top of page
  • Writer's picturePrisila Godahewa

💞අමුතු දීගේ 💞

(5 වන කොටස

🌹🌹 විශ්ව විද්‍යාලයට යන්නට පටන් ගත් දින සිට ,උදේ හවස යන එන අවස්ථාවල නිරංජන් අයියා ද මා පසුපස ම පැමිණෙයි. ඉදහිට මට පොඩි පොඩි තෑගිද ගෙනවිත් දෙයි. මොනවා හරි කෑමට බීමට ගෙනත් දී හෝ කොහේට හෝ එක්ක ගොස් ටික වේලාවක් කතා කරමින් ඉද එයි. ඔහු ගේ හිතේ මා ගැන ආදරයක් ඇති නිසා ඔහු ආදරය පිරුණු දෑසින් මා සමග කතා කරනා බව මාහට වැටහේ. ඔහුගේ හිතේ මා ගැන ආදර සෙනෙහසක් ඉපදී ඇති බවනම් මට හොදින්ම වැටහේ.නමුත් කිසිදින ඔහු මාගෙන් ආදර සම්බන්ධයක් ගැන අසා නැත. ආදරය දැනෙන පරිදිනම් හැසිරේ…... නමුත් මම ඔහුගේ හිතේ ඇති හැඟීම හොදාකාරවම දැනුනත් ඔහු එය ප්‍රකාශ කරන තුරු නොදැනෙන්න ලෙස ඉදිමි ..

🌹🌹 විශ්ව විද්‍යාලයට යන්නට පටන් ගත් දින සිට ,උදේ හවස යන එන අවස්ථාවල නිරංජන් අයියා ද මා පසුපස ම පැමිණෙයි. ඉදහිට මට පොඩි පොඩි තෑගිද ගෙනවිත් දෙයි. මොනවා හරි කෑමට බීමට ගෙනත් දී හෝ කොහේට හෝ එක්ක ගොස් ටික වේලාවක් කතා කරමින් ඉද එයි. ඔහු ගේ හිතේ මා ගැන ආදරයක් ඇති නිසා ඔහු ආදරය පිරුණු දෑසින් මා සමග කතා කරනා බව මාහට වැටහේ. ඔහුගේ හිතේ මා ගැන ආදර සෙනෙහසක් ඉපදී ඇති බවනම් මට හොදින්ම වැටහේ.නමුත් කිසිදින ඔහු මාගෙන් ආදර සම්බන්ධයක් ගැන අසා නැත. ආදරය දැනෙන පරිදිනම් හැසිරේ…... නමුත් මම ඔහුගේ හිතේ ඇති හැඟීම හොදාකාරවම දැනුනත් ඔහු එය ප්‍රකාශ කරන තුරු නොදැනෙන්න ලෙස ඉදිමි ..

ඔහු ඉදහිට මට චොකලට් තෑගි බෝගද ගෙනත් දෙයි. ඉදහිට අප දෙදෙනා නිදහස් තැනකට ගොස් කතා කරමින් සිසිල් බීම බොමින්, එදිනෙදා සුපුරුදු කතාබහේ යෙදෙන්නෙමු. අප දෙදෙනා නෑනා මස්සිනාලා නිසා අපට අපේ අනාගතය ගැන කතා කිරීමට අවශ්‍ය නැත. එය දෙමව්පියන් විසින් විසඳා දෙනතෙක් අප දෙදෙනා ම බලා හිදින්නෙමු.


“අපේ අම්මා නිතරම ඔයා ගැන අහනවා, අම්මා බලන් ඉන්නෙ ඔයා අපේ ගෙදර එනකම් ”

නිරංජන් කියයි .

“ඒ මොකටද ?මම කිසිත් නොදන්නා ලෙස අසමි.

“ඇයි ඉතින් එයාගෙ එකම ලේලි ඔයානේ”

“දැන් කවද්ද රංජන් අයියා මැරි කරන්නේ? අර දහම් පාසැලේ නිතරම රංජන් අය්යත් එක්ක කතා කර කර හිටිය සුදු ගෑනු ලමයා නේද අයියා කසාඳ බදින්න ඉන්නේ”

මම විහිලුවට කතාව වෙන පැත්තකට හරවන්නේ විහිලුවක ලෙස හිමින් සීරුවෙන්ය. . නිරංජන් අයියාද ඒ කතා බහ වැඩි දුරකට ගෙන නොයයි. කාලය ගෙවී ගියේ ඉතා වේගයෙනි.

