ගිහින් එන්න….නංගි .කාලෙකින් දැක්කෙත් නෑනෙ නෑදෑයෝ ….එදාට පරන නෑදෑයෝත් හම්බවෙයි….."


විකුම් නම් මෙවර ලංකාවට ආව දවසේ ඉදන් පරන යාලුවො නෑදෑයෝ හම්බවෙන්න යයි...විනෝද ගමන් යයි… අපිවත් එහෙ මෙහේ එක්ක යයි…..ඔහු උපරිමයෙන්ම මේ නිවාඩු ගමන විදියි.


"විකුම්, ඔයාට තව කොළඹ යාලුවෝ දෙතුන් දෙනෙක් හම්බවෙන්න යන්න තියෙනවා කිව්වා නේද...?.එන සෙනසුරාදා නැන්දගෙ තුන්මාසේ බණ …. නැන්දගෙ බණ ගෙදර යන ගමන් ඔයා යාලුවො හම්බවෙන්න යන්න දාගන්න.......?


"මේ සෙනසුරාදා නේද ...යමු...මම මගේ කොළඹ යාලුවො දෙතුන් දෙනාට කියන්නම් එදාට සෙට් වෙමු කියලා .....එහෙනම් සෙනසුරාදා රෑට අපි යාලුවාගෙ ගෙදර නැවතිලා.... ඉරිදා හවස එමු….".


"ඔව්..එහෙම කරමු...එහෙනම් බබාලගෙ ඇදුම් ටිකක් එහෙම වැඩිපුර අරගෙන යමු…..."

"එහෙම නෙමේ විකුම් ..... අපි සිකුරාදා උදේට කොළඹ ගිහින් බීච් හොටෙල් එකක රෑට නැවතිලා …..සෙනසුරාදා දවල්ට නැන්දලාගේ ගෙදර යමු…..සෙනසුරාදා රෑට නේ ඔයාගෙ යාලුවගෙ ගෙදර සෙට් වෙන්නේ…."


"ආ...ඒක හොදයි ...පුතා ලංකාවට එන්න ඉස්සර ඉදන් කිය කිය හිටියේ එයාට බීච් එකක... පූල් එකක බැහැලා නාන්න ඕනේ කියලා …..අපි එහෙනම් හොද බීච් හොටෙල් එකක් බුක් කරගෙන සිකුරාදාට යමු….."


"ඔව් සිකුරාදා ගිහාම ....,අපට හොටෙල් එකෙන් සෙනසුරාදා දවල්ට කාලම නැන්දලාගෙ ගෙදර... හතර පහ වෙනකොට යන්න පුලුවන් ….. ටිකක් වේලාසන බණ ගෙදර යන්න ඕනේ…..කාලෙකින්නේ යන්නේ….."


"ඒක හොදයි…...ආයෙත් කැනඩා යන්න ඉස්සර ලමයින්ට ලංකාවේ බීච් එකක නාන්න දීලා….. පූල් එකකට දාලා ටිකක් සෙල්ලම් කරන්න ඇරලා හවස් වෙන්න බණ ගෙදර යමු…..බණ ඉවරවුන ගමන් අපි පාලිතලගෙ ගෙදර යමු...හොදද....? කොල්ලෝ රෑට එහේ ජොලියක් දාලා සෙට් වෙමු කියලා තියෙන්නේ හම්බුන දවසක…..කොළඹ ගිහින් වැඩ දෙක තුනම කරගෙන එන්න පුලුවන් ඒකත් හොදයි ....."


සෙනසුරාදා බණ ගෙදර යන්නත්.....දුවයි පුතයි බීච් හොටෙල් එකකට එක්ක යන්නත්.....සිකුරාදා වෙනකම් මම බලාසිටියෙමි......

සිකුරාදා උදෙන්ම දුවයි පුතයි ලෑස්ති කරගත්තේ කොළඹ යන්නයි…..ඔවුන්ද ඒ ගමනට ලෑස්ති වුනේ පුදුම ඕනෑකමකිනි......

අපි කොළඹ යන ගමන්ම....බීච් හොටෙල් එකකට ගොස් දවසෙම දුවයි පුතාටයි නිදහසේ මුහුදු වෙරලේ, පූල් එකේ සෙල්ලම් කරන්න ඇර එදින රාත්‍රියේ හොටෙල් එකක නැවති පසුදින…...වේලාසන බණ ගෙදර යන්න ලෑස්ති කරගෙන උන්නෙමු .


