top of page
  • Writer's picturePrisila Godahewa

💞 අමුතු දීගේ 💞#2 අමුතු දීගේ


(7 වන කොටස )

විකුම් ඇවිත් දින තුනහතරක් ඇතුලත අපට පාවිච්චි කරපු වාහනයක් මිලදීගැනිමට හැකිවිය..... මහ ගෙදර විකුනා ලැබුනු මුදල් වලින් ....නුවර ගෙදර , විකුම්ගේ බිස්නස් එකට මුදල් ටිකක්.... හා වාහනයක් ගැනීමට හැකි විම අපේ හිතට ලොකු සහනයක් හා සතුටක් විය.....


නුවර පදිංචියට යෑමට පෙර කොළඹ දී කරගන්නට තිබුනු වැඩකටයුතු කරගැනිමට ... මාත් විකුමුත් නිතර ඒ ගමන් බිමන් ගියේ....පුතා සෝමා ලග තියාය. විකුම් එක්ක කොළඹ එහෙ මෙහෙ ඇවිද යන වෙලාවට මම සිටියේ සැකෙන් හා බයෙන්‍ ය.....නිරංජන් ගැනයි මම ගැනයි විස්තර දන්නා.... කවුරු හරි හම්බවෙලා නිරංජන් ගැන අහයි කියන බය නිතර හිතේ තිබුනි. ...පහුගිය දවස්වල මම අදුනන අයට නිරංජන් මගේ හස්බන්ඩ් විදිහට පේන්න එහෙ මෙහෙ ගිය මම දැන් විකුම් එක්ක යනකොට එයාව අදුනගනියි කියන බයේ මම දැන් ගමන් යන්නෙමි......


විකුම් ආපසු.... හැමදාම රෑට පුතාව වේලාසන කවා පොවා නිදිකරවා, සෝමාට කුස්සිය... අස්කරන වැඩ වලටද මම උදව්කරන්නෙමි. ඉන්පසු වේලාසන ඇගපත හෝදා ලස්සන නිදන ඇදුමකින් සැරසී.... විකුම් සමග නිදාගන්න යන්න ලෑස්ති වෙන්නේ හරි ආසාවෙනි ..... ඒ වෙනුවෙන් තකහනියක් ආසාවෙන් ලෑස්ති උනත්….මම දෙලොවක් අතර හිරවි ඇති ගානය….හැම දිනකම තනිවන හැම මොහොතකම මට නිරංජන් සිහිවේ......ඔහු මේ දිනවල මොනවා කරනවා ඇද්ද..මාව ඔහුට මතක් වෙනවා ඇද්ද...කුසුම් නැන්දා කිව් ලෙස ඔහු ජනවාරියේ කසාද බදින්න ලෑස්ති වෙනවා ඇද්ද...? යන නොයෙකුත් සිතිවිලි අතර මම දැන් තනිවී ඇත .....


විකුම් රට සිට ආවට පසු .....අපි පුතාට නිදාගන්න තනි ඇදක් අපේ කාමරයට ගත්තේ තුන් දෙනාට නිදාගන්න තිබුන ඇද මදි නිසයි.....


පුතා නිදාගත් පසු අප දෙදෙනා නිදහසේ එකට එකතු උනත්….මට මොනව වෙලාද කියා සිතා ගැනිමට නොහැකිය ..... මම ඉන්නේ වෙනත්ම ලොවක ගානය...මට විකුම්ගේ ආදර සිපවැලද ගැනීම් වලින් කිසිම හැගීමක් ඇති නොවේ....….මම විකුම්ගේ අවශ්‍ය තාවයට ....ඔහුට කැමති දෙයක් කරගන්න ඇර මම මගේ පාඩුවේ ඉන්නේ ඇයි දැයි මට නොතේරේ…....මට විකුම්ගෙන් කිසිම සතුටක් නොලැබීම නිරංජන් නිසා ඇතිවුනක්ද...?….මට සතුටක් නොලැබුනාට ඔහුට අසාදාරනයක් නොවන්නට මම වග බලා ගන්නෙමි…..ඔහුට රිසිසේ සතුටු වන්නට ඉඩදි සිටිම…. විකුම්ට තේරි ගොස් ඇති ආකාරයක් පෙනේ…..