එන්න එන්න නිරංජන් අයියා හොද උස මහත ඉතා පෙනුමැති තරුනයෙක් ගේ පෙනුම ලැබී ඇත.. නමුත් ඔහු ඉතා සබකෝල ගතියෙන් පෙලෙයි. කෙලින්ම ඔහු ඔහුගේ හිතේ මා ගැන ඇති ආදරේ ප්‍රාකාශ නොකරයි. මගේ ඒ ගැන ඇති හැගීමද නොඅසයි. මට ඔහු ඉතා ආදරය කරන බවනම් මට හොදින්ම තේරෙයි.

නිතර මගේ පසු පස එන නිසා විශ්ව විද්‍ය්ලයේ යහලුවන් පවා සිතා සිටින්නේ ඔහු මගේ පෙම්වතා කියායි. යහලුවන් නිතර මට ඔහු ගේ නම කියමින් විහිලු කරයි. ඔහු ගැන මගේ යාලුවො සියල්ල දන්න නිසා විශ්ව විද්‍ය්ලයේ පිරිමි ලමයින් අනිත් ගැහැනු ලමයින්ට මෙන් මා සමග අනවශ්‍ය විහිලු තහලුද නොකරයි. කවුරු කොහොම හිතුවත් අප දෙදෙනා තවමත් පෙම්වතුන් නොවෙමු. සාමාන්‍ය යාහලුවන් දෙදෙනකු මෙන් අප ආශ්‍රය කරන්නෙමු. පොඩි කාලයේ නම් අතින් අල්ලාගෙන කරේ නැග සෙල්ලම් කලත් ,දැන් නම් ආදර හැගීමෙන් අතින් වත් නොඅල්ලයි. සාමාන්‍ය හොද යාලුවන් දෙදෙනෙක් ලෙස ආශ්‍රය කරන්නෙමු .


‘‘දුව ඔයාට විශ්ව විද්‍ය්ලයට යන එන කොට නිතර ම නිරංජන් හමුවෙනව ද?’’

අම්මා මම ගැන නිතර විමසිල්ලෙන් පසු වෙයි.

‘‘නිතර ම නෙමේ. ඉඳහිට නිරංජන් අයියා හම්බවෙනවා, බස් එකේ දී.‘‘

‘‘ඒ උනාට ඔයා නිරංජන් එක්ක වැඩිය කතාවට යන්න ඕන නෑ.‘‘

‘‘හරි වැඩක්නේ. අපි නෑදෑයෝනේ.. කොටින්ම ඒ මගේ මස්සිනානේ.... මං කතා කරාම මොකද?’’

‘‘නෑන මස්සිනාල වුණාට ඒ නෑදෑකම්වලින් වැඩක් නෑ….... මං සාරදාට හොඳ මණමාලයෙක් හොයලයි තියෙන්නේ. මේ අවුරුද්දෙ අන්තිමට සාරදා මැරි කරන්න ලෑස්ති වෙන්න…...‘‘

‘‘අම්මට පිස්සු ද? …..මම තව ම විශ්ව විද්‍ය්ලයේ අවසන් විභාගෙ කරලත් නෑ.‘‘

"විභාගේ ඉතිං කරන්න පුලුවන්නේ...බැන්දා කියලා ඔයාව උස්සගෙන ඉන්නෑනේ.."

"මම දැන්ම බදින්න අදහසක් නෑ...මට විභාගෙ ඉවර කරලා උපාදිය ගත්තට පස්සෙ රස්සාවක් කරන්න ඕනේ….ඊට පස්සෙ තමයි මම බදින්න කැමති …"

"ඔය ළමයට ඕන දේවල් බැදලත් කරන්න පුලුවන්නේ.. ..ඔයාට හොද ප්‍රපෝසල් එකක් ඇවිත් තියෙනවා...ඒක අත් හැරගන්න හොද නෑ… මම තාත්තටත් කිව්වා, ….ඔයා දන්නවනේ දැන් මම හොයලා බලලා කරලා දුන්න මැරෙජ් එක නිසා අයියා කොච්චර හොදට දියුණු වෙලා සතුටින් දැන් ඉන්නවද කියලා …."

" ඒ අයියා නේ...මම ප්‍රපෝසල් වලට කැමති නෑ..මම හොදට දන්න, අදුනන කෙනෙක් තමයි බදින්න කැමති ...ඒත් දැන්ම නෙමේ..විභාගෙ ඉවර උනට පස්සෙ ...

