top of page
  • Writer's picturePrisila Godahewa

💞අමුතු දීගේ#2 💞 අමුතු දීගේ #2💞

අද තුන්වන කොටස (3)

" අම්මා දන්නවද......නංගි නුවර පදිංචියට ඇවිත් සුමාන දෙකලු නිරංජන් කසාද බදිනකොට...…... ගමේ කාටවත් මගුල් කියලා නෑ.....හොරෙන්ම වගේ නැන්දා මගුල ඇරන් තියෙන්නේ ....නිරංජනනුත් කැමති වෙන්න ඇති නේ මගුලට.....බලෙන් බන්දන්න බෑ නේ.....ගම්පහ කෙල්ලගෙ ගෙදර මගුල් ඇරන් තියෙන්නේ ……...එච්චර ලොකුවට ඇරන් නෑ…...පොඩියට දෙපැත්තේ ලගම අයට විතරක් කියලා කළබලේම තමයි වෙඩින් එක ඇරන් තියෙන්නේ …. ..නැන්දගෙ උවමනාවට වෙන්න ඇති…. එච්චර හදිසියේ වෙඩින් එක ගන්න ඇත්තේ …...නංගි එක්ක තිබුන පලහිලව්ව ගම්පහ ගෙදර අයට ආරංච් වෙන්න ඉස්සර බන්දලා දෙන්න ඇත්තේ.......නංගි එක්ක දිගටම සම්බන්ධය තියාගනියි කියලා .....ඒකත් කඩන්න එක්ක වෙන්න ඇති ඉක්මනට කසාද බන්දලා දෙන්න ඇත්තේ…....නිරංජන් ඊට පස්සෙ ගම්පහ එයාගෙ වයිෆ්ගෙ ගෙදර පදිංචියට ගිහින්…..මං හිතන්නේ ඒ පැත්තටම ඔෆිස් එකේ මාරුවත් හදාගන්න ඇති.... …."


"කවුද කිව්වේ පුතාට...?


"පාල මාමගෙ පුතා....ඒගොල්ලන්ටත් ටිකක් නංගිගෙ හුටපට ආරංච් වෙලා වගේ....මගෙන් නංගි ගැන ඇහුව්වා ....මම කිව්වා නංගිගෙ මහත්තයා රට ඉදන් ඇවිත් දන් නුවර බිස්නස් එකක් කරනවා කියලා .....


" නංගි දන්නවද නිරංජන් කසාද බැදපු කතාව...."


"මම සෝමා එක්ක කිව්වා...එයානේ නංගිගේ තෝල්කයා....නංගි දැන් දන්නව ඇති...සෝමා කිව්වා ලොකු දෙයක් නිරංජන් මහත්තයා කසාද බැදපු එක කියලා ...


"එහෙමද...අපි නෑදෑයෝ උනාට අපට මගුල් කිව්වේ නෑනේ….ඔය කොල්ලෝ දෙන්නගෙම…."


"මගුල් කියනව තියා…නැන්දා.... .තාත්තාගෙ මරණෙට ඇවිත් වත් අපිත් එක්ක වචනයක්වත් කතා කලේ නෑනේ …."


"කුසුම් හිතාගෙන ඉදල තියෙන්නේ…..නෑනා මස්සිනාලා බන්දලා දෙයි කියලා ..… ඒ දවස් වල දෙතුන් නිතර සාරදව එහේ ගෙදරට එහෙම අඩගහගෙන ගිහින් කුසුම් .....කෑම එහෙම කන්න දෙනවා....ටිකක් ලොකු උනාට පස්සෙ මම සාරදා ට කෑ ගැහුව්වා.....ඔය ගෙවල් ගානේ යන්න එපා කියලා ...ඉනාවක්වත් කැව්වනම් එහෙම......ඒ කේන්තිය තමයි දිගටම තියෙන්න ඇත්තේ ......ඒකනේ සාරදගෙ මගුල් ගෙදරත් එන්නේ නැතුව ….මගුලත් එක්කම අපිත් එක්ක තරහ වුනේ…..කෙලෙහි ගුන දන්නෙ නෑ ….ඔය ගෑනිට රංජන් හම්බවෙන්න ඉන්න කොට උබැලැයි තාත්තා….ඔය ජෝඩුවට ඉන්න හිටින්න තැනක් නෑ කියලා අපේ අර පරන ගෙදර ඉන්න අවසර දීලා තිබුනේ..…..ඔය කොල්ලෝ දෙන්නා ලොකු වෙනකම් තාත්තා තමයි උන්ගේ ඕන එපාකම් බැලුවේ…..එහෙනම් .හිතාගෙන ඉදලා තියෙන්නේ…..අපි හිටපු ගේ උන්ගෙ නමට ලියලා දීලා.... ….ඒ මදිවට එකම කෙල්ලත් බන්දලා දෙයි කියලා හිතාගෙන වෙන්න ඇති. …..රංජන් රට ගිහින් සල්ලි හම්බකරගෙන, ඔය දැන් ඉන්න ගෙදර හැදුවට පස්සෙ තමයි ඔය ගෑනිගෙ කටට පන ආවේ…..නැත්නම් කවදාවත් මම කියන දේකට පිටින් දෙයක් කරේ නැ….ඔලුව පහත් කරගෙන හිටියා…...තාත්තා නැතිවෙන කාලේනේ අපිත් එක්ක තරහ වුනේ….ඒ ඔය සාරාදාගෙ වෙඩින් එකෙන් පස්සෙ ….හිතන් ඉන්න ඇත්තේ...කෙල්ලයි දේපලයි ඔක්කොම අයිති කරගන්න….."