" ඇයි සාරදා ….ඔයා හරි වෙනස් දන්.....අපි බැදපු මුල් සුමාන දෙකේ ඔයාගෙ තිබුන සැහැල්ලු ගති ඔක්කොම දැන් නැතිවෙලානේ…. ඔයා දැන් පොඩ්ඩක් වත් ඇක්ටිව් නෑනේ.... .හරියට මාත් එක්ක එකට ඉන්න අකමැත්තෙන් වගේ කම්මැලි කමට ඉන්නේ..... ඇයි ඒ.... ….ඔයා මාත් එක්ක තවම තරහින්ද ඉන්නේ…..සාරදා …?


"නෑ….එහෙම එකක් නෑ..මගෙ ඇගට හරි නෑ…... මේ දවස් වල...ගෙවල් අස්කරන්න බඩු පැක් කරන්න ගොඩක් මහන්සි වෙන නිසා වෙන්න ඇති… හරි නිදිමතයි ...අපි නිදාගමුද…"


.මම විකුම්ගේ පපුවට තුරුල් වෙලා නිදාගන්නේ නම් සතුටින්…..මට දැන් මගේ අනාගතය ගැන ස්‍රරක්ශිත බවක් දැනේ.. මට දැන් මගේ සැමියා ලග ඇත….. . මගේ පුතාට දැන්... ඔහුගේ තාත්තා ලගටම ඇවිත් ඇත….


මගේ හිතේ නිතර ඇත්තේ නුවර පදිංචියට යන ගමන ගැන උනන්දුවයි..... පුලුවන් ඉක්මනටම මේ

පලාත අත් හැර යන්නට ලැබෙන එක ගැන මට ඇත්තේ ලොකු සතුටකී….. මේ ගමේ මිනිසුන්, අත හැර යන්නට ලැබෙන එක ගැන ඇත්තේ හිතේ සැනසිල්ලකි......


විකුම් ලංකාවට විත් සුමාන තුනකට පසු දිනක් උදෑසන මට.... ඇදෙන් නැගිටින්න පෙර ... ඇතිවුනේ ඉවසිය නොහැකි අප්පිරියාවක් සහ ඔක්කාර ගතියකි........වහා ඇදෙ කෙලින්වී වාඩිවු මට වැඩි වේලාවක් එලෙස සිටිමට නොහැකි විය....... මට වමනේ දාන්න උවමනාවක් ඇති වුනෙන්..... මම වහා ඇදෙන් බැස...කාමරයෙන් එලියට දුවගියේ විකුම්ට නොඇහෙරෙන ලෙසය…..මම දුව ගියේ කුස්සිය පැත්තේ තියෙන කුසුමාගේ නාන කාමරයටය.

බොහොම අමාරුවෙන් මම වමනෙ දැම්මේ...බඩ පපුව අල්ලාගෙනය….මගේ සද්දය ඇසි නාන කාමරයට දුවගෙන ආ සෝමා….හොල්මනක් දැක්කා සේ ඇස් උඩ ඉන්දවාගෙන...අත කමුලේ තියාන උන්නේ...ඇස් අදහාගත නොහැකි ලෙසය….


" මේ...මොකද නෝනා මේ…..විකුම් මහත්තයා ඇවිත් තාම සුමාන තුන ඉවරවුනා විතරයි …...මෙච්චර ඉක්මනට….😠😠😠 කොහොමද ....?..☠️☠️☠️මම හිතුවා….මම ගමේ ගිය කාලේ නිරංජනයා මේ පැත්තේ ඇවිත් ගිහින් තිබුනනේ... ….ඌත් එක්ක රට වටේ ගිහින් කියලා....කුසුම් නෝනා කිව්ව ඒවා මම විශ්වාස කලේ නෑ......බොරුවට නෙමේ නේ ඒ ගෑනි මෙතන ඇවිත් කෑගහලා ගියේ.......මම දැනගත්තා...….මොනවා හරි කරගෙන කියලා .....ලැජ්ජා නැද්ද ..ගුරුවරියක් නේද….ළමෙක් ඉන්න අම්මා කෙනෙක් නේද …? විකුම් මහත්තයාගේ ළමෙක් නෙමේ මේ.....මම ඒක හොදටම දන්නවා.....…මේ නම් අර මිනිහගෙම ළමෙක් තමයි .......වැඩි දවසක් යන්න ඉස්සර මහත්තයා දැන ගනියි මේ එයාගෙ ළමෙක් නෙමේ කියලා…."