සෙනසුරාදා බණ ගෙදර අදින්න ,හොදම ලස්සන ඇදුම් මම ලෑස්ති කරගෙන ආවෙමි. කාලෙකට පසු මට බණ ගෙදර සුදු සාරියක් අදින්න සිත් විය. ඒ නිරංජන් කවදත් මම සුදු සාරි අදිනවාට කැමති නිසා යැයි මගෙ හිත කියයි…….ඕනෑවටත් වඩා හැඩවැඩ වී ලෑස්ති වී ඔහු බලන්න යන්නේ ඇයිදැයි මම මගේ හිතෙන්ම අසන්නෙමි..…..පහුගිය කාලේ අප අතර මොනවා සිදු උනත්….මොනවා හිතේ තිබුනත්…..මම හොද හස්බන්ඩ් කෙනෙක් ඉන්න, හොද බිරිදක් බවත් සිහිවේ…...නමුත් පාසැලේ ගිය කාලේ හිතේ තිබු සෙනහස... අදටත්….හිත සතුටින් තියා ගැනිමට ඒ මතකය උනත් ඇතිබවද දැනේ.….


මගේ හිත සතුටින් පිරි ඇත.....

මට නම් හිතෙන්නේ මේක මට විතරක් තිබෙන පිස්සුවක් නෙමේ කියලයි….කොයි තරම් වයසට ගියත්….කොයිතරම් ලොකු ළමයි හිටියත්….කොයිතරම් හොද හස්බන්ඩ් කෙනෙක් හිටියත්….කොයිතරම් හොද පවුල් ජීවිතයක් ගත කරත්…. මොන තරාතිරමක හිටියත්....තරුණ කාලේ... ,පාසැල් කාලේ...ජිවිතේ මුල්ම වරට හිතට දැනුන ....ප්‍රතම ප්‍රේමය නම්... ජීවිතේ තිබෙන තුරා කිසිම කෙනෙක්ට..... මැරෙනකම් අමතක කරන්න පුලුවන් දෙයක් නම් නෙමේ කියා කොතනකද ලියා තිබුනාද මට මතකය....එය නම් ඒ ලෙසම වෙයි….ජීවිතේ තනිවුන මොහොතක කාටත් හොරෙන්…..ඒ පරණ ප්‍රේමය මතක් කර.... හිතින් සුන්දරව විදින්න පුලුවන් මොහොත.... තරම් සතුටක්... ප්‍රේමය පරාද වූවන්..... හැම කෙනෙකුටම දැනෙන දෙයක් කියලයි මට හිතෙන්නේ….හිතට දැනුන ප්‍රතම ප්‍රේමය.....මහා ලොකු ආදරකතාවක් නොතිබුනත්.....යාන්තමට හෝ හිතට දැනුන ප්‍රතම ආදරය..... තරම් අමතක නොවන තවත් දෙයක් ....කාහට උනත් තව නැතිව ඇති යැයි මට සිතේ......


සිකුරාදා හවස දෙක තුන වෙනකොට වාද්දුවේ ලොකු හෝටලයක නවතින්න ආ අපි හතර දෙනා හවස් වරුවෙම මුහුදු වෙරලේ සෙල්ලම් කරමින්.... මුහුදු හුලං විදිමින් මුහුදු වතුර නෑවේ හරි සතුටිනි….


එදින රාත්‍රි ආහාරය... හෝටලයේ රෙස්ටුරන්ට් එකේ ගත්දී..දුවයි පුතයි එහෙ මෙහේ දුවමින් හිතේ හැටියට කෑම බීම බෙදාගෙන සතුටින් කන බොන හැටි දැක විකුමුත් මාත් හිටියේ සතුටිනි.


අපි රෑට නවතින්න හතරදෙනාටම එකම කාමරයක් ගත්ත නිසා...රාත්‍රියේ හතර දෙනාම එකම විශාල ඇදේ එකට තුරුලු වී විහිලු තහළු කරමින්.... දරුවන් සතුටින් කෑ ගසමින් නිදාගත්තේ ලොකු සතුටිකිනි.


පසුදින උදේ ආහාරයෙන් පසුත් දුවත් පුතත් තද අව්වේ මුහුදු වෙරලේ සෙල්ලම් කරමින් නාමින් සිටියේ විකුම් සමගිනි….ලංකාවට ඇවිත් හිතේ හැටියට එහි සුන්දරත්වය බලමින් විදිමින් දරු දෙදෙනා සිටිම මට ඇතිකලේ සතුටකි.….ඔවුන් දෙස බලමින් හෝටලයේ පොල් ගස් සෙවනේ මම විවේක සුවයෙන් සිටියේ හවස නිරංජන් දකින්න තියෙන ආසාවෙනි.


"අම්මි ඔයත් එන්නකෝ අපිත් එක්ක නාන්න…"


"අනේ ඔව් අම්මි එන්නකෝ….."


"මම පූල් එකේ නාන්න ඇදුම් ගෙනාවෙ නෑනේ….


"අම්මි ඔහේ හිටපුවාවේ….ඔයගොල්ලෝ එන්න මාත් එක්ක නාන්න…"


"අපි මුදේ ඇති වෙන්න නෑවානේ...දැන් තව ටිකක් පූල් එකේ නාලා කන්න එන්නම්..…?


