top of page
  • Writer's picturePrisila Godahewa

අමුතු දීගේ 💞#2 අමුතු දීගේ#2 💞

(17වන කොටස)


පුතාට විකුම්ගේම පෙනුමම... ලැබී තිබීම මගේ හිතට ඇතිකර තිබුනේ ලොකු සතුටකි…. නිරංජන් හා මගේ දුව දකින හැමවිටම මට ….විකුම්ගේ පෙනුම තියෙන විකුම්ගෙ දුවෙක්ද අපට සිටියා නම් කියා දැන් දැන් නිතර සිතෙයි.


"විකුම් ….අපි තව බබෙක් ආයෙත් හදමුද…."


"මේ මොකද ….. මේ හිටි ගමන්…."


" නෑ ඉතිං දුවටයි පුතාටයි තව නංගියෙක් හිටියනම් කියලා හිතුනා…..අපි දෙන්නටම තවම වයස තියෙනවානේ...


" අනේ සාරදා….ඔය ඉන්න දෙන්නා හොදටම ඇති….මේ දුව හම්බුනාට පස්සෙ අපි කොච්චර දුක් වින්දද …..එයාගෙ අසනීපෙත් එක්ක…..අපි දැන් නේ නිදහසේ ඉන්නේ…..ඔය ඉන්න දෙන්නා හොදටම ඇති සාරදා ….අපි මේ දෙන්නව හොදට හදා ගමු….හොදට උගන්නලා….."


"ළමයි නම් කොච්චර හිටියත් වැඩි වෙන්නෑ….විකුම් …..ඔයාගෙ කැමැත්තක්…"


"ඔය දෙන්නා ඇති සාරදා....අපි ඒ ගැන ආයෙත් නොහිතා ඉමු..."


"ඔයාගෙ කැමැත්තක්...".


"සාරදා ...මගේ ජොබ් එක දැන් ස්තිර නිසාත්….ඔයත් වැඩ කරන නිසා...අපි ඉතුරු කරගත්ත සල්ලි ටිකකුත් දැන් තියෙන නිසා…. අපි අපටම කියලා අලුත් ගෙයක් ලීස් කරල ගනිමුද ..? දැන් නම් කුලියට හිටියා ඇතිවෙලා තියෙන්නේ….මේ ගෙදරට ගෙවන කුලිය අපට බෑන්ක් ලෝන් එකට මාස පතා ගෙවන්න ගෙයක් ගන්න පුලුවන් ….


"අනේ ඒක නම් හොද අදහස..….මටත් දැන් මේ කුලී ගෙවල් වල ඉදලා ඇති වෙලා ඉන්නේ..….අපේම කියලා ගෙයක් තියෙනවානම් කොච්චර දෙයක්ද?...."


"අවුරුදු තිහකට ගෙවාගෙන යන්න තමයි ලෝන් එක දාලා ගෙයක් ගන්න වෙන්නේ…"


"අපේම ගෙයක් තිබුනොත්... මට බබාලා හතර පස් දෙනෙක් අපේ ගෙදරම නවත්තගෙන බලාගන්න "ඩේකෙයාර්" එකක් දාගන්න පුලුවන්…..මට දැන් ඩේකෙයාර් "සෙටිවිකෙට්" එකත් තියෙන නිසා ."


" ඒක හොද අදහසක්... එහෙනම් අපි ඒ ගැන ඉක්මනටම බලමු ..... ."


"දෙවියන්ගෙ පිහිටෙන් ….දුවගෙ අසනීපෙට බෙහෙත් වලට, මෙරටේ මුදල් යන්නේ නැති නිසා අපි බේරුනා….නැත්නම් කොහේද මේ පඩිවලින් ගෙවල් ලීස් කරලවත් ගන්නේ….දරුවට වියදම් කරන්න උනානම්…."


"ඒක නම් ඇත්ත...දුවගේ බෙහෙත් ඔක්කොම නිකන් හම්බවෙන නිසා ලේසි උනා...නැත්නම් ලංකාවේ හිටියනම් කොච්චර ලොකු වියදමක් යයිද...දුවගේ මේ පරික්ශන වලට…


"අපි එහෙනම් දිගටම පදිංචියට හොද පැත්තකින් ...ගෙයක් හොයලා බලමුද ගන්න…."