" එහෙම තමයි මිනිස්සු ….දැන් අවුරුද්දකට විතර උඩදී මම බිස්නස් වැඩකට කොළඹ ගිය වෙලේ...මට නිරංජන් හම්බුනා එයාගෙ වයිෆ් එක්ක මිනිහා හිටියේ….වයිෆ් හරි ලස්සනයි ..මොඩ් කෙල්ලෙක්...රස්සාවක් කරන කෙල්ලෙක් වගේ….පුංචි දුවෙකුත් හිටියා…..සාරදාගෙ දුවට වඩා මාස තුනක් විතර පොඩියි….හරි ලස්සනයි ...වයිෆ් වගේම නිරංජන්නුත් ඉතිං ලස්සනයි නේ…..දෙන්නා සතුටින් ඉන්න පාටයි ….සාරදා නුවර පදිංචියට ගිය ඒවා...විකුම් ලංකාවට ඇවිත් බිස්නස් කරන ඒවා එහෙම ඔක්කොම නිරංජන් දන්නවා….


"නංගි තාම කතා කරනවද දන්නෑ….එයා එක්ක…..


"ඒවා දන්නේ….නෑ….නිරංජන් නම් කවදත් හිත හොද එකානේ….අපරාදේ කියන්න බෑ...නැන්දවගේ නෙමේ රංජන් නිරංජන් දෙන්නම මාමා වගේ…..අපේ තාත්තත් වගේ…..ප්‍රශ්නේ…තියෙන්නේ....ගෑනුන්ගේ...අම්මගෙ ...,කුසුම් නැන්දගේ…..නංගිගේ….රානි ඇන්ටිගේ…..හැමෝගෙම…"


"ඇත්තටම පුතේ මට තව දැනගන්න ඕනම වෙලා තිබුන දෙයක් තමයි .......ඔය සාරදාට චූටි පුතා හම්බුන කාලේ ...මුලින් හරි හොදට විකුමගේ අම්මා රාණි ,...නංගිට හොදට සැලකුවානේ….පස්සෙ තමයි හෙමිහිට වෙනස් වෙලා සාරදාට කියන්නෙත් නැතුව , එයත් කැනඩාවට ගියේ...විකුම්ගේ ප්‍රශ්න මොනවත් නිසාද… නැත්නම් නංගිගෙයි නිරංජන් ගෙයි මගුල් කතන්දර ආරංච් වෙලාද....? දැන් ඔය විකුම්ගේ අක්කගෙ පවුලත් එක්ක රාණිත් ඔස්ට්‍රේලියාවේ ගිහින් තියෙන්නේ ඇයි…..? ඉස්සර විකුම් ගේ අක්කලා කැනඩාවෙනේ හිටියේ......


"ඒ විකුම් ගේ අක්කගෙ පොඩි ළමයා….කැනඩාවේ සීතල නිසා ,නිතර ලෙඩ වෙන්න පටන් ගෙන…..ඒ නිසයි ඔස්ට්‍රේලියාවේ ගිහින් තියෙන්නේ එහේ සමහර පැති වල දේශගුණය හොදයි..රස්නෙයි කියලා …ගිහින් තියෙන්නේ.....දැන් ඒ ළමයා එහේ ඉස්කෝලෙත් යනවා කිව්වෙ ...විකුම්ගේ අක්කයි..මහත්තයයි හොදට ඉගෙන ගත්ත අයනේ….ලේසියෙන් ඔස්ට්‍රේලියාවට විසා හදාගන්න ඇති…."


"අපරාදේ...ඒ මිනිස්සු කැනඩාවේ හිටියා නම් ….සාරදාට ලේසියි….දැන් ඉතිං හරියට කාත් කවුරුත් දන්නෙ නැති රටක තනියම ළමයි දෙන්නෙක් එයාට හදාගන්න වෙනවනේ…. මොනව කර ගනීද මන්දා ..….ඉපදිච්ච් දවසේ ඉදන් සෝමනේ සාරදාව බලාගත්තේ., මටත් වඩා සාරදා එකතු සෝමටනේ….ඊට පස්සෙ සෝමානෙ සාරදාගේ ලමයි දෙන්න බලාගත්තෙත්…..හැබැයි සාරදා ඉගෙන ගත්තා වගේම….ගෙදර උයන පිහන වැඩ වලටත් කම්මැලි නෑ…..ඒ නිසා රට ගිහින් තනියම ළමයි බලාගෙන වැඩ කර ගනියි…."


