top of page
  • Writer's picturePrisila Godahewa

අමුතු දීගේ 💞#2 අමුතු දීගේ💞#2

(21 වෙනි කොටස)

එන්න එන්නම, නිවාඩුවට ලංකාවට යන දිනය ලං වුන නිසා….…. මම ඒ ගමනට අවශ්‍ය දේ ලෑස්ති කරගන්නට මහන්සි වෙන්න පටන් ගත්තෙමි…... දුවයි පුතයි ලංකාවට යන්න වගේම ෆ්ලයිට් එකේ යන්නත් ආසාවෙන් ඔවුන්ගේ බඩු මුට්ටු ලෑස්ති කර ගනිමින් ඉන්නේ පුදුම නොවිසිල්ලෙනි.


ඔස්ට්‍රේලියාවේ විකුම්ගේ අක්කලා, අම්මලා බලන්න ගිය ගමන වගේම මේ ගමනත් ඔවුන් යන්නට ලෑස්ති වී ඉන්නේ සතුටිනි...... විකුම්ට වඩා මටයි දරු දෙදෙනාටයි ඒ ගමන ඉතා වැදගත් විය. විශේෂයෙන් මට අවුරුදු පහකට පසු ලංකාවට යන මේ ගමන ඉතා විශේෂ විය..... අම්මා, අයියා වගේම නිරංජන් හා ඔහුගේ දියනිය දැක ගැනීමත් මගේ ආසාව ඉලක්කය විය......


පුතා දැන් අවුරුදු නමයක ලොකු දරුවෙක් වෙන අතර දුවද අවුරුදු හයක ලස්සන දැරියක්වෙයි...... දුවට, ලංකාව ගැන හා එහි සිටින නෑදෑයින් කිසි කෙනෙක් ගැන මතකයක් නැත. නමුත් පුතාට ආච්චි, මාමා, නැන්දා හා සෝමා හොදට මතක බව ඔහු පවසයි ..…..ඔහුට නිරංජන් මාමාද හොදටම මතකය. ... අප කැනඩාවට ආ පසු මෙහිදි දුව හා පුතා පාසැල් යන්නට පටන් ගත් පසු ඔවුන් පාසැලේ අනෙක් ළමයින් මෙන් ඉංගිරිසි භාශාව කතා කරන්න වැඩි කැමැත්තක් දක්වන්න පටන් ගෙන ගෙන ඇති නිසා, ඔවුන් දෙදෙනා ගෙදරදීද ඉංගිරිසියෙන්ම කතා කරයි..... විකුම්ද ඔවුන් සමග ඉංගිරිසියෙන් කතා කිරිම නිසා ,දරුවන් දෙදෙනාම......., මම ගෙදරදි සිංහලෙන් කතා කරද්දි ඔවුන් ඉංගිරිසියෙන් උත්තර දෙන්න පටන් ගෙන ඇත ...... මුල් කාලයේ ඔවුන්ට ඉංගිරිසි ඉගැන්වීමේ ආසාව නිසා, මම එයට ප්‍රතිචාර නොදැක්වු බැවින් ,දැන් ඔවුන් එයට දිගටම පුරුදු වී ඇත..... නමුත් දරු දෙදෙනාටම සිංහල හරියට කතා කිරිමට නොහැකි උනත් සිංහල වචන තේරුම් ගැනිමේ හැකියාව ඇත.


"සාරදා ...දැන් ලංකාවට ගෙනියන දේවල් ලෑස්තිද ..?


"ගොඩක් දුරට ලෑස්තියි …ඔයා අපේ ගෙදර යතුර ගංගලාට දෙනවා නේද….? හදිස්සියක් උනොත් දොර ඇරලා ගේ ඇතුල බලන්න කියලා …,."


"ඔව්...මාසයක්ම අපි ලංකාවේ ඉන්න නිසා, අද රෑට අපි එහේ ගිහින් එක යතුරක් ඒගොල්ලන්ට දෙමු.. ගෙදර බලාගන්න මල් පැල වලට වතුර දාන්න කියලා …."