"ඒ උනාට මේ තරම් හොද ප්‍රපෝසල් එකක් ආයේ එන්නෙ නෑ..මේක මග ඇරගන්න හොද නෑ…"

"අම්මට මම කියන්න හිටියේ….මම කැමතියි නිරංජන් අයියව කවදහරි කසාද බදින්න...එයාගෙ හිතේත් මම ගැන තියෙනවා අදහසක්….."

"සාරදා ….හොදට මතක තියාගන්න ඔය මගුල නම් ජීවිතේට වෙන දෙයක් නෙමේ ….තාත්තාගේ නංගී උනාට, කුසුම් බැන්දේ අඩුකුලේ මිනිහෙක්….මම වැඩිය ඒ මිනිස්සු අපේ ගෙදර එනවටත් කැමති නැත්තේ ඒකයි. අපි කොයිතරම් හොද තත්වයක් තියාගෙන ඉන්න මිනිස්සුද….අපේ නෑදෑයෝ , අපේ දේපළ වලට, ඔයාගෙ තත්ත්වයට ගැලපෙන කෙනෙක් තමයි කවදහරි ඔයා කසාද බදින්න ඕනේ...කවදාවත් ඔයා ඔය හිතේ තියාගෙන ඉන්න දේවල් නම් සිද්ද වෙන්නේ නෑ සාරදා .….මොනවා හරි හිතේ තියෙනව නම් ඔයා ඒ ඔක්කොම හිතෙන් අයින් කරලා මම මේ ගෙනාපු ප්‍රපෝසල් එකට කැමති වෙන්න … "

අම්මාට හොදටම කේන්ති ගොස් ඇත. කවදත් අම්මා කියන දෙයක් මිස වෙන දෙයක් මේ ගේ ඇතුලේ සිද්ද නොවේ….තාත්තා කිසිම දේකට තිරනයක් ගන්නේ නැත. අයියාත් එලෙසය. අම්මාගේ තනි කැමැත්තට මේ ගෙදර සියලු දේ සිද්ද වුනත්, ඒ හැම තීරනයක් නිසාම අද වන විට අපි හොද තත්වයකට පැමින සිටිම නිසා, තාත්තා හා අයියා ඇය කියන දේකට කැමති වෙයි.

අම්මා අද කියන කම් නිරංජන් අයියලාගෙ තාත්තා අඩු කුලේක කතාව මම දැන නොසිටියෙමි. මට එය ඒ තරම් වැදගත් නොවේ...නමුත් අදටත් නිරංජන්ලා පදිංචි වී හිදින්නේ අපේ ගේක බවත්, ඔවුන් තාත්තාගේ උදව්වෙන් ජීවත් වෙන බවත් මම දනිමි.

අම්මා කියන ලෙස මගේ හිතේ තියෙන දේවල් නම් මේ ආත්මයේ සිද්දවෙන දේවල් නොවන බවනම් මම දනිම්. නිරංජන් අයියා කිසි දින මට ආදරය ගැන යෝජනාවක් නොගෙනාවේ ,අපේ අම්මා ගැන, ඔවුන්ගේ කුලය, අගහිඟකම් ඔහුත් දන්න නිසා වන්නට ඇත. මම මොනවාද දැන් කරන්නේ. මට නිරංජන් අයියා ගැන ඇත්තේ දුක මිශ්‍ර ආදරයකි.


"සාරදා …. අම්මා විශේෂ දෙයක් කීමට ඇතිවිට මගේ නමින් අමතයි.ආදරයෙන් කතා කරනවිට දුව කියයි. කේන්ති ගිය විට ඔය ළමයා කියයි. අම්මා සාරදා කියාගෙන මගේ කාමරයට ආවේනම් හොදකට නොවන බව මට වැටහිනි.

"ඇයි අම්මා.."

