top of page
  • Writer's picturePrisila Godahewa

අමුතු දීගේ#2 💞 අමුතු දීගේ #2

💞අමුතු දීගේ💞#2අමුතු දීගේ#2 💞

(6 වන කොටස)



"කාලෙකට පස්සෙ කිරිබත් කෑවේ....හරිම රසයි... සෝමාද හැදුවේ....?


"ඔව් මහත්තයා .. මිරිස් මාලුත් හැදුවෙ මම...ලුනුම්රිස් හැදුවේ නෝනා.... මහත්තයාට සැර කන්න බැරුව ඇති කියලා නෝනා වැඩිය මිරිස් දාන්න දුන්නෙත් නෑ.....


ආ....පුතා මගෙන් කිරිබත් කටක්....එන්න සාරදා මගෙන් කිරිබත් කටක් කන්න....මට අද හරි සතුටු දවසක්...අපි තුන් දෙනා මුල්ම වරටනේ එකට ඉදගෙන කෑම කන්නේ...." විකුම් පුතාව උකුල උඩ තියාගෙන කිරිබත් කවයි....ජීවිතේ පළවන පාරට, තාත්තා දුටුවත් ඔහු විකුම් ළගටම වී හිදියි.


"ඔයා පුතාට ගෙනාපු සෙල්ලම් කාර් එක පුතා බිමින් තියන්නෑ....හරි ආසාවෙ ඉන්නෙ ඒකට...


"ඔය මම මෙහේ එන්න හදනකොට සුදේශ් තමයි මට.... ඔයාටයි පුතාටයි තෑගි මොනව හරි අරන් දෙන්න කියලා එක්ක ගිහින් ඕවා ඇරන් දුන්නේ.... කවදාහරි මට හරි ගිය දවසක මම එයා දුන්න සල්ලි ආපහු දෙනවා.....මගේ එයර් ටිකට් එකත් එයානේ ඇරන් දුන්නේ...."


"අම්මා සලිලි එව්වෙ නැද්ද ඔයාට ..?


"සුදේශ් අපේ අම්මට කියලා මගෙ ප්‍රශ්න.... අම්මා තමයි ලෝයර්ස්ලට දෙන්න, වියදම් කරන්න සල්ලි සුදේශ්ට එවල තියෙන්නේ....


"අපි දැන් නුවර යනවද විකුම් ...?


"යමුනේද...? අයියා හම්බවෙලා ඉස්සරහ කරන දේවල් ගැන ටිකක් කතා කර ගන්න ඕනේ.....අපි කැබ් එකක් බුක් කරගෙන යමු..."


"අපි දවස් දෙක තුනක් එහේ ඉදලා එමු...හොදේ...."


"එහෙනම් ඔයා ඇදුම් ලෑස්ති කර ගන්න....අපි සෝමත් එක්කගෙන යමු....නේද?


"ඔව්..පව්නේ....එයා හරි ආසයි නුවර යන්න....ඒ ගිහාම දළදා වහන්සේ වදින්න යන්න අමතක කරන්නෙම නෑ....."


උදේ කෑම ගත් පසු අපි තිදෙනා කැබ් රතයකින් නුවර බලා ගිය ගමන….අවුරුදු තුනකට පෙර අප දෙදෙනා හනිමූන් ගමන ගිය හැටි මට මතක් විය…..ඒ කාලය...අද කොයිතරම් නම් වෙනස් වෙලාද....අපි දෙදෙනා ගති ගුන වලින්, අදහස් වලින්, පෙනුමෙන් හොදටම වෙනස් වෙලා....දැන් අපට පුතෙකුත් ඇත....


මුලින්ම නුවර දළදා මාලිගාව වැවැදපුදා ගත් අපි...….අයියලාගෙ ගෙදර ගිය ගමන...අම්මා අපි තුන්දෙනා එකට ඉන්නවා දැක සතුටු උන තරමක්….ඇගේ දෑසේ පිරි තිබු කදුලු ...මට අදටත් මතක් වෙයි…...ඒ වගේම අයියාගේ මුහුනේ තිබුනේද ලොකු ජයග්‍රාහී බවක් මිශ්‍ර සතුටකි. විකුම් නැවත අප ලගට ගෙන්වා දීමට ඔහු ගත් උත්සහයේ ප්‍රතිඵල අද සපල වී ඇත.


" විකුම් ගොඩක් වෙනස් වෙලා…..ටික දවසක් ලංකාවේ බත් මාලු කාලා එන විට ඇග පත හැදෙයි…..අම්මාත් අයියාත්...විකුම් කෙට්ටු වී ඇති බව නොකියා කීවේ එසේය….මට මෙන්ම ඔවුන්ටද විකුම් දුටු සැනින් එය පෙනි ඇත.