විකුම් දුවයි පුතයි එක්ක හොටෙල් එකේ.... පූල් එකේ බැස සෙල්ලම් කරමින් නාන්නේ සතුටිනි….ඔවුන් නාන දෙස පොල් ගස් හෙවනේ ඇති දිගෑදෙන පුටුවේ දිග ඇදී මම බලා සිටියේ සැහැල්ලුවෙනි….ඒ එක්කම අද මට නිරංජන් දැක ගන්න ලැබෙන එක ගැන ඇත්තේත් නොවිසිල්ලකි....හවසට ලස්සනට ඇදගෙන යන්න ඕනේ...එයාගෙ වයිෆ් ගොඩක් ලස්සන කෙනෙක් කියලා අය්යා කිව්වනේ…..


පොල් ගස් හෙවනේ ඇස් පියාන ඉදිද්දි මට නිරංජන් අපේ ගෙදරදී තනියම හමුව් මුලින්ම අපි එකතු උන දවස සිහිවී හිත පුරා පැතිර ගියේ මිහිරි හැගුමකි.


මීට වසර හතකට පමන පෙර…….විකුම් ලංඩන් වල අතුරුදහන් වී සිටි කාලයේ…….පුතා අසනීප වී ඩිස්පැන්සරියේ සිට නිරංජන් එයාව වඩාගෙන අපේ ගෙදර ආදා …..උන සිදුවීම් සිහියට ආවේ….සිහිනයක් සේය….


සාලේ කෑම මේසය ලග ඉදගෙන කොත්තු පැකට් දෙකක් කෑ අප දෙදෙනා කුස්සියේදි හමුවුන විදිය….එකට බැදුනු විදිහ……


නිරංජන් කුස්සියට ගිහින් අත හෝදා ගෙන එනවිට මාත් කුස්සියට ගොස්…. අත සෝදනකම්.... සර්වියට් එකෙන් අත පිස දමමින් කුස්සියේ එහේ මෙහේ ඇවිද ඇවිද සිටි නිරංජන් එකවර නැවතී ඇස්පිල්ලන් නොගසා මා දෙස බලා සිටි අකාරය දැක මගේ හිත ගැස්සිනු ආකාරය …... අත සෝදා ඉවර කල මම සින්ක් එක ලග සිටම සර්වියට් එකෙන් අත පිසදා ගත් හැටි සිහිනයක් සේ පෙනේ..........


මට පිටුපා.... හෙමිහිට ඇවිදගෙන මා ලඟට ආ නිරංජන් ..... මගේ ඉනවටේ අත් දෙක දමා බදා ගෙන හෙමිහිට....... මගේ ඔළුව උඩින් ඔහුගේ නිකට තියා ගත් හැටි...... ඔහුගේ සිරුරට මාව හෙමිහිට තරපවා අල්ලාගෙන හිටි හැටි…....... ඉන් පසු ඔහුගේ මුහුන මගේ බෙල්ල පිටුපසින් හෙමිහිට තියාගෙන මගේ ගෙල හෙමිහිට සිප ගත් හැටි….ඔහුගේ සිරුරේ උනුසුම මගේ සිරුර පුරා ඇඟ හිරි වට්ටවමින් දුව ගිය හැටි...….


නිරංජන් කවදාවත් නැතුව මගේ ඉන වටේ අත දාගෙන මගේ ගෙලේ මුහුන හංගාගෙන හෙමිහිට මා සිප ගනිද්දී…... මට දැනුනේ මම වෙනම ලෝකෙකට ගෙන ගිය. ආකාරයකි…... අමුතුම හැඟීමකින් මගේ හිත පිරී යද්දී....... මා කිසිත් නොකියා එලෙසම සිටියේ ඒ උනුසුම් සිහින් සිප ගැනීමෙන් මගේ හිත සතුටින් ගැහෙන්න පටන්ගෙන තිබුන නිසයි .......…..මගේ පිටට දැනෙන ඔහුගේ මුලු ඇගේම උණුසුම මම විදගත්තේ කියා ගත නොහැකි සතුටකිනි......මට වත් සිතා ගැනිමට නොහැකි අවස්තාවක ලද මිහිරි සැප... සිහිනෙන් ලද සැපක් සතුටකි.…එය අදටත් මට දැනෙනා ගානයි.....


‘‘අකමැත්තක් නෑනේ.’’ මගේ කනට කර රහසක් කියන්නා

සේ ඔහු හෙමිහිට ඇසුවේ.....

මම හෙමිහිට ඔලුව දෙපැත්තට වැනුවේ අකමැත්තක් නෑ කියනා ලෙසය.....