"අනේ ඔව්...ඒක හොදයි ...නැත්නම් මම අමාරුවෙන් හදාගත්ත මල් පැල මැරිලා යනවා…."


"ලොකු දෙයක් ගංගලා අපේ ගෙවල් කිට්ටුව ඉන්න එක...දැන් නම් හිතේ බයක් නැතුව ලංකාවට ගිහින් නිවාඩුව ගත කරලා එන්න පුලුවන්"


"දුවයි පුතයි අද රෑට ඉක්මනට නිදි කරවන්න..හෙට උදේම යන්න තියෙන නිසා…"


"දුවයි ...පුතයි..හරිම ආසාවෙන් ඉන්නේ ලංකාවට යන්න...පුතාට ආසලු...සෝමාව, ආච්චිව බලන්න … දුවට නම් මොනවත් මතක නෑ…"..


"පුතාට විතරනේ ඒගොල්ලන්ව මතක ඇත්තේ .....දුවට යන්තම් අවුරුද්දනේ අපි එහෙන් එනකොට…..දුවට මාසෙකට ඇති වෙන්න බෙහෙත් ගත්තා නේද සාරදා? ….ඒවා නම් මිස් කරන්න එපා...එයාට දෙන බෙහෙත් ලංකාවේ නැතුව ඇති...ඒවා තමයි අමතක නොකරම ගන්න ඕනේ…"


"ඒවා ඔක්කොම හරි ...මම වේලාසනම ඒවා දාගත්තා…..දැන් කීයටද හෙට උදේ අපිව එයාර්පෝර්ට් එක්ක යන්න කැබ් එක එන්නේ…"


"උදේ පහ වෙනකොට එයි….උදේම නැගිටලා ඉක්මනට ළමයි ලෑස්ති කරගන්න ඔයා…"


"ඔයා දොර ජනෙල් ඔක්කොම බලන්න , කරන්ට්බඩු එහෙම ඔක්කොම ඔෆ් කරලා දාන්න…


"හරි මම ඒවා බලන්නම් ...ඔයා ගෙනියන්න තියෙන බෑග් ළමයිගේ ගෙනියන දේවල් බලාගන්න ...…"


උදේ පාන්දර අපව එයර්පෝට් එක්ක යන්න, කලින් ලෑස්ති කරගෙන තිබුනු කැබ් රතය එනවිට අපි හැමෝම ලෑස්ති වී දොරජනෙල්ද වසා ලෑස්ති වී උන්නෙමු...... වාහනය ආ සැනින් දුවත් පුතාත් එයට නැග ගත්තේ නොවිසිල්ලෙනි .


"පුතා පරිස්සමෙන් ….. ඔය නංගිට ජනේලය ලග දෙන්න...රංඩු කරන්න එපා...තාත්තා බනියි…."


"සාරදා එහෙනම් ඔක්කොම හරි නේද අපි යමුද..?


#######


අපි එයාර්පෝර්ට් එකට විත් එහි කරගන්න තිබුනු බෑග් භාර දෙන වැඩ හා අනිත් වැඩටික කර ඉවර වූ පසු අප හතර දෙනා එයාර්පෝර්ට් එකේ එහෙ මෙහේ ඇවිදමින් සිටියේ සතුටින් හා සැහැල්ලුවෙනි.


"අම්මි බඩගිනියි …".


"මටත් බඩගිනියි …."


"විකුම් අපි මොනව හරි කාලම ෆ්ලයිට් එකට නගිමු නේද?....


"ඔව්..උදේ තේ එක විතරනේ බිව්වේ….ඒක හොදයි…


අපට කැනඩාවේ සිට ඩුබායි හරහා ලංකාවට යන්න නියමිත වී තිබුනි. ෆ්ලයිට් එකට නැග්ගට පසු අපි හතරදෙනාටම එකලග සීට් ඉල්ලා තිබු නිසා එලෙස වාඩිවෙන්න ලැබීම මට සතුටක් විය.....