" ඔව් එයාට තමයි විකුම් අඩගහගෙන පිටරටක පදිංචියට යන්න ලොකුවට ඕනෑ කම තිබුනේ….ඒ නිසා ..අමාරුවෙන් හරි ළමයි බලාගෙන හොදට ඉදියි.."


"ඇත්තටම පුතේ….ඔය විකුම් මොකද අවුරුදු තුනක්ම සාරදාව මග ඇරලා එහේට වෙලා ඉදලා තියෙන්නේ…."


මම හැම දෙයක්ම දන්නවා….අවුරුදු තුනක් නංගි විදපු දුක දන්න නිසත්….නිරංජන්ගෙයි නංගිගෙයි හුටපට නිසා......නංගි නමකැත කරගෙන ජීවිතේ විනාශ කරගනී කියන බයට….., මම සාරදාට විකුම්ගේ ඔක්කොම විස්තර කිව්වෙ නෑ….මොනවා උනත් ...දෙන්නම හොදට මට්ටු වෙලා හිටිය නිසා මම ….දෙන්නගෙම හොර හංගලා දෙන්නව එකතු කරා….දෙන්නම එකම බෝට්ටුවේ….....හැබැයි දෙන්නට දෙන්නා..ඒ දෙන්නගෙ හොර දන්නෑ…..හැබැයි මම ඔක්කොම දැනගෙන සද්ද නැතුව දෙන්නව එකතු කලා ….මොනව වුනත් ,මට හරි සතුටුයි දෙන්නා රට ගිය එකට…..ඔය දෙන්නගෙම හොර මගුල් කතා අමතක වෙලා ගිය කාලෙක ආයෙත් ලංකාවට ආවාහම ඇති…. ඒ දෙන්නට එහේ ජීවත් වෙන්න රස්සාවක් නැති උනොත්…. සල්ලි නැති වුනොත්.....මම මෙහෙ නංගිගේ නමට තියෙන ගෙවල් දොරවල් විකුනලා හරි මම සල්ලි කැනඩාවට අරිනවා එහෙට වෙලා......එහෙම ඉන්න කියලා …."


" අනේ….ඇයි පුතේ…. තව මොනවාද මම නොදන්න දේවල් ….විකුම්ගේ "


"අම්මා දන්නවට වඩා….ගොඩක් ලොකු දේවල් නංගියි නිරංජන් අතරයි තිබිලා තියෙනවා ....….මම පන බයේ හිටියේ….විකුම් මෙහෙ ආවට පස්සෙ නිරංජන් ගැනයි නංගි ගැනයි…. විකුම්ට ආරංච් වෙයි කියලා ….මම විකුම් ලංකාවට ආවට පස්සෙ .....කොළඹ ගෙදර වැඩිය ඉන්න නොදි ,මෙහේ නිවර වැඩිපුර ගෙන්න ගත්තෙත්..... නිරංජන් ගැන විකුම්ට, ගමේ මිනිස්සුන්ගෙන් දේවල් ආරංච් වෙයි කියලා බයේ….. හොද වෙලාවට විකුම් කා එක්කවත් වැඩි කතාබහට නොයන කෙනෙක් උනේ…..විකුම් ලංකාවට එනකොටම ගෙවල් දොරවල් විකුනලා..නංගි මෙහෙට මාරුවක් ඇරගෙන හිටිය එක හොදට ගියා….."


" නංගිගේ ඉස්කෝලේ චාන්දනී කියලා යාලුවෙක් ඉන්නේ...එයා මට දවසක් හම්බුනා...එයා කිව්වා ඉස්කොලේ සර් කෙනෙක් නංගිව බදින්න බලාගෙන ආශ්‍රය කරලා….නංගී ඒ මිනිහටත් බොරු පොරොන්දු දීලද කොහේදෝ ඒ මිනිහා නංගී ගැන බලන් ඉදලා….ඒකයි ඔය හදිසියේ නුවරට මාරුවක් ඇරගෙන තියෙන්නෙත්…."


"නෑ...ඉතිං ..ඒ සර්...අප්සෙට් ගිහින්ද…?


"නෑ...ඒ මිනිහා එහෙම අප්සෙට් යනකෙනෙක් නෙමේලු….නංගිගේ ලස්සනට පස්සෙන් ඇවිත් තියෙන්නේ….බැදලා ඩිවොස් වෙච්ච මිනිහෙක්...ඒ මගුල් උනා නම් මෙයා කොහේ නැවතෙයිද දන්නෑ….හොද වෙලාවට විකුම් ආයෙත් ආවේ…..නංගී ගැන දෙවියො බලලා විකුම්ව ඒ වෙලාවෙ ලංකාවට එව්වේ ..විකුම් උනත් හොද හොද නාඩගම් නටල තමයි ඔය ඇවිත් ඉන්නේ ...අර පොඩි එකාට තාත්තා කෙනෙක් ඕන නිසයි මම එයාට සමාව දුන්නේ…...."


"ඈ...ලොකු පුතේ උබ දන්න,... මම නොදන්න දේවලුත් මටත් කියපං....මාත් දැනගන්න එපෑ.... ....දැන් දෙන්නා තුන් දෙනාම රටේ නැති නිසා....."


-හෙට හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

135 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page