top of page
  • Writer's picturePrisila Godahewa

අමුතු දීගේ 💞#2 අමුතු දීගේ#2

(18 වන කොටස )

අයියා, අම්මත් සමග, කුසුම් නැන්දගෙ මළගෙදර ගොස් විත් විස්තර කියන්නම් කිව් නිසා, පසුදින මුලු දවසම මම බලා උන්නේ අය්යාගෙන් දුරකතන ඇමතුමක් ලැබෙන තෙක්‍ ය.

ඇත්තටම, පුංච් සංදියේදි මම ගොඩක් ආදරය කල කෙනෙක් තමයි කුසුම් නැන්දා....ඇය මට පොඩි සංදියේ සිට නිරංජන් අයියා මගේ මස්සිනා බවත් මම ඔහුගේ නෑනා බවත් පවසමින් අප අතර තිබෙන නෑදෑකම නිතර නිතර මට මතක් කර දුන් කෙනෙක්ය..... මම බොහෝ වැඩිහිට් බවට පත්වු පසු මට තේරුන දෙයක් තමයි ...ඇය, මාත් නිරංජන් අය්යාත් එකට එකතු වන බවට සිහින මවපු බව.... මගෙත් විකුම්ගෙත් විවාහයෙන් පසු අපව නෑදෑකමින් පවා අයින්කර දමා ඇය තරහ වි සිටියාය. පොඩි කාලයේ පටන් ඈ ගැන මගේ හිතේ තිබුන සෙනෙහස, කෙමෙන් මැකි ගියේ ඈ අපේ ගේදොරකඩට විත් මට බැන ගියායින් පසුයි..... කෙසේ නමුත් ඇය මගේ තාත්තාගේ එකම සොහොයුරිය බැවින් ඈ ගැන හැගිමක් තවමත් මගේ හිතේ ඇත... ඒ ඇය මගේ එකම නැන්දා හා නිරංජන්ගෙ ආදර මව බැවිනි....


අයියා මට, මළගෙදර ගොස් ඇවිත් දෙවනදින....දුරකතන ඇමතුමක් දුන්නේය.


"අපි ඊයේ කොළඹ ගිහින් එනකොට හොදටම රෑ උනා....දන්නවනේ දිගටම ටැෆික්....ඊයෙ තමයි මිනිය ඉස්සුවේ....අපි මාමටයි රංජන්ටයි කියලා ආවා...අපට කනත්තට යන්න එන්න වෙන්නේ නෑ කියලා ....මම හත් දවසෙ දානෙට ලක්මිණි අක්කා එක්ක කොළඹ ගිහින් එන්න හිතාගෙන ඉන්නේ ....හොද නෑනේ ,අපේ එකම නැන්දනේ...."


"නැන්දට මොනව වෙලාද නැතිවෙලා තියෙන්නේ අය්යේ....."


"පපුවෙ අමාරුවක්.. කාලෙක ඉදලා තිබිලා බෙහෙත් ඇරන් තියෙනවා....අන්තිම දවස් වල අමාරුවෙලා හොස්පිටල් එකේ ඉදලා තමයි නැති වෙලා තියෙන්නෙත්....."


"අපේ තාත්තටත් ඔය විදිහටම පපුවෙ අමාරුවක් තිබිලනේ නැති උනේ...."


"ඇයි...අපේ සීයත් නැති වෙලා තියෙන්නේ පපුවෙ අමාරුවකින්නේ....ඕවා පරම්පරාවෙන් එන ලෙඩ වෙන්නැති....හොද වෙලාවට අපට ඔය ලෙඩ ආවෙ නැත්තේ...."


"එහෙමම කියන්න එපා අය්යේ...අපට ඉස්සරහ කාලේ මොනව වෙයිද කවුද දන්නේ....."


"ඒක නම් ඇත්ත...."


"අයියලාට... රංජන් නිරංජන් අයියලා හම්බවුනාද...?


"ඇයි නැත්තේ.... නිරංජන්ලගෙ ගෙදරනේ.. නැන්දගෙ මිනිය තියලා තිබුනේ.... පහුගිය කාලේ ...නැන්දයි මාමයි නිරංජන් ලගෙ ගෙදර ඉදල තියෙන්නේ...….නිරංජන්ලා ගෙවල් දොරවල් ලස්සනට හදාගෙන ඉන්නවා. ...දැන් හැමෝටම හොදයි වගේ….මාමා මළගෙදර ඉවර උනාම රංජන්ලගෙ ගෙදර යනවලු නවතින්න ....නැන්දා නැතුව මේ ගෙදර ඉන්න බෑ කියලා....


"පව් ..නිමල් මාමා හරි අහිංසකයි.


"තව කාවද අයියා මළ ගෙදරදි හම්බවුනේ....