විකුම් සහ පුතා කොනේ සිට් දෙකේ..මමයි දුවයි මැද සීට් දෙකේ වාඩිවි සිටිම නිසා, අප හතර දෙනාටම අපේ ඕනෑ එපා කම් කතාබහ කරගන්න වගේම ලොකු සුරක්ශිත බවක් දැනින.


මේ ලෙසටම අවුරුදු පහකට පෙර මාත් විකුමුත් ලංකාවේ සිට දරු දෙදෙනා සමග කැනඩාවට ආගමන මට මැවි මැවි සිහිවේ…..කොයිතරම් අමාරු කාලයක්ද අපි ගෙවා දමමින් ඇවිත් ඇත්තේ...දෙවියන්ගේ පිහිටෙන් අද වෙනවිට අපේ අමාරු කාල අවසන්වී සැහැල්ලුවෙන් ජිවිතය ගෙවන්න අපට ලැබි ඇත.


අයියයි නංගියි එක ලග සීට් දෙකේ වාඩි වෙලා රූපවාහිනීය ,බලමින් ගුවන් සේවිකාවන් ගෙනත් දෙන කෑම කමින් බොමින් ගුවන් ගමන උපරිම ආකාරයට විදියි.


ඔවුන් දෙදෙනා සතුටීන් එකට සෙල්ලම් කරමින් කතා කරමින් සිටින හැටි දකින අප දෙදෙනාට දැනෙන්නේ කියා ගත නොහැකි සතුටකි...... තාත්තලා දෙදෙනෙකුගේ දරුවෝ දෙදෙනෙක් එකට එකතුවී සෙල්ලම් කරන, එකමුතු කමෙන් ඉන්නා හැටි දකින මගේ හිතට ඇතිවන සතුට කියා නොමකල නොහැක .......අප දෙදෙනාට දැන් දරුවන් ලොකු නිසා සැහැල්ලුවෙන් විවේකයෙන් එකට සිටින්නට ලැබී ඇත.


"දුවයි පුතයි ලොකු නිසා...අපට දැන් නිදහසේ ඉන්න පුලුවන් ….මතකද අපි අවුරුදු පහකට ඉස්සෙල්ලා මේ දෙන්නත් එක්ක ෆ්ලයිට් එකේ ගිය හැටි…..දැන්නම් මතක් වෙනකොටත් බය හිතෙනවා නේද විකුම් ..…."


"අපොයි ඔව්...කොයිතරම් බයකින්ද අපි කැනඩාවට ගියේ….දෙවියන්ගෙ පිහිටෙන් දැන් තමයි අපිට නිදහසේ ඉන්න ලැබිලා තියෙන්නේ....".


" අපේ අයියා අපිව එක්ක යන්න එයාර්පෝර්ට් එනවා කිව්වා නේද….? අපි කෙලින්ම නුවරද යන්නේ විකුම් ….?


"ඔව්….අයියා එනවා කිව්වා ඒගොල්ලන්ගෙ වෑන් එකේ….නැත්නම් අපේ බෑග් දාගෙන යන්න බැරි වෙන නිසා….."


"මේ පාර නම් ලංකාවට ගිහාම මම ඉස්කොලේ ගිය කාලේ යාලුවො හම්බවෙලා ජොලියක් දාන්න ඕනේ….ගිය පාර ලංකාවට ඇවිත් හිටිය අවුරුදු දෙකේම කොළඹ දෙතුන් පාරකට වඩා යන්න බැරි උනානේ ,ඔයා කැමති නැති නිසා….."


"ඒ කාලේ මෙ ළමයි පොඩියිනේ….ඔයාගෙ බිස්නස් එක නිසා ඔයාට වෙලාවක් තිබුනෙත් නෑනේ…මාත් මගේ පරණ යාලුවො හම්බවෙන්න යන්න ඕනේ...මම හැමෝටම දෙන්න පොඩි පොඩි තෑගි ගෙනාවා…. ."


කැනඩාවේ සිට ඩුබායි දක්වා ගිය ගුවන්‍ යානයෙන් බට අපිට, පැය තුනක් ඩුබායි එයාර්පෝර්ට් එකේ නැවතී යන්නට සිදුවිනි. ඒ අවස්ථාව දරුවන් මෙන්ම අපිටත් සතුටු මොහොතක් විය.