"අනේ...සෝමා ..මට බනින්න එපා...මම දැන් මොකද කරන්නෙ කියන්නකෝ...මම සෝමා ලග බිම වාඩිවී....සෝමාගේ කකුල් දෙක අල්ලාගෙන අඩන්න ගත්තේ...හිටගෙන ඉන්න තරම් පනක් නැතුව….කලන්තෙ ගතියකින් මම පෙලී උන් නිසයි.


" දැන් ඉතිං මොනව කරන්නද..? මදෑ... . අවුරුදු තුනක් තිස්සේ බලන් ඉදලා ....යන්තම් පවුල් කන්න පටන් ගත්තා විතරයි ...දැන් මොකද කරන්නේ....අනේ දෙවියනේ ..නාකි මේ මටත් නිදහසේ බනක් බාවනාවක් කරගෙන ඉන්න හැටියක් නැති හැටි....


"දැන් ඉතිං ......විකුම් මහත්තයාට බොරුවක් කරලා තමයි ළමයා හදාගන්න වෙන්නේ....ඒ ඇරෙන්න වෙන කරන්න දෙයක් නැ…..මොකෝ...අනුන්ගේ ළමෙක් කියලා නැති කරගන්නයෑ ….දැන් ඉතිං විකුම් මහත්තයාට නොතේරෙන්න තව සුමාන දෙකක් විතර අමාරුකම් හංගගෙන ඉදලා ......ඊට පස්සෙ විකුම් මහත්තයාට ළමෙක් හම්බවෙනවා ඉන්නවා කියන එක තමයි කරන්න තියෙන්නේ......"


"අනේ...ඉතිං සෝමා මම එච්චර ලොකු බොරුවක් කොහොමද විකුම් මහත්තයාට කරන්නේ…..


"ඇයි...මොකෝ . මේක දැනගෙන..... .නිරංජනයා ඇවිත් ළමයි දෙන්නත් එක්ක නෝනව භාර ගනියි කියල හිතෙනවද… අන්න..ඌ මගුල් කන්න යනවා කියලා අර ශාන්ති නෝනා කිව්වෙ…..."


"මොන ශාන්ති නෝනද ?...


"අර ටවුමේ පාර අයිනේ ලස්සන ගෙදර ඉන්නේ… කොන්ඩේ කපලා ලස්සනට ඇදලා බැංකුවේ වැඩට යන නෝනා..…එයාට කියලා තියෙන්නේ ඉන්දු නෝනා..... "


"කවුද ඉන්දු නෝනා කියන්නේ….?


"අර බබාලා තුන්දෙනෙක්ව උදේ හවස ඉස්කෝලෙ එක්ක යන ලෝයර් නෝනා... ඒ විතරක් නෙමේ සන්දයා නෝනත් මගෙන් බාගෙට ඇහුව්වා සාරදා නෝනගෙ මහත්තයා ආවද කියලත්....ඒ නම් නිරංජනයා දැකලා.......


"කවුද සන්දයා නෝනා කියන්නේ....


"අර වංගුවෙ ගෙදර මනමාලියන්ට අන්දන සැලුන් එක දාගෙන ඉන්න සන්දයා නෝනා...…"


"ඒගොල්ලොත් දන්නවද නිරංජන් අපේ ගෙදර ආපු ගිය ඒවා….?


"ඒගොල්ලො දන්නෙ නැත්නම් ...වෙන කවුද දන්නේ ….? 😃😃


"මම ඉන්න හැටියටම ඉදගෙන ඉකි ගහ ගහා ඇඩුවේ….නිරංජන් ගෙ ළමෙක් මගේ බඩේ පිලිසිද ගත් නිසාද...නිරංජන් කසාද බදින බව දැන ගත් නිසාද...ගමේ දන්න කියන අය මායි නිරංජන් ගැනයි දන්න නිසාද…...එහෙම නැත්නම් විකුම්ට කරන්න වෙන බොරුව නිසාද කියලා හිතා ගන්න බැරි විය….අනේ මම වගේ පව්කාර ගෑනියෙක් ...තමන්ගේ මහත්තයා අවුරුදු ගානනකට පස්සෙ ගෙදර ඇවිත් ඉන්න මොහොතේ …..ඔහු සමග සතුටු වෙන්න විදිහක් නැතුව......තනි හිතෙන් විදින්න වෙලා තියෙන දුක් කන්දරාව….. මම නම් පුදුම කරුමක්කාරියක් දෙවියනේ …...