... ඇයි නිරංජන්ගෙ වයිෆ්.... හම්බුනානේ….මිනිහගෙ වයිෆ් හරි ලස්සනයි …. ගෑනි කොළඹ රස්සාවක් කරන කෙනෙක් ,....හරි මොඩ්.....ඊටත් වඩා පුදුමෙ කියන්නේ….නිරංජන්ගෙ දුව ඔයාගෙ දුව වගේමයි..... හරියට නිවුන්නු වගේ...... නංගී මට දුවගෙ පින්තූර වගයක් ලංකාවට එවලා තිබුන ඒවයෙ ඉන්න දුව වගේමයි….මම වයස ඇහුව්වා ...ඔයාගෙ දුවට වඩා මාස තුනයි බාල….හරිම ලස්සන කෙලි පැටික්කි….නිරංජනුත් ලස්සනයි නේ…..ඌ හිටියටත් වඩා උස මහත් වෙලා ,තවත් ලස්සන වෙලා.... හොද ජොබ් එකක් දැන් කරන්නේ.....ගෙවල් දොරවල් ලස්සනට හදලා......හරි උත්සහ වන්ත පාටයි .... .


" එතකොට රංජන් අයියා ....?


"රංජන් නම් දැන් ටිකක් වයස පාට වෙලා...මගෙන් ඔයා ගැනත් ඇහුව්වා.... මිනිහට පුතාලා දෙන්නෙක් ඉන්නේ....වයිෆ් ටිකක් ගමේ ගොඩේ පාටයි....හැබැයි හැමෝම හොදින් ඉන්නවා......


අයියා නිරංජන්ගේ ....දුව මගේ දුව වගේමයි කිව් අවස්තාවේ මගේ හිතට ඇතිවුනේ කියාගන්න බැරි තරම් අමුතු හැගීමකි...ඒ සමග දුකක්ද ඇති විය.


ඒ කියන්නේ මගේ දුවට එයාගෙම ලේ තියෙන තව නංගි කෙනෙකුත් ලංකාවේ තවත් දෙමව්පියන් දෙදෙනෙකු ලග ජිවත්ව සිටිනවා.....…..කවදාවත් ඒ දෙදෙනාට ඒ නෑදෑ කම කියාදීමට...හදුන්වා දීමට.....හැකියාවක් අපට නැති හැටි....එකම ලේ තිබෙන අක්කයි නංගිටයි වෙන රටවල් දෙකක, වෙන ගෙවල් දෙකක, දෙමව්පියන් දෙදෙනෙකු ලග හැදෙන හැටි....මේ විදිහට ..මේ ලෝකයේ කොයිතරම් නම් එකම ලේ තිබෙන දරුවෝ....එකිනෙකා හදුනා නොගෙන ජීවත් වෙනවා ඇත්ද...ඒ නම් දෙමව්පියන්ගේ වැරදි නිසාම වේ.... අසරණ දරුවෝ දෙමවුපියන්ගේ වැරදි නිසා අසරණ වෙලා සිටින අවස්ථා තව කොතෙක් ඇද්ද....?

නිරංජන්ගේ ලේ තිබෙන....මගේ දියනියගේ අනෙක් සහෝදරිය දැකිමේ ආසාව මට ඇතිවුනේ ....අයියා ඇය ගැන කිව් මොහොතේ සිටය......


"සාරදා ...අපි දැන් එන දෙසැම්බර් වල ලංකාවට යනවද..?


"ඔව්...අනිවාර්යයෙන්ම යමු....මේ ළමයි දෙන්නට ඒගොල්ලන්ගෙ නොදන්න නෑදෑයෝ අදුන්නලා දීලා..අපේ රටේ ලස්සන තැන් පෙන්නලා දීලා එක්කගෙන එන්න ඕනේ....


"ඒක නම් ඇත්ත...ලංකාව කොච්චර ලස්සන තැනක්ද...ඒගොල්ලන්ගෙ මව් රටට ගිහිල්ලා... ඒගොල්ලො ඒ ලස්සන දැකලා විදලා තියෙන්න ඕනේ...


මේ වෙනකොට අපි කැනඩාවට ඇවිත් අවුරුදු පහ පිරි තිබුන අතර.....ලොකු පුතාට අවුරුදු නමයක් වි තුබුනි.... . පුතා දැන් ගොඩක් ලොකු දරුවෙක්‍ ය. තමන්ගේ වැඩ තනියම කරගෙන, මටත් ගෙදර වැඩට උදව් කරනා ඔහු ඉතා හොද දරුවෙක්‍ බව ඔහු ගැන දන්නා හැමෝම කියනා දෙයකි......