"දුවයි පිතයි හරි ආසාවෙන් ඉන්නේ ."


"තාත්ති...මට අර ඩෝල් අරන් දෙන්නකෝ…"


"තාත්ති මට අර චොකලට් ඕනේ…


" විකුම් මට අර ජුවලරි ශොප් එකෙන් මොනව හරි ගන්න ඕනේ…"


ඩුබායි එයාර්පෝර්ට් එකේ අපට සතුටින් ඇවිද ශොපින් කරන්නද අවස්ථාව ලැබුනි.


කැනඩාවේ සිට ඩුබායි දක්වා ගිය ගුවන්‍ යානයෙන් බට අපි පැය තුනක් ඩුබායි එයාර්පෝර්ට් එකේ ගත කර නැවත අපි කොළඹ යන ගුවන්‍ යානයට නැග්ගෙමු.


###


අපි හිතුවට වඩා ලේසියෙන් කරදරයක් නැතුව …. පැය ගානක ගුවන් ගමනකින් පසු අපට ලංකාවට ලගාවීමට ලැබීම මගෙත් විකුම් ගෙත් සතුටට හේතුවිය.


මීට අවුරුදු පහකට පෙර දරුවන් වඩාගෙන කිරි පොවමින් බයෙන් සැකෙන් ගිය කාලය නිමාවී දරු දෙදෙනා සමග සැහැල්ලුවෙන් එන්න ලැබුන මේ ගමන අපට සතුටුදායකම ගමනක් විය.


බන්ඩාරනායක ගුවන් තොටුපොළට අපව එක්කගෙන යෑමට අයියා ඇවිත් සිටියේ ලක්මිණි අක්කා සමගය.....ඔවුන් දුවයි, පුතයි අපවයි ආදරයෙන් පිලිගත්තේය. පසුව ඔවුන්ගේ වාහනයෙන් අපව නුවර එක්කගෙන ගියේ එළිවන පාන්දරය.


"දරුවොඉ දෙන්නා අදුනන්න බැරි තරමට වෙනස් වෙලානේ...සුද්දෝ වගේ...සිංහල කතා කරන්න බැරිද නංගි…."


"සිංහල හොදට තේරෙනවා අක්කේ …..පුතාට ටිකක් සිංහල කතා කරන්න පුලුවන් …දුව තමයි සිංහල කතා කරන්න බය...."


"නංගිත් හරියට වෙනස් වෙලා…..ලස්සන වෙලා…"


"ඇයි...මම විතරක් ..අක්කත් ලස්සන වෙලා….අයියා නම් ටිකක් මහත්වෙලා වැඩියි…..දුව කොහොමද අක්කේ..?…..අම්මා සනීපෙන්ද ? අම්මව දකිනකම් ඉවසිල්ලක් නෑ….


"දිගටම අසනීපෙන් හිටියේ….ඒ උනාට බලන්න එපෑ ...නංගිලා එනව කියපු දවසෙ ඉදන් ඉවසීමක් නැතුව ඉන්නේ දරුවෝ බලන්න….වැඩ කරන අයට එක එක ජාති කෑම හදන්න කියනවා….ගෙවල් අස්කරන්න කියනවා...දැන් නම් කිසි අසනිපයක් නැති ගානයි."


"සෝමා කොහේද අක්කා...අක්කලාගෙ ගෙදරද…? ගමේ ගිහින්ද?


"ගමේ ගිහින්…. ළමයි එක්ක දැන් ඉන්නේ….වයසයිනේ වැඩ කරන්න බැරි නිසා හැම මාසෙම නංගි කියපු විදිහට අපි එයාට සල්ලි ටිකක් ගමට අරිනවා."


"විවේකයක් හම්බුන ගමන් යන්න ඕනෙ සෝමා බලලා එන්න.... ඒ කාලේ මාවයි පුතයි බලාගත්තේ සෝමානේ ..…." සෝමා නැත්නම් මට මොනව වෙලාද දන්නෑ...පව් සෝමා, මට අම්මා වගේනේ….."