"දවස් තුනක් නුවර මෙහේ අපි ඉන්න එකේ අර..... අපේ ගමේ වෙද මහත්තයා ගාවට විකුම් මහත්තයා එක්ක යමු නෝනා..... ගිහින් හොද කසායක් බිව්වනම් විකුම් මහත්තයා ඉස්සර වගේම ඇගපත පන ගහලා මහත්වෙලා එයි......සෝමා විවේක වේලාවක් බලා මට කීය…


"එහෙම හොදද සෝමා...මටත් හිතුනා...අරිශ්ටයක් වත් විකුම්ට දුන්නොත් ඇග ආයෙත් හැදෙයි කියලා …"


මම විකුම් සමග ගමේ වෙදමහත්තයා හමුවන්න ගොස් ඔහුට විකුම් ගේ ඇත්ත තත්ත්වය කියා….බෙගෙත් ගත්තෙමු…..සෝමා අයියලාගෙ ගෙදර වැඩ කරන ගැහැනු කෙනා සමග ගමේ ඇවිද විකුම්ට කසාය තම්බන්න සොයා ආවේ හරි උවමනාවෙනි. සෝමා බෙහෙත් සොයා තම්බා කසාය පිලියෙල කර විකුම්ට දුන්නේ තමන්ගේ පුතෙකුට දෙන්නා ලෙසය …..

"අපි කට්ටිය හෙට කොහේ හරි ඇවිදින්න යමුද…." අයියා ඇසීය ...


"අපි නුවරඑළි යමු...මෙහේ ඉදන් පැය දෙකක් විතරනේ….අපි කට්ටියම එහේ ගිහින් ටිකක් එහේ ඇවිදලා දවල්ට එහෙන් කාලා එමු…..අක්කා කීය.


"කාලෙකින් මට නුවරඑළි යන්න බැරිවුන එකේ යමු…. විකුම් කීය


මගෙ හිත ගැහෙන්න විය...මීට සුමාන තුනකට උඩදි නිරංජන් එක්ක ගිය නුවරඑළි ගමන මට සිහිවීය. පුතා තාම හරියට කතා කරන්නේ නැති නිසා අපි නුවරඑළි ගමන කාටවත් කියන එක නැති වෙයි කියන අදහස හිතට දැනී….යාන්තම් හිත සැහැල්ලු විය.


"අපි දෙගොල්ලෝම එකම වාහනේ යමු ....අම්මත් එක්ක යමු….මගේ වාහනේ හත් දෙනෙක්ට යන්න පුලුවන්....…"


"අනේ...හොදයි ..කාලෙකින් අම්මයි අපි දෙන්නටයි කොහේවත් යන්න බැරිවුන එකේ….මාත් කීය.


අයියාගේ මොන්ටෙරෝ රතයේ ..විකුම් අයියත් එක්ක ඉස්සරහ සීට් එකෙත්...අම්මයි මමයි අක්කයි පිටුපස්සේ සීට් එකෙත් වාඩි වී පසු ගිය දේවල් ගැන කතා බහ කරමින් දවල් වෙනවිට නුවරඑළිය දක්වා ගියෙමු.

අයියගෙ දුවත් එක්ක අපේ පුතා එකතු වී පිටුපසම සීට් එකේ හිනාවෙමින් සෙල්ලම් කරයි…..පුතා සතුටිනි සිටිම, විකුම් අයියා හා සමග හොදින් දොඩමළු වීම මගේ හිතට සතුටක් විය . නමුත් …..නිරංජන් සමග මගේ තිබු අනියම් සම්බන්ධය විකුම්ට කොයි වෙලේ ආරංච් වෙයිද කියලා ….නිතර මගේ හිත සැකෙන් තැතිගැන්වී ඇත. මගේ නිනිත්‍යානුකූල සැමියා තමන්ගේ ලගට ඇවිත් ඉදිද්දිද….හිතට සැහැල්ලූවක් නැතිව ජීවත් වෙන්න උනේ නම්….මම කරපු පාප කර්මයකට දෙවියන් දුන් දඩුවමක්ම කියා මට සිතේ…….


අයියා...විකුම් සමග අපේ අනාගතයේ විසදාගත යුතු දේ ගැන ගමන යන අතර තුර දිගටම කතා කරමින් යයි…...ඒ අතර මහගේ විකුනා අපි නුවර පදිංචියට ඒම...එහි මූලික දේ විය. මගේ ගුරුපත්වීම නුවරට හදා ගැනීමත් ඒ අතර විය.….


"දැන් එන සුමානේ අපි මහ ගෙදර විකුනුවාහම ඔයගොල්ලන්ට සුමාන දෙකයි එහේ ඉන්න ලැබෙන්නේ….ඒ නිසා අපි හෙටම ඔයගොල්ලන්ට මම ගන්න බලපු ගෙදර බලන්න ගිහින් ඇඩ්වාන්ස් එකක් දීලා….ගෙයි වැඩය ඉක්මනටම ඉවර කර ගමු….."