"ඊට ඉස්සර මම බැංකුවකින් අහන්නම් …..අපට ගෙයක් ගන්න කීයක විතර ලෝන් එකක් දාගන්න පුලුවන්ද කියලා …."


"අනේ විකුම් …..ඉක්මනටම බැංකුවෙන් අහල බලන්න ….මට ආසාවෙ බෑ අපේම කියලා ගෙයක් ඇරගෙන ලස්සන කරලා පිලිවෙලට තියාගන්න …..

####


වැඩිකාලයක් නොගොසින්ම අපගේ මහන්සිය නිසා අපට ලස්සන පොඩි ගෙයක් "ලීස්" කර ගන්නට හැකියාව ලැබුනි….. තට්ටු දෙකට සාදන ලද කාමර තුනක ගෙය…….. මහ ලොකු ගෙයක් නොවුනට…. ඒ ගෙදර මට රටක් රාජ්‍යයක් ලැබුන ගානාට සතුටට කාරන්‍යක් විය…….. දුවට පුතාට නිදහසේ සෙල්ලම් කරන්න …..වත්තක්….දුවට පුතාට වෙනම කාමර දෙකක්...විකුම්ට ඔෆිස් කාමරයක්……....මට එලවලු මල්පැල වවන්න ගෙමිදුලක්….ලස්සන විසිත්ත කාමරයක්...මටත් විකුම්ටත් තනියම නිදා ගන්න වෙනම ලොකු කාමරයක්…. තිබීමත්…..පුංච් බුදුරුවක් තබා ලෑස්ති කරගත් බුදු පහන තියන්න තැනක් තිබිමත්..…. මගේ හිත සතුටට පත්වුන කාරනයක් විය.


දුවට රෝස පාට ජනෙල් රෙදි, රෝස පාට ඇද ඇතිරිලි , රෝස පාට බෝනික්කෝ...තියා රෝස පාටට සරසන ලද කාමරය ....ඇයගේ රජ දහනේ ඇයම සුන්දර කුමාරිය විය….


පුතාගේ නිල් පාටින් සරසන ලද නිල් පාට කාමරය පුරා...සුපර් මෑන්ලා,..ස්පයිඩර් මෑන්ලගේ පින්තූර වලින් හැඩ වි ඇත..


බිත්ති වලට ගසන ලද පැන්ට්‍රි කබඩ් සහිත ....සුදු ලේස් ජනෙල් රෙදි දා ඇති ලස්සන පුංචි කුස්සිය මගේ සතුටුම තැන විය..


"කොහොම හරි අපි මෙහෙට ඇවිල්ලා අවුරුදු පහක් පිරෙන කොට, අපි පිලිවෙලක් වෙලා....අපි ආස විදිහම ගෙයක් අපට හදාගන්න ලැබුන එක ලොකු දෙයක් නේද විකුම් ….?


"ඔයාගේ මහන්සිය උනන්දුව නිසා තමයි... අපට අපේම කියලා ගේකට එන්න ලැබුනේ….සාරදා ..


"එහෙම නෙමේ… ...ඔයාගෙ මහන්සිය ….මම ඉතිං අරපිරිමැස්මෙන් හැම දෙයක්ම කරපු නිසා ඔයාට තවත් වාසියක් උනා….මේ රටට ආවායින් මම ඉගෙන ගත්ත ලොකුම දේ තමයි....අරපිරිමැස්මෙන් ....පිරිමහගෙන කෑම බීම වගේම හැම දෙයක්ම කරන්න ඉගෙන ගත්ත එක.....අමතර කිසි දේකට මම නිකන් නිරපරාදේ සල්ලි නාස්ති කරන්නෙ නෑ...දුවටයි පුතාටයි මම ඒ දේවල් දැන්ම ඉදන් පුරුදු කරනවා..."


"ඔව්...මම දකිනවා...අපි යාලුවන්ගෙ ගෙවල් වල ගිහාමත්....ඔයා දුවටයි පුතාටයි ,කන්න පුලුවන් ප්‍රමානෙට විතරක් පිගානෙට බත් එලවළු බෙදාගෙන කන්න පුරුදු කරන හැටි....සමහර පොඩි ළමයින්ට දෙමව්පියන් ඒවා කියලා දීලා නැති නිසා....ළමයි එලියට කන්න ගිහාම... කොත ගහලා බත් මස් මළු බෙදාගෙන අහක දානවා...අම්මලා අහක බලාගෙන ඉන්නවා...පිටමිනිස්සු මොනවද එතකොට හිතන්නෙ .....