"අපට දැන් එහෙ මෙහෙ යන්න වාහනයක් රෙන්ට් එකට ගන්න ඕනෙ අයියා ….නැත්නම් අයියට තමයි කරදරේනේ…අපට යන්න ගොඩක් තැන් තියෙනවා ....."


"මම තව පොඩි වාහනයක් ගෙදරට ගත්තා, අක්කට බබාලා ඉස්කොලේ එක්ක යන්න...නංගිලාට මේ මාසේම ඒක පාවිච්චි කරන්න පුලුවන් ….."


" ඒක ලොකු දෙයක් ….ගොඩක් යාලුවො බලන්න යන්න තියෙනවා….දුවයි පුතාවයි ලංකාවේ ලස්සන පැති බලන්න එක්ක යන්න ඕනේ...අපේ රටේ දේවල් දරුවන්ට පෙන්නන්න ඕනේනේ..ආයේ කොයි කාලේ ලංකාවට එන්න ලැබෙයිද දන්නෑ.....


අපි කටුනායෙකින් බැස අය්යගෙ වාහනයෙන් නුවර ගෙදරට යනවිට උදේ පාන්දර වි තිබුනි…..ඒ අපි එලිවෙන්න කිට්ටුව එයර්පෝට් එකට ගොඩ බැස්ස නිසයි. අප යනකොට අම්මා ගේ දොරකඩ ඉදගෙන අප පිලිගන්න බලාගෙන සිටියේ හිනා අහුරකුත් සමගයි.


"අනේ….මගේ පුංචි කොල්ලා…දැන් සුද්දෙක් වගේනේ….අම්මා පුතා තුරුල් කර ගත්තේය….දුව ආච්චි දිහා බලා සිටින්නේ අදුනගන්න බැරිවය. අම්මා ඇයවද ලගට ගෙන හුරතල් කරයි….


"එන්න… නංගි මල්ලි,.... ,පුතා ගිහින් වොශ් එකක් දාගෙන එන්න උදේට කන්න…..ඔන්න ඔයගොල්ලන්ගෙ කාමරේ..... ටවල් එහෙම ඇති ...මොනව හරි අවශ්‍ය උනොත් මට කියන්න නංගි…


තැන්ක්‍යු අක්කා...අපි හෝදගෙන එන්නම් කන්න…අම්මේ...වොශ් එකක් දාගෙනම එන්නම් ආගිය තොරතුරු කතා කරන්න ...."


"ඔව්..ඔව්..මහන්සිත් ඇතිනේ...දවස් දෙකකට කිට්ටු වෙන්න කාලයක් ගියානේ එන්න...."


අයියලාගෙ තුන් මහල් විශාල ගෙදර අපට ඉතා හොදින් ඉඩ පහසුව තිබුනි. එය හැමෝටම සතුටක් විය.


මම ඉක්මනට ඇගපත සෝදා පහසු ඇදුමක් ඇදගෙන අම්මා ලගට ගියේ..... කාලයකට පසු ඇය දැකපු වෙලේ ඇගපත ඇදි මහලු වියට ගොස් හිටි හැටි දැක දුක් සිතීය.


" ඉතිං අම්මා කොහොමද ...අම්මා වෙලාවට බෙහෙත් බොනවද?...සිල්ගන්න එහෙම ගියේ නැද්ද ?...ලගදි නෑදෑ ගෙවල් වල ගියේ නැද්ද .?.


"කොහේද දුවේ….අයියට මාව එහෙ මෙහෙ ගෙනියන්න වෙලාවක් නෑනේ...බිස්නස් ..බිස්නස් ......නිල්මිණිත් වෙලාවකට බනිනවා නිදහසේ ගමනක් යන්න වෙලාවක් ඇත්තෙම නෑ කියලා …."