"දැන් ඉතිං අඩලා හරියනවද..?


"අඩනවා හැරෙන්න මම වෙන මොනවා කරන්නද සෝමා…"


" නෝනා...දැන් නැගිටලා මේක බොන්න...එන්න...දැන් මහත්තයා නැගිටින වෙලාව….මූණ හෝදගෙන මහත්තයාට වෙනසක් නොදැනෙන්නෙ තව සුමාන දෙකක් විතර ඉදලා ...ළමෙක් හම්බවෙන්න ඉන්න බව මහත්තයාට කියන්න ...මහත්තයා සැක කරන එකක් නෑ….ගිය පාරත් බැදලා සුමානෙ දෙකෙන්නේ ලොකු බබා හම්බවෙන්න ආවේ...


මට දැන් ලොකු රහසක් රැකගෙන...ලොකු රගපෑමක් කරන්න වෙලා තියෙන මොහොතක්…..අනේ...පව් විකුම් ...මම මූණ කට හෝදගෙන සෝමා දුන් ඉගුරු තේ එක බිව්වේ උගුරට එන අප්පිරියාව නවත්වා ගන්නයි….


අපි මිලදි ගත්..... පාවිච්ච් කරපු පොඩි කාර් එකේ...අද කලුතර වදින්න යන්න ලෑස්ති වෙමින් සෝමා සිටියේ...ඇය අපට දවාලට කන්න කෑම ලෑස්ති කර දැනටත් ඉවරය. බත් මුල් තුනක්... බැද...පුතාට අවශ්‍ය කෑම හැමදෙයක්ම ලෑස්ති කර පුතාවද සෝදා ලෑස්ති කරමින් ඇයද කඩිමුඩියේ ලෑස්ති වෙන්නේ......මට පහසුවක් වන්නට බව තේරේ....


" කලුතර යන්න ලෑස්තිද සාරදා ..?


විකුම් නැගිට ඇත...ඔහු පුරුද්දට උදේ නැගිට්ට ගමන් පැමින මගේ කොපුලට හාදුවක් දෙයි. .... එක දැන් ඔහු පුරුද්දට කරන දෙයකි...ඔහුට ඒ සිප ගැනීම සෝමා...අම්මා..පුතා ගිටියට ගානක් නැත….


" ඔව්..සෝමා ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ….ඔයා හෝදගෙන එන්න.. ඉක්මනට යමු ..දවල් වෙනකොට ට්‍රෆික්….වැඩිවෙනවා….


"නෝනා...ඔන්න මම කෙක්කක් බැදලා ඇබැරැල්ලා ගෙඩි ටිකක් කඩලා...ලුනු ගම්මිරිස් දාලා තලලා නෝනට අච්චාරුවක් හැදුවා…"


"ඒක නම් ලොකු දෙයක් සෝමා...කෝ දෙන්නකෝ ටිකක් දැන් කන්න…."


පව් සෝමා….මට අම්මා කෙනෙක් ගානය....මගේ වැරදි වලට බනිනව වගේම...මගේ වැරදි වැඩ වලටද ඇය උදව් කරන්නේ...මගෙ පවුල රැක ගැනීමට බැව් මම දනිමි.


නෝනා...දැම්ම නම් විකුම් මහත්තයාට දැනෙන්න තියන්න එපා, බබෙක් හම්බවෙන්න ඉන්න බව….අවුරුදු තුනකට පස්සෙ ආපු මනුස්සයා ,දැනගත්තොත් එදාම ආපහු යයි…"


-අපි එන සදුදා හමුවෙමු ....හදිසි වැඩක් නිසා....මේ.සෙනසුරාදා ඉරිදට අමුතු දීගේ නවකතාව පළ කිරීමට හැකියාවක් නොමැත . සමාවෙන්න ...-


*ප්‍රිසිලා ගොඩහේවා *

0 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page