top of page
  • Writer's picturePrisila Godahewa

💞අමුතු දීගේ 💞

( හතරවන කොටස 4 )

🌹🌹එදින මම පාසැලේ සිට ගෙදර ගියේ පුදුමාකාර සතුටකිනි. පාසැලේ යාලුවො ,ගුරුවරු හැමදෙනාගේ ආශිර්වාද ,පැසසුම් මැද පාසැල ඉවරවෙන තෙක් බලා සිටියේ ගෙදර යන්නට නොවිසිල්ලෙනි. මගේ හිත මා ගැනම ආඩම්බරයකින් සතුටකින් පිරි ගොස් ඇත.

පාසැලේ සිට ගෙදර ආ සැනින් මම අම්මා සොයා ගෙට දිව්වේ නොවිසිල්ලෙනි.

‘‘අම්මේ...අම්මේ..තාත්තේ. අද මගේ...විභාගෙ ප‍්‍රතිඵල ආවා මං විභාගෙ හොඳටම පාස් වෙලා…..මාත් එක්ක තව එක ළමයයි මුලු ඉස්කෝලෙන්ම විශ්ව විද්‍ය්ලයට යන්න තරම් හොද ප්‍රතිඵල අරන්, විභාගෙ පාස් වෙලා තිබුනේ,.......‘‘ විභාගෙ ප්‍රතිඵල කියන විට අම්මා මෙන්ම තාත්තාද එය අසා සිටියේ දෑසේ කදුළු පුරවාගෙන විශාල සතුටිකිනි.


‘‘ඇත්තට මට හරි සතුටුයි දුවේ.‘‘

අම්මා සතුටින් මාව බදාගෙන සිප ගත්තේ සතුටින් ඉපිලෙමින්ය. මෙපමණ කලක් අප පාසැල් යවා වියදම කර අප වෙනුවෙන් නොයෙකුත් දුක් කරදර වින්ද දෙමවුපියන්ගේ බලාපොරොත්තු ඉශ්ට කරන තරම් වෙන යුතුකමක් දරුවන්ට වෙන නැත. ඉගෙනීම අතින් තම දරුවන් ඉහළ යනවා දකින තරම් වෙන සතුටක් දෙමව්පියන්ටත් නැත.


"දැන් දුවව කොහේ විශ්ව විද්‍ය්ලයට තේරෙයිද දන්නෑ..නේද? ….තාත්තා අසන්නේ සතුටින් ඉපිලෙමින්ය.


‘‘මම හිතන්නේ….කොළඹ විශ්ව විද්‍යාලයට තේරෙයි... මම කැමතිත් ඒ විශ්ව විද්‍ය්ලයට යන්න තමයි . එතකොට ගෙදර ඉදන් යන්නත් පුලුවන්නේ ...…...‘‘

අම්මා, තාත්තා, අයියා වගේ ම කුසුම් නැන්දා, මාමා හා රංජන්, නිරංජන් අයියාත් මාගෙ විභාග ප‍්‍රතිඵල අසා ඉතා සතුටට පත් වී ඇත. අපි දන්න තරමින් අපේ දන්න කියන නෑදෑ පවුල්වලින් මෙතෙක් කාලෙකට මා හට පමනයි විශ්වවිද්‍යාලයට යන්න වරම් ලැබී ඇත්තේ. මගේ ජයග‍්‍රහණය ගැන අම්මා පුදුම විදිහට සතුටු වෙයි. ඇගේ පෝසත් නෑදෑයින්ට දුරකථන ඇමතුම් දෙමින්, අම්මා මගේ ජයග‍්‍රහණය ගැන කියයි.


‘‘දැන් ඉතිං අපේ පවුලට ම නම්බුවක්නේ, දුවට විශ්වවිද්‍යාලයේ යන්න ලැබීම. අපේ පවුල් වල කාගෙවත් ළමයෙක්ට විශ්ව විද්‍ය්ලයට ගිහින් නෑ.., මෙච්චර කාලයකට…...‘‘

‘‘ගෙදර ඉඳන් ම දුවට විශ්ව විද්‍ය්ලයට යන්න පුළුවන් එක ඊටත් වඩා හොඳයි. එතකොට එහෙ මෙහෙ නවතින්න ඕනේ නෑ…. නිදහසේ පාඩම් වැඩත් ගෙදර ඉදන්ම කරගන්න පුලුවන්නේ... ...‘‘

අම්මා තාත්තා මෙන්ම නෑදෑයෝද ඒ ගැන සතුටුවෙයි.