නිරංජන් මාව හෙමිහිට ඔහුගේ පැත්තට හරවාගත්තේ මගේ අකමැත්තක් නැති බව දැනගෙනය....…මගේ හිතත් සතුටින් පිරී ඇත......ඔහු හෙමිහිට මා තදින් ඔහුගේ සිරුරට තරුළු කරගත්තේ මගේ මුලු සිරුරම පන නැතිවේගෙන එද්දීයි... . ඒ උණුසුමට වශීවුන මං ඔහුගේ පපුවට හිස තියාන තව තවත් තුරුළු උනේ ඔහු මා අත අරියි කියා බියෙනි.....


මම විවාහ උන කාන්තාවක් උනත් සුමාන දෙකක් වැනි පුංච් කාලයක් පමනක්.... අබුසැමියන් ලෙස සැමියා සමග එකට සිටි මට ... ඒ කෙටි කාලයට දරුවෙකුත් ලද මා අවුරුදු තුනක්ම සැමියෙක් නැතුව, දරුවත් සමග තනියෙන් ජීවිත් උන ගැහැනියෙකි….. අවුරුදු තුනකට පෙර සැමියාගෙන් ලද ආදරනීය ස්පර්ශය.....ආදරය…..උනුසුම .........මගේ ප්‍රතම ආදරය හිමි වුන ඔහුගෙන් ලබද්දී .....එනම්.... නිරංජන්ගෙන් ලැබෙද්දී....,මට මගේ ආදර සැමියා විකුම් අමතක වී ගොස්…. මා සිටින්නේ කොහේද කියාද අමතකවිය…... අමුතුම ලෝකයකට මා ගෙන ගියේ නිරංජන්ගේ උනුසුම් තොල් පෙති මගෙ තොල් මත එහෙ මෙහෙ ගොස්.....මා සිප ගනිද්දීය….... මගේ හිතේ ගතේ කාලයක් තිස්සේ හිරවී තිබූ සියලු හැඟීම් දිය වී ගියේ මටත් නොදැනීමය…..... ගොඩ වේලාවක් එලෙස එකිනෙකා හා ගත වෙලී සිටිමින්.... සිපගත් අප..... අපේ ම ලෝකයකට පිවිසියේ ටික වේලාවකට පසුයි...


‘‘අද මං රෑට නවතින්ද...?’’


මගේ මුහුණ ආදරයෙන් සිපගනිමින්ම..... රහසින් මෙන් කනට කර නිරංජන් ඇසීය…. මගේ ඇග හිරි වැටී ගියේ....අද රෑ ඔහු සමග මේ වහල යට එකට ඉන්නට ලැබෙන බව දැනී සතුටිනි........ මම මුකුත් නොකිව්වෙමි…...මම ඔහුගේ දෑතට හිර වී ඉන්නා ගමන් ඔහුගේ දෙනෙත දිහා බැලූවේ මගේ අකමැත්තක් නෑ කියන්නා සේ ය.


විකුම් සමඟ විවාහ වී අබුසැමියන් ලෙස මට එකට ජීවත්වන්නට ලැබුණේ සුමාන දෙකයි….. ඔහු විවාහයෙන් පසු රට ගිය දින පටන්..... මම ඔහුගේ, බිරිඳ ලෙස අවුරුදු තුනක් තනියම පිරිසිදු ලෙස ගත කළෙමි…... . ඔහුගේ ලෙයින් සැදුණු කිරි පස්පයාව ද බලා කියා ගනිිමින් ඔහුවද පෝෂණය කරමින් මා ගත කළ අවුරුදු තුන පුරාවට ම මම ඉතා අවංකව පිරිසිදුව විකුම්ගෙ බිරිඳ ලෙස ජීවත් වුණෙමි……


ඒත් දැන් මම අපිරිසිදු වුන ගැහැනියක් වී ඇත...අනියම් පෙමක් නිසා මට ඔහුගෙ ලෙයින් සෑදුනු දියනියක්ද දායාද ලෙස ලැබී ඇත.....අදටත් මගේ ආදරනීය සැමියාට රසක්වී තිබෙනා... ඒ මගෙත් නිරංජන්ගෙත් දියනිය….විකුම් ඔහුගේ දියනියක් ලෙස ආදරයෙන් රැක බලා ගනී….මම කොයිතරම් නම් බොරු කාරියක්ද කියා .....මට මම ගැනම ඇතිවෙන්නේ කලකීරිමකි...…..


"සාරදා ඔයා ගස් හෙවනේ නිදිද… මේ දුවව දැන් හෝදලා ඇදුමක් අන්දන්න….ගොඩක් වෙලා එයා අව්වෙයි වතුරෙ හිටියා….අපි දැන් දවල්ට කන්න යමු."


විකුම් දරු දෙදෙනා සමග සෙල්ලම් කර නා ඉවර වී ඇවිත් ඇත.


-හෙට හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

2 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Коментарі


bottom of page