"මම සෝමා බලලා එන්න යන්න ඕනේ අම්මා.....වෙන කොහේවත් යන්න ඉස්සර "


"අනේ ඔව්...ඒ ගෑනිනේ ඔයාගෙ දුකට සැපට හිටියේ….දැන් හොදටම දුර්වලයි.."


"අයියා ලග සෝමගෙ පුතාගෙ ටෙලිෆෝන් නම්බරය ඇතිනේ...අද හවසට කෝල් එකක් දෙන්න ඕනේ….


" එන්න නංගි…..අපි කෑම ටිකක් කමු….කෝ දරුවො හෝද ගන්නවද?


"ඔව්...දැන් මට ලේසියි ඒගොල්ලො තනියම හෝදගෙන ඇදගන්නවා….පොඩිකාලේ ..කැනඩා ගිය කාලේ තනියම කොච්චර මම මහන්සි උනාද ඒගොල්ලො ලොකු කරගන්න. දැන් තමයි නිදහසේ ඉන්නේ…."


දුව...පුතා ...තාත්තා එක්ක කන්න එන්න….අම්මෝ….කෑම මේසේ ලස්සන ..මෙච්චර ජාති ඇයි හදලා….එන්න අපි ඔක්කොම එකට කමු...කෝ අක්කා දුව...තාම දැක්කේ නෑ…."


"එයා දැන් තමයි නැගිට්ටේ….මුහුන හෝදගෙන දැන් එලියට එයි දැන් එයාටත් අවුරුදු එකලොහක්නේ…..දැන් කොයි වෙලේද කියලා නෑ….අපි මේ ලෑස්ති වෙලා ඉන්නේ…"


"අනේ හොදයි ...අපි යන්න ඉස්සර කැවුම් ගෙඩියක් කාලා යන්න ලැබුනොත්…"


උදේට කාලා අපි ටිකක් නිදාගන්න යන්න ඕනේ...හරි නිදිමතයි ..පැය ගානක් එක දිගට ආපු නිසා හරි මහන්සියි…


#######


ලංකාවට ඇවිත් දෙවන දින අප හතර දෙනා සෝමා බලන්න ඔවුන්ගේ දුවගෙ ,ගෙදර ගියේ උදේ පාන්දරිනි...... දවල් වෙනවිට අපට රත්නපුරේ ඔවුන්ගේ ගෙදරට යන්නට ලැබුනි. ඔවුන් හැමෝටම ගෙන ගිය ඇදුම් වලට අමතරව මුදල් ටිකක්ද මම සෝමා අතේ තිබ්බෙමි….මගේ සියලු රහස් රැකගෙන….මා දරුවෙක් වහේ බලා කියාගත් සෝමා අද හොදටම මහලු වී ඇත. මට ඇය ගැන ඇත්තේ දුකකි. ඔවුන්ට කොයිතරම් උදව් කලත් ගොඩ ඒමක් නොමැති තැනක ඔවුන් තවමත් ඇත.


"චූටි මහත්තයාට මාව මතකද….පුතාගේ ඔලුව අතගාමින් සොමා අසන්නේ උතුරායන සතුටිනි.


"අනේ….ඉතිං චූටි බේබිට නම් මාව මතක නැතුව ඇතිනේ….රට යනකොට අවුරුද්දේ අත දරුවනේ


" සෝමාට ආරංච් උනාද….කුසුම් නැන්දා අන්ත්‍රා උනා කියලා …


"ඔව්...ඔව්...මට ආරංච් උනේ මළගමේ වැඩ ඉවර උනාටත් පස්සෙයි...... මට ආරංච් උනා නිරංජන් මහත්තයාටත් දැන් දුවෙක් ඉන්නව කියලා …."


"ඔව්...මට අයියා කිව්වා...යන්න ඉස්සර බලලා එන්න යන්න ඕනේ…."