මාස තුනකට පසු විශ්ව විද්‍ය්ලය ආරංභ විය. මගේ ජීවිතේ තවත් එක් කඩඉමක් පනින්න මම ලෑස්ති වී හිටියේ සතුටිනි. නමුත් ඒ සමග හිතේ ඇත්තේ චකිතයකි. ඒ විශ්ව විද්‍ය්ලයේ නවකවදය ගැනයි. කෙසේ හෝ ඒ පිම්මත් හිතේ ශක්තිය ඇරන් පනින්න හිතට ගත්තෙම්.

කෙසේ හෝ විශ්ව විද්‍ය්ල ගමන නම් මම ඉතා කැමැත්තෙන් පටන් ගත්තේ වැඩිදුර ඉගෙන ගැනීම වෙනුවෙන් තිබු ආසාවත් සමගය.

කොළඹ විශ්ව විද්‍ය්ලයට මුලින්ම ගිය දින වල තිබුනු, නවක වදය නිසා මුල් දිනවල මට විශ්ව විද්‍ය්ලය ගමන එපාම වීය. ඒත් වැඩිපුර අධ්‍යාපනය නිසත්, අම්මා තාත්තාගේ සතුට වෙනුවෙන්ද බොහොම අමාරුවෙන් නවක වදය ඉවසාගෙන ඒවාට මුහුන දුන්නෙමි. මම අකමැති උනත් බොහොම අමාරුවෙන් හිත හදාගෙන විශ්ව විද්‍ය්ලයට ගියෙමි.

සුමාන දෙක තුනක් විතර යන විට නවක වදය කෙමෙන් අඩුවී ගොස් නැතිවම ගියේය. එය මට මෙන්ම විශ්ව විද්‍ය්ලයට අලුතින් පැමිනි සියලු සිසුන්ට සතුටක් හා සැහැල්ලූවක් වීනි.

ඒ ගෙවුනු කාලය තුල මා මෙන්ම සියලු අලුත් සිසුන්, තමන්ගේ අදහස් වලට ගැලපෙන යාළුවන් සමග එකතුවී මිතුදම් ආරාංභ කර තිබුනි. ඒ කාලය තුල මගේ අදහස් වලට ගැලපෙන හොද ගතිගුන තියෙන යාලුවො කිහිප දෙනෙක්ද මුණ ගැසීම මට සතුටක් විය.

විශ්ව විද්‍ය්ල ගමන සාමාන්‍ය තත්ත්වයට පැමින අධ්‍යාපන කටයුතු හරියට පටන් ගත් පසු, ඒ වෙනුවෙන් මම බොහෝ කාර්‍ය්බහුල වූවෙමි.

කාලයක් තිස්සේ කල ඉරිදා දහම් පාසැලේ දරුවන්ට උගන්නන්න යන ගමන මට නවත්වන්නටද, සිදු වුණේ, විශ්ව විද්‍යාලයේ පාඩම් වැඩකටයුතුවලට වැඩි වෙහෙසක් දැරීමට සිදු වු බැවිනි. වැඩ බෙදාගෙන කීරිමට කැමැත්ත තිබුනත් එය වැඩියෙන්ම නවත්වන්න සිදුවුනේ අම්මා නිසාය.

‘‘ඔය විශ්වවිද්‍යාලයේ වැඩත් එක්ක දහම් පාසැලේ උගන්නන්න යන වැඩය කරන්න බෑ. ලොකු හාමුදුරුවන්ට කියල දුව දැන් දහම් පාසැල් ගමන නවත්වන්න.‘‘

අම්මාගෙ දැඩි උවමනාවට මම දහම් පාසැලේ උගන්නන ගමන නිමා කළෙමි.

දහම් පාසැලේදි මට නිරංජන් අයියා, හමුවන බව අම්මා දැන සිටිය නිසා, අම්මා මම ඒ ගමන යනවාට කවදාවත් කැමැත්තෙන් නොසිටි බව මම දනිමි. පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ කැමැත්තට හා උවමනාවටම දහම් පාසැලේ ,උගන්නන්න යන බව මම අම්මාට කියා ඇත. නමුත් වැඩියෙන්ම මම දහම් පාසැල් ගියේ නිරංජන් අයියා හමුවීමට එදිනට ලැබෙන බැවිනි. නමුත් විශ්ව විද්‍ය්ලයේ වැඩ ගොඩ ගැසි ඇති නිසා, නිරංජන් අයියාටද කියා පසු කාලෙක මම දහම් පාසැල් ගමන නවතා දැම්මෙමි.