"මටත් ආසයි අපි ගන්න යන අලුත් ගේ බලන්න යන්න…."


"ඔව්...ඒක අලුත් ගෙයක් නිසා ඔයාට ආස හිතෙයි…...අපේ කොළඹ මහ ගෙදර දැන් ගොඩක් පරන වෙලානේ…..ඒක විකුනලා දාන එක හොදයි ...."


මට අවශ්‍ය පරන හෝ අලුත් ගෙයක් නොව, පුරුදු ගමේ නොඉද වෙන කොහේ හරි ඈතකට පදිංචියට යන්නයි ... පරන මහ ගෙදර අවට මිනිසුන් මට විරුද්ධව කුසුම් නැන්දට කේලම් කියා ...ඇය කෝප වී ගෙදර ආදා සිට මට දැන් මහ ගෙදර ජීවිතය එපා වී ඇත...... පුලුවන් ඉක්මනට නුවර පදිංචියට ගොස් විකුම් එය දැනගන්න පෙර ….මගෙත් නිරංජන් ගෙත් තිබුන අනියම් සම්බන්ධය හංගාගෙන මගේ පවුල රැක ගැනිම මගේ මූලික අරමුන වී ඇත.…...පුලුවන් ඉක්මනට නුවර පදිංචියට යන්න විකුම් කැමති කරගෙන ලෑස්ති විය යුතුයි….


විකුම්ට ටවුමෙන් අපි පොඩි හොද කඩ කෑල්ලක් කුලියට ගන්න බලමු….ඊට පස්සෙ මහ ගෙදර විකුනලා හම්බවෙන සල්ලි වලින් විකුම්ට ලාබෙට කම්පියුටර් ඇරගෙන එතන විකුනන්න පටන් ගන්න පුලුවන් ...කම්පියුටර් පිටරටින් ගෙනත් විකුනන යාලුවෙක් ඉන්නවා මගෙ...., මට පුලුවන් විකුම්ට එයාව අදුනලා දෙන්න...විකුම් දන්න සබ්ජෙක්ට් එකනේ…..කඩේ එක පැත්තක පොඩි කම්පියුටර් මූලික දැනුම දෙන පන්තියක් දැම්ම නම්…..විකුම්ට පුලුවන් ළමයින්ට වගේම ලොකු අයටත් ක්ලස් එකක් කරලා ,තව ගානක් හොයාගන්න ….


"ඔව්...ඒකත් හොදයි ..අපි ඒ ගැනත් බලමු…"


"නංගිලා තව දවස් දෙක තුනක් මෙහේ ඉදලා යන්න ...එතකොට මෙහේ කර ගන්න තියෙන වැඩ ඔක්කොම ඉවර කරගෙනම කොළඹ යන්න පුලුවන් ....නංගි ඉස්කොලේ නිවාඩු දැම්මා කිව්වනේ….ඒ නිසා ඉන්න මෙහෙ ටික දවසක්…."


"මටයි සෝමටයි ගෙවල් අස්කරලා බඩු පැක් කරගන්න වැඩත් තියෙනවානේ අයියා ..... ඒ නිසා අපි දවස් තුනක් ඉදලා යන්නම්...ඊට පස්සෙ දිගටම මෙහෙ නවතින්න එන එකනේ….."


"ඔව්….එහෙනම් කොළඹ ගිහින් එහේ තියෙන වැඩ ඉවර කරගන්න …"


"ඔන්න අපි නුවර එලියට ආවා….අපි වැව රවුමේ ටිකක් ...ඇවිදලා හොද හොටෙල් එකකින් දවල්ට කන්න යමු…." අයියා කාලයකට පසු, මමයි විකුමුයි එකට ඉන්නවා දැක සතුටින්, අප තවත් සතුටු කරනුවස් නොයෙක් දේ කරයි…."


"අයිය ගොඩක් වියදම් කරනවා…."විකුම් කීය.


" ඕවා මොනවද….ඔය දෙන්නා එක වහලක් යට පිලිවෙලක් කරනකම් මම හිටියේ හිතේ කරදරයෙන්….දැන් ඉතිං පහුගිය කාලේ දෙන්න අතින්ම වුන වැරදි තේරුම් ගෙන දරුවත් එක්ක පිලිවෙලක් වෙලා සතුටින් ඉන්න …."