‘‘ඔයා දන්නවනේ නුගේගොඩ රානි ඇන්ටි. අර අංකල් නැතුව ළමයි දෙන්නා හොදට හදාගෙන ඉන්න ඇන්ටි. ඒගොල්ලො හරි පෝසත්. ඇන්ටි ජොබ් එකක් කරෙත් නෑ….අංකල් නැති උනාට පස්සේ එයාගෙ පෙන්ශන් එකෙන්, ඒගොල්ලන්ගෙ පොල් ඉඩමකින් එන ආදායමෙන් තමයි ළමයි දෙන්නා හොදට හදාගත්තේ….. ඔයාට මතකයි නේද ?…...එයාගෙ පුතා විකුම් , අර දැන් අවුරුදු දෙකකට උඩදී ඉගෙන ගන්න එංගලන්තයට ගියේ,......ඉස්සර අපේ ගෙදරත් එනවා…. අර විකුම් පුතා, හරිම හැන්ඩ්සම් කොල්ලා, ඔයාට මතකනේ… එයා මේ අවුරුද්දෙ අන්තිමට ලංකාවට එනවලූ. එයාගෙ ෆයිනල්ස් තව අවුරුද්දකින්ලු…..නිතර යන්න එන්න බැරි නිසා...මේ පාර ලංකාවට, එයා ආපුවහම එයාව මැරි කරවලා ගර්ල් වත් එයත් එක්ක රට අරින්න ඇන්ංටිට ඕනවෙලා……මේ දවස්වල ඇන්ටි හොද ගර්ල් කෙනෙක් හොයනවා. මගෙන් ඔයා ගැන ඇහුව්වා. ඔයා යුනිවසිටි යන නිසා විකුම් ඔයාට කැමති වෙයිලු….. කවදහරි උපාදියක් තියෙන කෙල්ලෙක් බැන්දොත් එයාටත් ඒ රටේම ජොබ් එකක් කරගෙන හොදට ඉන්න පුලුවන් නිසා…..රාණි ඇන්ටි ඔයා ගැන එයාට කියන්නද කියලා මගෙන් ඇහුව්වා … මම කිව්වා අපි කැමතියි ඔය දෙන්නට කතා බහ කරන්න සලස්වන්න කියලා .‘‘


‘‘පිස්සු ද අම්මේ…... මං ඒ මනුස්සයාව කාලෙකට දැකලත් නෑ. වැඩිය ආශ‍්‍රය කරලත් නෑ. පොඩි කාලේ දැක්කට පස්සෙ හම්බවෙලත් නෑ.‘‘......

‘‘මොනව හම්බ වෙන්න ද? අපි ඒ මිනිස්සු ගැන හොඳට දන්නවනේ. මං රාණි ඇන්ටිට කියන්නම් විකුම්ට කියන්න කියල ඔයාට කෝල් එකක් දෙන්න කියලා.‘‘......

‘‘මං එහෙම ඔය කා එක්කවත් කතාවට යන්නෑ.‘......‘මම තරයේ කීවේ..., ගහෙන් ගෙඩි එන ලෙස කී මේ කතාවෙන් මම අන්ද මන්ද වී සිටි නිසයි.

“විකුම් හරි හැඩකාරයා. මට මතකයි එක පාරක් එයා රට යන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි පොළොන්නරු ට්‍රිප් එකක් යන්න විකුම් රානි ඇන්ටි එක්ක ඇවිත් හිටියා. ඒ කාලෙත් හරි හැන්ඩ්සම් කොල්ලා …..දැන් ඊටත් වඩා ලස්සන ඇති. දැන් නම් ඉතිං නියම සුද්දා වගේ ඇති. …..විකුම් දැන් ඉංග්ලඩ් වල ඉගෙන ගන්න ගමන් ජොබ් එකකුත් කරනවලූ……. මේ පාර ලංකාවට අවාහම මැරි කරල වයිෆ්වත් ඇරගෙනමලූ ආයෙත් රට යන්න හිතාගෙන ඉන්නේ.‘‘.....

අම්මා විකුම් ගැන විස්තර කියන්නේ ආසාවෙන්ය.

මට විකුම්ව මතකය. ඔහු රාණි ඇන්ටිගෙ එක ම පුතාය. ඇයට දියණියක්ද සිටියාය. ඇය දැන් විවාහ වී කැනඩාවේ පදිංචි වී ඇත. විකුම් ගෙ පියා ඔවුන් පුංචි සන්දියේම මිය පරලොව ගිය බැවින් දරුවන් ලොකු මහත් කරගැනීමට රානි ඇන්ටි වෙහෙස මහන්සි වි ඇත. නමුත් හොඳ දෙපලක් තිබුන නිසා රානි ඇන්ටි දරු දෙදෙනාට හොදින් උගන්වා ඇත. ඇන්ටිගේ උවමනාවට විකුම්, වැඩි දුර හොඳට ඉගෙන ගන්න රට ගොස් ඇත්තේ... . ඒ දවස්වල නම් විකුම් හරි ආඩම්බර කාරයෙක්. රෝයල් එකේනෙ ඉගෙන ගත්තෙ. අපිව ගණන් ගන්නෙත් නෑ ඒ කාලේ.... අම්මා කියනව වගේම ඔහු හරි හැඩයි ඒ කාලේත් ...ඒ නිසා තමයි මටත් තාම ඔහු ව හොදට මතක.