"ඒවා හැම ගෘහණියක්ම ඉගෙන ගතම යුතු දේවල්...තමන්ගේ ළමයින්ටත් කියලා දිය යුතු දේවල් ...."


"මට ඔයා ගැන සතුටුයි සාරදා ..."අපි අපටම කියලා ගෙයක් ගත්ත නිසා....දැන් තමයි අපි ටිකක් හරියට පිලිවෙලක් උනේ කියලා හිතෙනව නේද සාරදා …."?

" ඔව් ..ඒක නම් ඇත්ත…... විකුම් ….අපි දැන් කැනඩාවට ඇවිත් අවුරුදු පහක් උනානේ….මේ අවුරුදු පහටම අපි ලංකාවට ගියේ නෑනේ…. නිවාඩුවකට අපි හතර දෙනාම ලංකාවට ගිහින් අම්මලා අයියල බලලා එමුද …. ….අම්මා නිතර නිතර ලෙඩ වෙනවා කියලා අයියාත් කිව්වා. අම්මා කියනවලු මාවයි ළමයිවයි බලන්න ආසයි කියලත්. ….අපි ඔයාගේ අම්මවත් ගිහින් බලලා ආපු එකේ….අපේ අම්මලාවත් ගිහින් බලලා එමුද....."

.

"ඔයා ආස නම්, එන දෙසැම්බර් වල අපි ලංකාවට ගිහින් එමු….සල්ලි ටිකකුත් මම ඉතිරි කරලා ඇති...එයාර් ටිකට් වලට ඒවා ගන්න පුලුවන් …."


"මේ පාර ගිහාම අපි අපේ නුවර ගෙදර විකුන්ලා දාමු නේද….. තේරුමක් නැ...කුලියට දීගෙන ඉදලා….ඒ හැටි කුලියකුත් ලැබෙන්නෙ නෑනේ ඒකෙන්....කම්පියුටර් ශොප් එක ඒ දවස් වලම අයියා වහපු දාලා එවපු සල්ලි වලින් නුත්….ඔයාගෙ අම්මා දීපු සල්ලිවලනුත්නේ…. අපි අපේ මේ ගේ ගන්න ඩවුන් පේමන්ට් එකත් ගෙව්වේ…. මගේ හිතේ තියෙනවා ...නුවර ගෙදර විකුනලා හම්බවෙන සල්ලි වලින් මෙහේ කැනඩාවේ ….. ඉස්සරහ කාලේ තව ගෙයක් ලීස් කරලා ඇරන් කුලියට දෙන්න...….එතකොට අපට ඒ ගෙවල් කුලියෙන් ගෙට ගන්න බෑන්ක් ලෝන් එක ගෙවා ගන්න පුලුවන් …...ඉස්සරහ කාලේ ළමයි ලොකු වෙනකොට දෙන්නටම එතකොට ගෙවල් දෙකක් තියෙනවානේ…..….


"ඔයාටත් හිතෙන දේවල්...ඇත්තටම ඒක හොද අදහසක්....අපි ඉස්සරහ කාලේ ඒ ගැනත් බලමු...."


ඉස්සරහ කාලේ එන ...දෙසැම්බර් නුවාඩුවට අපට ලංකාවට ගොස් එන්න පුලුවන් බව විකුම් කිව් පසු....මම ඒ දිනය එනකම්.. බලාගෙන හිටියේ.. ලංකාවට ගිහින් අම්මා අයියා ඇතුලු නෑදෑයෝ බලන්නයි.... ඒ වගේම හිත කොනක දූගේ තාත්තා බලන්න ආසාවකුත් නැත්තේම නෑ කියන්නත් බෑ…..😮


කැනඩාවට ඇවිත් ගෙවුනු අවුරුදු පහම මම ලංකාව දිහා හැරිලාවත් නොබැලිවෙමි...... ඒ තරමට මම ලංකාවේ මිනිසුන් ගැන කලකිරි සිටියෙමි.... අම්මා අයියා ඇරෙන්න කිසි කෙනෙක් සමග ෆෝන් එකේද කතා නොකෙරුවෙමි. .....මට කිසිදා ලංකාවට ගිහින් එන්න , නැදෑයෝ කිසිවෙක් දකින්න....උවමනාවක් තිබුනෙම නැති ගානය.....විකුම්ගේ ලගම නෑදෑයින්..වන අම්මා අක්කා ඇතුලු ගොඩ දෙනෙක් පිටරට පදිංචි වි සිටින නිසා....ඔහුටද ලංකාවට යන්න අවශ්‍ය තාවයක් ඇත්තේම නැති තරම්‍ය.