ඒ සමඟ ම නිරංජන් අයියා සමඟ නිදහසේ කතා කරන්න තිබුණ අවස්ථාව ද නැති වි ගියාය . නමුත් ඉන් පසු මම උදේට විශ්ව විද්‍ය්ලයට යන වේලාවට නිරංජන් අයියා ද කොලබ යන බස් නැවතුමට එන්නට පුරුදු විය. ඔහුත් පරිගණක පාටමාලාවක් හැදෑරීමට යන්න පටන් ගත් නිසා අපට නැවත සතුටින් මුණ ගැසීමට කතා කිරීමට හැකිවිනි.

‘‘ දැන් සාරදා දහම් පාසැල් එන්නෙ නැති නිසා මුළු දහම් පාසැලම හරි පාළුයි.‘‘

‘‘ඇයි වදේ මං විතර ද දහම් පාසැලේ ගුරුවරුන්ට ඉන්නේ. තව කොච්චර ගුරුවරුන් ඒකේ ඉන්නවද? ඒ විතරද කොච්චර ළමයි ඉන්නවද? ඒ මොකද එච්චරටම දහම් පාසැල පාළු වුනේ…" මම කිසිත් නොදන්නා ගානට අසමි.

‘‘ඒ උනාට ඒ අය වගේ නෙමේනෙ ඔයා.‘‘

"ඒ ඇයි….මගේ තියෙන වෙනස මොකක්ද ?

මම කිසිත් නොදන්නා සේ අසන්නෙමි.

නිරංජන් අයියා කාලෙක ඉදන් මොනවා හෝ හිතේ තියාන මා දෙස අමුතු විදිහට බලාන කතා කරයි…... එම බැල්ම නම් මට විදගන්න අපහසු තරම්ය. ඒ ඔහුගේ හිතේ, මා ගැන ඇති ආදරය බව තේරුම් ගැනිමට හැකි වයසක සිටියත් මම ඔහු එය කෙලින්ම මට පවසන කම් කිසිත් නොදන්නා ලෙස උන්නෙමි.

ඔහු මම විශ්ව විද්‍යාලයට යන එන වේලාවටම බස් නැවතුම් පලට එයි. ඔහු මම යන බසයෙන් ම දිනපතා පරිගණක පාඨමාලාව හැදෑරීමටද යන්නේය. මම නැවත ගෙදර එන වෙලාවටම ඔහුත් බසයෙන් මා සමගම එයි. එබැවින් අප දෙදෙනාටනිතර නිතර හමුවන්නට නැවත අවස්ථාව ලැබුනි.

මේ වන විට රංජන් අයියා විදෙස් ගතවී තිබිම නිසා නිරංජන් අයියා සිටියේ පාලු ගතියෙනි. අපේ අයියත් තාත්තාගේ ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ වී සිටිය නිසා ඔහුද ඉතා කාර්‍ය්බහුල බැවින් නිරංජන් අයියාට කතා බහ කරන්න හිටියේ මා පමනි. ඔහු මම එලියට යන එන වෙලාවට මා හමු වීමට පැමිනියත් ඉස්සර මෙන් නිරංජන් අයියා අපේ ගෙදර නොපැමිනෙයි. හේතුව විවේකය අඩු බැවින් බව ඔහු කීවත්…..., ඒ අපේ අම්මාගේ ගතිගුන නිසා බව මා දනිමි.

පසුගිය කාලයේ ඉඳහිට කුසුම් නැන්දා හා ඔවුන් අපේ ගෙදර ආ විටද අම්මා වැඩිය මූණ දී ඔවුන් සමඟ කතා නොකිරීම නිසා, දැන් නැන්දා නම් අපේ ගෙදර එන්නේම නැති තරම්ය . පසුගිය කාල වලදීද රංජන් නිරංජන් අයියලා ඉඳහිට අපේ ගෙදර ඇවිත් ගිය පසු අම්මා මට දොස් කියන්නේ….