අපේ තාත්තා කවදත් අම්මා කැමති, කියන දේකට ඉඩ දී සිටින කෙනෙක් මිස ඔහුගේ කැමැත්තට අදහස් කියන කෙනෙක් නෙමේ. එබැවින් මා හට කවදාහරි අම්මා කියන දේකටම කැමති වන්නට සිදු වෙයි. තාත්තා ඔහුගේ නංගි ගේ පුතා නිරංජන් ට කොච්චර කැමති උනත්, මට බන්දලා දෙන්න කියා නම් අම්මට කියන්නේ නැති බව මම දනිම්. ඒ එකට පරම්පරා, කුල බලපාන බව දනිමි. ඒ නිසා ඉස්සරහ කාලේ අම්මට ඕන විදිහට හැම දෙයක්ම සිදුවෙයි කියා මට සිතේ....

නිරංජන් පොඩි කාලේ පටන් මා පසුපසින් පැමිණියත් කිසිදිනක මට ආදරේ කියාවත් මා ගැන බලාපොරොත්තුවෙන් සිටින බවවත් කියා නැත. ඔහුට ඒ ගැන කියන්න තරම් ශක්තියක් නැති කෙනෙක් යැයි මට සිතෙයි. ඔහු දෙමව්පියන් කතා කර අප දෙදෙනා එකතු කරනකම් බලා හිදින බව මට දැන් වැටහෙයි. කුසුම් නැන්දා ද අපේ අම්මා තාත්තා කතා කර අප දෙදෙනා එකතු කරනකම් බලා හිදින ගානය. ඒ අපේ අම්මාගේ අහංකාර කම් නිසා ඇයට කෙලින් කතා කිරිමට පුලුවන් කමක් නැති බවද මට තේරෙයි. ඊට අමතරව පවුල් ඇතුලේ තිබෙන, අනිත් ප්‍රශ්න නම් මට දැනගන්න ලැබෙන්නෙ දැන්‍ය.

ඉඩ ලැබෙන හැම වේලාවකට මා හමුවන්න මඟට එන නිරංජන් අයියා මට ආරක්ෂාව සපයන කෙනෙක් වී ඇත . ඉතා තදින් ම නොවුණත් අප දෙදෙනාට දෙදෙනා සිතින් කැමැත්තෙන් සිටිනා බව අපට ම වැටහී ඇත. නමුත් දෙදෙනාගෙන් කෙනෙක්වත් ඒ ගැන කතා නො කරයි. නෑනා අයිති මස්සිනාටයි යන මතයේ ඉඳිමින් නිරංජන් මා පසුපස එතැයැ මට සිතේ. නමුත් අම්මා ගැන දන්නා නිරංජන් ඒ ගැන මගෙන් අහන්න පසුබට වෙනවා යැයිද සිතේ..


‘‘සාරදා මොකට ද ඔයතරම් නිරංජන් එක්ක කතාවට යන්නෙ....‘කොයිතරම් කිව්වත් මේ ළමයා අහන්නෙ නැති හැටි...මට ආරංචියි හැමදාම බස් එකේ පාරේ දෙන්නා එකට යන්නෙ කියලා. ඔය ළමයට මම බස් එකේ යන්න ඉඩ දීලා තිබුනේ තාත්තාට හැමදාම කොළඹට වාහනය පදවාගෙන යන්න අමාරු නිසා. මම කියන දේ ඇහුවේ නැත්තම් මීට පස්සෙ ගෙදර වාහනේ, කැම්පස් යන්න ලෑස්ති වෙනවා...... මම ඩ්‍ර්‍යිවර් කෙනෙක් හොයලා ගන්නවා ඒකටම….. ‘

අම්මා නිතර ම මට අවවාද දෙන්නෙ නිරංජන් අයියා සමඟ කතාවට නොයන ලෙස යි. මෙහෙම ගියොත් අම්මා මාව වාහනයක කැම්පස් අරින්නත් බැරි නැත.