නමුත් දැන් සුමානයකට උඩදි අයියා දුරකථනයෙන් කතා කල කී දෙයින් පසු මට ලංකාවට ගොස් නෑදායින් බලන්න අදහසක් ඇති විය....දරු දෙදෙනාට ,ඔවුන්ගේ ලගම නෑදෑයින් අදුන්වා දීමට අවශ්‍ය තාවයක් ඇතිවිය....


ඒ අයියා කිව් පනිවිඩය නිසාය.


"නංගි… කුසුම් නැන්දා ඊයේ රෑ ආන්ත්‍ර වෙලා......අයියා මට කැනඩාවට කෝල් කරලා කිව්වෙ අලුත් ආරාංචියකි.


"ඒ මොකෝ….මේ හදිසියේ ....."


"අසනිප වෙලා ඉදලා තියෙනවා...අපි දන්නෑනේ...පපුවේ අමාරුවක් තිබිලා...තව ලෙඩ තිබිලා තියෙනවා ….අපි ඔයාගෙ වෙඩින් එකෙන් පස්සේ ඒගොල්ලො එක්ක ඇයි හොදයියක් තිබුනේ නෑනේ….ඊයෙ උදේ හාට් ඇටෑක් එකකින් නැති වෙලා තියෙන්නේ...වික්‍රම මාම කෝල් කරලා කිව්වේ...අම්මයි මමයි හෙට උදේ කොළඹ යන්න කියලා හදන්නේ මළ ගෙදර ….


" එහෙනම් මළ ගෙදර ගිහින් ඇවිත් මට විස්තර කියන්නකෝ…"


පහුගිය අවුරුදු පහම මම ලංකාව දෙස නොබලා , නොගිහින්, නොසිතා සිටියේ….කුසුම් නැන්දා නිසා බව මගේ හිත හොදාකාරවම දනිමි…..ඇය මගෙත් නිරංජන්ගෙයි සම්බන්ධය දැනගත්දා....අපේ ගෙදර විත් මට බැනලා ගිය දවසේ පටන් මම උන්නේ ලැජ්ජාවත් ඇය සමග ඇතිවුන කේකේන්තියකුත් සමගිනි.....


ඇය නිසා දෙවන වරට හිමි වීමට තිබු.... නිරංජන්ගේ ආදරය නැති වීම මට උහුලා සිටිමට බැරි විය..... ඒ නිසා මට ඇතිවුන නින්දා අපවාද නිසා .....ආයෙත් කවදාවත් ඇයගෙ මුහුන බැලීමට මට ආසාවක් නොතිබුනි....

දැන් ඇය නැති නිසා, බයක් සැකක් නැතුව ලංකාවට ගොස් නෑදායින් යහලුවන් හමුවිය හැක. මගේ දරු දෙදෙනාට ඔවුන්ගේ නෑදෑයින් අදුන්වා දීමට හැක....අවුරුදු හතකින් පමන නොදුටු නිරංජන් දැක බලා ගැනීමට හැකි වනු ඇත....


පොඩිකාලේ මම අම්මාටත් වඩා ගොඩක් ආදරය කල කුසුම් නැන්දා නැතිවුන ආරංච්ය මට කනගාටුදායක ආරංචියක් නොවිය….ඇය නැති උන පසු මට අවුරුදු පහකට පසු ලංකාවට යන්නට ආසාවක් ඇතිවී ඇත. ඒ ගමනේදි නිරංජන් දැකගන්න ලැබීමත් එක අරමුනක් වි ඇත.... එයට හේතුව අයියා කිව් තව දෙයක් නිසාම විය....


-හෙට හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා*

18 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

留言


bottom of page