නුවරඑළියේ එහේ මෙහේ ඇවිදින විට මට….මීට සුමාන හතරකට කට කිට්ටු කාලයකට උඩදි..... නිරංජන් එක්ක නුවරඑළියේ සතුටින් ඉපිලෙමින් ඇවිද්ද හැටි මතක් වෙයි...…ඔහු සමග ඔහුගේ ඇගේ වෙලෙමින් හුරතල් වෙමින් ගත කල දවස් තුන මම කොයිතරම් නම් සතුටු උනාද…?ඔහුව කසාද බදින අදහසින් කල කී දෑ සියල්ල මට චිත්‍ර පටයක්සේ මා ඉදිරි පිට මැවි මැවි...පෙනෙයි. ඔහු මතක් වෙන හැම මොහොතකම සතුටක් සමග මගේ හිත දුකින් පිරි හිත බයෙන් ගැහෙන්න පටන් ගනී…..අනේ මම කල නොමනා වැඩ විකුම් දැන ගත්තොත්….එයා මාව ආයෙත් දාලා යයිද දන්නෑ….


මම මගේ උකුලේ නිදා සිටි චූටි පුතා ගේ හිස සිබමින්...දෙවියන් යදින්න පටන් ගත්තේ...අනේ අපේ මේ පුංචි පවුල බේරා දෙන්න දෙවියනේ කියමින් හිතෙන් යදිමින්‍ය.


එදින මුලු දවසෙම නුවරඑළියේ ,පවුලේ අය සමග එකමුතුව ගත කල සොදුරු දිනය...විකුම් නම් හිතේ සැහැල්ලුවෙන් ගත කල බව පෙනින..... අයියාගෙ උදව් ඇතුව බිස්නස් එකක් කරමින් අප සමග සිටින්න ලැබෙන එකට ඔහු සතුටින් ඉදී….


"අය්යා අපට උදව් කරන එක ලොකු දෙයක්….ඉස්සරහ කාලේ පිලිවෙලට වැඩ කරලා දියුණු වෙන්න ඕනේ...කම්පියුටර් වැඩේ මම ආස දෙයක් ….ඔයාටත් නුවරින් ඉස්කෝලයක් ඉක්මනින් හම්බුනොත් හොදයි…."


විකුම් නිතරම, පුතා ඔහු ලගට ගෙන ඔහු සිබිමින් ඔහු සමග සෙල්ලම් කරයි….පුතාට දැන් නිරංජන් අමතකව ගොස් ඇති ආකාරයක් පෙන්නුම් කරයි..... එය මට සතුටකි...විකුම් ,පුතාව කරේ තියා ගෙන යයි….සෙල්ලම් කරයි….කුචු කවයි...ප්‍රශ්න අහයි….ඔහු සමග හිනා වෙයි..බොරුවට අඩයි….ඒ දෙස බලමින් මමත් සෝමාත් සතුටු වන්නෙමු.


"අපි හෙට කැබ් එකක කොළඹ යමු…. අපේ අම්මට මම කෝල් කරලා කිව්වා මම ලංකාවට ආපු බව...අම්මටයි අක්කටයි හරි සතුටුයි…..


විකුම් ලංකාවට ඇවිත් සුමාන දෙකක් ගත විය….අලුතින් පටන් ගන්න යන බිස්නස් එක ගැන ලොකු බලාපොරොත්තුවකින් විකුම් පසුවේ….පුතා විකුම්ගේ ඇගේ එල්ලි නිතර සෙල්ලම් කරයි...විකුම්ට කියා බත් කවා ගනියි...විකුම් ඔහුව සෝදා නිදි කරයි….අවුරුදු දෙකක් පුරාවට ඔහුගෙන් මගහැරුනු ආදරය ඔහු වෙනුවෙන් කලයුතු වැඩ කොටස් විකුම් දැන් ආසාවෙන් කරන ගානයි….


"අපි අද හවසට පන්සල් යමුද විකුම්…"


"යමු….අපි වාහනයක් ගත්තොත් හොදයිනේද සාරදා …."


"ඒක නම් හොද අදහස….මාගාවත් ඉතිරි කරගත් සල්ලි ටිකක් තියෙනවා...අඩුපාඩුව අයියගෙන් ඉල්ල ගමුද..?


"නෑ...අම්මා කිව්වා එයා සල්ලි ටිකක් එවන්නම් කියලා බිස්නස් වැඩේට...අපි ඒ සල්ලිත් දාලා වාහනයක් ගමු….නැත්නම් බස්වල යන්නත් බෑනේ ...කැබ්ස් වලට ලොකු ගානක් යනවා...එන සුමානෙ මම නුවර යන්න ඕනේ...කම්පියුටර් ශොප් එක එරෙන්ජ් කරන වැඩේට….ඊට ඉස්සෙල්ලා වාහනයක් ගත්තොත් මට ඒකේ යන්න පුලුවන් …"


"අපි එහෙනම් මුලින් පොඩි වාහනයක් බලමු…."


- හෙට හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

2 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page