‘‘නෑනයි මස්සිනයිනේ... පුංචි කාලේ ඉඳන් එකටමනේ හැදුනේ.‘‘ තාත්තා නිතර මාගේ පැත්තට කතා කරයි.

‘‘ඒ වුණාට ඒ පොඩි කාලේ. දැන් ඒ දෙන්න ලොකුයි. මං කැමති නෑ නිරංජන් මේ ගෙදරට ඇවිත් සාරදා එක්ක කෝළම් කරනවාට. නිරංජන් හරියට ඉගෙන ගත්තෙත් නෑ. රස්සාවක් හොයා ගන්නවත් උවමනාවක් නෑ.‘‘

අම්මා නිතර නිරංජනගෙ වැරැදි පෙන්වමින් , නිතර නිතර විකුම්ගෙ හොඳ කියමින් මාව විකුම්ගේ පැත්තට හරවන්න උත්සහ ගනී. මේ ගැන නිරංජන් අයියාට කිව යුතු යැයි මම සිතා ගත්තෙමි.

‘‘දන්නවද නිරංජන් අයියේ අම්මා මාව මේ අවුරුද්දෙ අන්තිමට කසාඳ බන්දවන්න හදන්නේ.‘‘

‘‘මේ අවුරුද්දෙ කාවද? ඔහු පුදුමයෙන් අසයි.’

‘‘රාණි ඇන්ටිගෙ පුතා විකුම්ව. ඔයාට මතකයි නේද එයාව.‘‘


‘‘ම්... ඉතිං ඔයා කැමති ද එයාට......"‘

‘‘අම්මා කියන දේට කැමති වෙන්න වෙයි…..‘‘

‘‘ඔව් ඉතිං ඔය ගොල්ලන්ගෙ අම්මා කැමති ලොකු අතුවලටනේ...... මං දැන් එහෙ එනවටත් නැන්දා කැමති නෑ. මං ඉතිං ඔයා වගේ ඉගෙනගත්ත කෙනෙක් නෙමේනේ. ඔයා ගොඩක් උගත් කෙනෙක්නේ. ඔයාට ගැලපෙන්නෙ විකුම් වගේ කෙනෙක්ම තමයි.‘" නිරංජන් කේන්තිය මිශ්‍ර දුකෙන් කීය .


‘‘අම්මෝ නිරංජන් අයියට කේන්ති ගිහින් තියෙන තරම…. ඉතිං මෙච්චර කාලයක් හිටියා, ඔයා මට මීට ඉස්සර කවදාවත් මට කැමතියි කියලවත් නෑනේ......‘‘


‘‘කිව්වෙ නැතිවුණාට ඔයාට තේරුම් ගන්න පුළුවන්නේ. ඔයා පොඩි ලමයෙක් නෙමේනේ.. සාරදා ....‘‘

" ‘මං හිතුවේ ඔයා මට නංගි කෙනෙක්ට වගේ ආදරේ කරනව කියල…..‘‘

‘‘කාලයක් එහෙම හිතාගෙන හිටිය කාලයකුත් තිබුණා….. ඒත් දැන් එහෙම නෙමේ කියලා ඔයාට තේරෙන්නේ නැද්ද ?.‘‘


‘‘අයියට තේරෙනවනේ. අපේ අම්මාට ඕන විදිහට තමයි අපේ ගෙදර හැමදෙයක් ම සිද්ධ වෙන්නෙ. තාත්තා උණත් අම්මා කැමති දෙයක් කරන්න ඇරල ඉන්නවා මිසක් කටක් ඇරලා, අම්මට දෙයක් කියන කෙනෙක් නෙමේනේ. මටත් කවදහරි අම්මා කියන දෙයකටම තමයි කැමති වෙන්න සිද්ද වෙන්නේ ‘‘


‘‘ඔයාටත් දැන් මං හොඳ මදිනේ. මම ඉගෙන ගත්තෙත් නෑ...අපට සල්ලිත් නෑ...දැන් ඉතිං රට ගිය අය ඔයාටත් ලොකු වෙලානේ….. . මට තේරෙනවා ඒක හොදටම ….. කමක් නෑ ඔයාට හොඳ දෙයක් කර ගන්න …..‘‘


කේන්තියෙන් එසේ කියා නිරංජන් අයියා බස් නැවතුම්පළේ මම ඉදිද්දි ම, එතනට ආ වෙන පලාතකට යන බස් එකකට නැග යන්නට ගියේය .

- හෙට හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

8 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Opmerkingen


bottom of page