"දැන් නම් යන්න පුලුවන් .....කුසුම් නෝනා නැති නිසා….. කොහොමත් දුවව පෙන්නලා එන එක හොදයි .....නෑදෑ කම් නම් කවුරුත් දැනගන්න ඕනේ නෑ.....විකුම් මහත්තයා වගේ හොද කෙනෙක් හම්බවෙලා නෝනා හොද පවුල් ජීවිතයක් ගත කරන එකේ......සෝමා ඇගට පතට නොදැනි කිව්වේ පරන දේවල් ඇයටත් මතක් වී ඇති ගානට වගේම දැනමුතුකමක් ලෙසය..


සෝමලාට තෑගි බෝග දී ඔවුන්ගේ ගෙදරින් හැලප හා තේ කහට බී අපි නැවත නුවර බලා ගියෙමු.


ලංකාවට ව්ත් සුමාන දෙකක්ම අපි..... පුතාවත් දුවවත් යාල, විල්පත්තු , ආරුගම්බේ නුවරඑළි එක්ක ගිය ගමන් වලට පුලුවන් විදිහට අයියලාත් අප සමග ඒ ගමන් වලට සහභාගි විය. ගොඩක් සතුටෙන් සැහැල්ලුවෙන් ගත කරන්න ලැබුනු කාලයක් එම සුමාන දෙක….


"සාරදා….මෙහේ රස්නෙ වැඩි නිසා මට නම් හරි අමාරුයි ..... දුවට කොහොමද දන්නෑ.....? පුතාට නම් රස්නේ ගානක් නෑ වගේ….ඔයා දුව ගැන ටිකක් වැඩිපුර බලන්න ...වෙලාවට එයාගෙ බෙහෙත් දෙන්න…."


"ඔව් මටත් හිතුනා...එයාට මෙහේ රස්නෙයි දූවිල්ලයි නිසා වීස් එක වගේ ටිකක් තියෙනවා...මම බලාගෙන ඉන්නේ එයා ගැන....."


අවුරුදු පහකට පසු ලංකාවට ඇවිත් ආපහු යන්න ඉස්සර, කොහොම හරි, නිරංජන්ව හා ඔහුගෙ දුවව දකින්න මට තිබුනේ ලොකු ආසාවක්... එයට කෙසේ මග පාදාගන්නද කියා මම නිතර කල්පනා කලෙමි .......අන්තිමේ කොහොම හරි එයට අවස්ථාව ලැබුනේ නම් හරිම අහම්බෙන්….


අය්යලාගෙ ගෙදර විවේක සුවයෙන් ඉන්නා රෑක...අයියා මට කතා කර ෆොන් එක දුන්නේය.


"නංගි බලන්න මෙයාව අදුනනවද කියලා" කියායි…..


ෆොන් එකට අතට ගත් මට එහා පැත්තෙන් ඇහුන් කටහඩ…..මාව සිහින් ලෝකෙකට ගෙන ගිය ආකාරයක් දැනින..


"හෙල්ලෝ …


"හාලෝ....…සාරදා ....ඔයා.....මෙහේ......කොහොමද ?....අයියා කිව්වා අදුනන කෙනෙක් ඉන්නවා, පොඩ්ඩක් ඉන්න කියලා.....ඒත් මම බැලුවා කවුද කියලා ......මම දන්නෙ නෑනේ ඔයගොල්ලෝ ලංකාවට ආපු බව...මේ අයියා කිව්වේ නෑනේ .......ඉතිං කවද්ද ආවේ….?


"සුමාන දෙකක් වෙනවා...."


"කවද්ද ආපහු යන්නේ....?


"මේ මාසේ අන්තිමට....


අපේ අම්මගෙ තුන්මාසේ දානෙ බණ එන ...සෙනසුරාදා , ඉරිදා ....….අනිවාර්යයෙන්ම හැමෝම එක්ක ඔයත් එන්න...හරි ආසයි සාරදා ඔයාව දකින්න…...නිරංජන්ගේ ගැබුරු කටහඩ…..මුලු ජීවිත කාලේම අහන්න ආසම හඩ.....කවදාවත් අමතක නොවන හඩ.....ඔහු.එක දිගට කියවගෙන ගිය දේවල් ...මම අහන් හිටියේ නින්දෙන් ඇසෙන හීනයක් ලෙසය.


-හෙට හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

5 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page