මේ වෙනකොට, දුවට අවුරුදු හයපිරි තිබුන අතර දැන් ඇය ඉතා ලස්සන සුන්දර දැරියක්ය.…. ඇය පිටරට සුදු දරුවෙක් තරමට ලස්සන වී..කතා බහ කරනා විට, සිංහල දරුවෙක් කියන්න බැරි තරමට විදේශීය දරුවෙක් ලෙස පෙනේ.... . ඇයගෙ පියා විකුම් නොවන බවත්...ඇයගේ පියා ලංකාවේ ජීවත්ව ඉන්නා බවත් ඇය දනී නම්… ...😥.ඒ රහස නම් මම කවදාවත් දුවට කියන්නේ නැති රහසක් බව ..... තරයේ සිතා සිටිනා දෙයකි..... ඒ වගේම ඒ රහස මම නිරංජන්ටවත් කිසිදා නොකියන්න සිතා සිටින්නෙමි..... විකුම් වැනි හොද පියෙක්, හොද ස්වාමි පුරුශයෙක්ගේ හිත රිදෙනා කිසිම දෙයක් මම අද වත් අනාගතයේදිවත් කිසිදා නොකරමි.


මා අතින් නොදැනුවත්ව ඔහුට සිදුවු වැරැද්ද නිසා.....මුලු ජීව්ත කාලයටම ...මම ඔහුට කර තිබු බොරුව නිසා හිතින් විදවන කෙනෙක් වී ඇත. ........ඒබැවින් ඉදිරියේ.... වෙන කිසිම හිත රිදෙන දෙයක් ඔහුට නොකරන්නට තරයේ සිතා සිටින්නෙමි.....


"සාරදා අපි ලංකාවට යනව නම් දැන්ම ඉදන් ලෑස්ති වෙන්න වෙයි..ලංකාවේ නෑදෑයෝ යාලුවන්ට බෙදන්න තෑගි බෝග පෙට්ටි වේලාසන යවන්න වෙයි ලංකාවට ....අපට අතේ ගෙනියන්න පුලුවන් බඩු ටිකයිනේ...."


"ඔව්...අපි දැන්ම බඩු හොයල ලංකාවට පෙට්ටි තුන හතරක් දාමු....."


ලංකාවට යන ගමනට මම ලෑස්ති උනේ පුදුමාකාර ආසාවකින්... උනන්දුවකිනි. ....වේලාසන ඇදුම්, කෑමබඩු, තෑගි සහිත ලොකු පෙට්ටි හතරක් නැවට පැටවු අප.....හරි උනන්දුවෙන් එයට ලෑස්ති විය.


මම ලංකාවට ගිය විට අදින්න, අප හැමෝටම ලස්සන ඇදුම් පැලදුම් මිලදිගෙන ලෑස්ති කර ගත්තෙමි.


කැනඩාවට ආපසු... මම දරුවන් ගේ වැඩකටයුතු හා රැකියාවටත් යන්න ලේසි පහසුවට..... මම මගේ දිග කොන්ඩය උරිස්ස ගාවට අලුත් මෝස්තරයකට කපාදැම්මේ විකුම්ගේ කැමැත්ත උඩය…....


ඒ වගේම මේ ශීත කාලගුණය නිසා ගවුම් සායා ඇදගෙන ඉන්න බැරි නිසා.... ඩෙනිම්, කලිසම් අදින්න පටන් ගත්තෙත් ලේසිය පහසුව ගැන සිතාමය...…..ඉස්සර වගේ නෙමේ.... මූනට මේකප් දමා ලිප්ස්ටික් ගා ගෙන නිතර ගමන් බිමන්ද යන්නට උනන්දු වී සිටියේ.....අශ්‍රය කරන අනිත් යහලුවන්ට ගැලපෙන ලෙසය.......දැන් නම් මම ඉස්සර හිටියට වඩා ගොඩක් ලස්සනයි කියා මටම සිතේ….දරුවනුත් ලොකු නිසා මට දැන් මගේ රූපය ගැන සැලකිල්ලක් දැක්වීමට කාලය හා රැකියාවෙන් ලැබෙන මුදල්ද තිබිම මේ වෙනසට හේතුවවේ.


දැන් දැන් ...මට ලංකාවට යන්න තිබෙන ආසාව වැඩි වැඩියෙන් දැනේ...කුසුම් නැන්දා දැන් නැති නිසා...., නිරංජන් හමුවුනොත් මට නිදහසේ කතා කරන්නටද පුලුවන.... ..අපේ දුවව නිරංජන්ට පෙන්නා අදුන්වා දෙන්නටද පුලුවන ...හැබැයි කවදාවත් මම නිරංජන්ට.....ඇය.. එයාගෙයි මගෙයි දුව බව නම් අගවන්නේවත් නැත..... විකුම් වැනි හොද ගති ගුන තිබෙන සැමියෙක් ඉන්නා මම මොකටද ඔහුව බාල්දුකරන්නේ….මොනවා උනත් ලංකාවට යන ගමනේ නම් මූලික අරමුන නෑදෑයින් දැක, මගේ ලස්සන පවුලත් ඔවුන්ට පෙන්වීමයි..... මම ලංකාවට යන දිනයට ඇගිලි ගනන් කරමින් ඉන්නෙමි.


-අපි නැවත එන සදුදා මුණ ගැසෙමු.-


*ප්‍රිසිලා ගොඩහේවා *

14 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Kommentare


bottom of page