‘‘ඔය ළමයා ඔය තරම් නිරංජන් එක්ක කතාවට යන්න ඕන නෑ. මොකටද ඔය මිනිස්සු ආපුවහම, ඔයා ඔයාගෙ වැඩක් බලාගන්නේ නැතුව ගෙදර ඉස්සරහට ඇවිත් කතාවට යන්නේ...‘‘

‘‘ඇයි අම්මේ මං පොඩි කාලෙ ඉඳන්මනේ නිරංජන් අයියලාව ආශ‍්‍රය කරන්නේ. ඊටත් අපි නෑදෑයොනේ. මම කොහොමද ඒ මිනිස්සු ගෙදරට ආපුවාහම කාමරේට වෙලා ඉන්නේ...‘‘

‘‘ඒ ඔයගොල්ලෝ පොඩි කාලේ. දැන් ඔයගොල්ලෝ ලොකුයි. ඔයා දැන් විශ්ව විද්‍ය්ලයට යන ලොකු ලමයෙක් අම්මා මට නිතර මගේ වැදගත් කම මතක් කර දෙයි.

විශ්ව විද්‍ය්ල ගමන මුලින් එපා වී හිටි මට ටිකෙන් ටික නවකවදය ගෙවී අවසානවීමත් සමග විශ්ව විද්‍ය්ලය මට ඉතා සිත් ගත් තැනක් විය. ගැහැනු පිරිම් බේදයක් නැතුව විශ්ව විද්‍ය්ලය තුල සියලු ලමයින් ඉගෙනීමේ කටයුතු වගේම ඉතා සතුටින් කාලය ගත කරන තැනක්ද විය. මට ලගින්ම අශ්‍රය කරන්න හොද යාලුවන් දෙතුන් දෙනෙක්ද හමුවීම නිසා මට විශ්ව විද්‍ය්ලය ගමන තවත් සිත් ගත් තැනක්ම විය. ඉගෙනීමේ කටයුතු ඉතා උනන්දුවෙන් කරම්න් කාලය ගත කලේද ඉතා සතුටිනි.

දිනපතා විශ්ව විද්‍ය්ලයට යන එන විට නිරංජන් අයියා හමුවීම මගේ සිතට තව සතුටක් විය. මට මෙන්ම ඔහුටද එය එසේම වන්නට ඇත. උදේ හවස හමුවී කතා කරන අප ඉදහිට කොහේ හෝ ගොසින් මොනවා හරි කා බීම බී නිදහසේ කතා කරමින් ඉදින්නෙමු

දවසින් දවස කාලය ගෙවීගියේ විශ්ව විද්‍ය්ලයේ දෙවන වසරද නිමාකරමිනි..

කාලයත් සමග මම වයසින් ටිකෙන් ටික මුහුකුරා යද්දී මට මගේ ජීවිතේ ගැන දැනුමද ටිකෙන් ටික ජීවිතයට එකතු වි වැඩිහිටියකු ලෙස සිතන්න පුලුවන් වී තිබුනි.

තාත්තාගේ තරුණ විය ගෙවීයෑමත් සමගම තාත්තාගේ ව්‍යාපාර කටයුතු වලට අයියා සම්බන්ධ කරගත් නිසා, ඔහුගේ උනන්දුව, කැපවීම නිසා අපේ ව්‍යාපාර කටයුතු තව තවත් දියුණු තත්ත්වයට පත් වෙමින් තිබුනි.

තාත්තාගේ ව්‍යාපාර කටයුතු තව තවත් දියුණු කරගැනීම වෙනුවෙන්, අම්මාගේ උවමනාවට හා බලවත් ඉල්ලීම මත අඩු වයසෙන්ම අපේ අය්යා විවාහ දිවියට ගොඩවිය. තාත්තා ව්‍යාපාර කටයුතු කලත්, කාලයක් තිස්සේ ඔහුව මුලුමනින්ම මෙහෙය වුයේ අපේ අම්මාය. අම්මාගේ මෙහෙය වීම නිසා, ව්‍යාපාර කටයුතු දියුණු වෙනවා කියන හැගීම හා මතය තාත්තාත් විශ්වාස කරන නිසා….ඔහු ඇයගේ අදහස් වලට අනුව වැඩ කරන්නේ, ඇය දීග ගෙන ආ දිනේ පටන්‍ ය. අද වෙන තෙක් ඇයගේ අදහස් අනුව වැඩ කල තාත්තාට කවදාවත් වැරදි නැත. එබැවින් තාත්තා හැම වැඩකදීම අම්මාට මුල් තැන දී කටයුතු කරයි.

ඒ අනුව අම්මාගේ කැමැත්තට, උපදෙස් මත වැඩ කිරීමට අපේ අයියාත් පුරුදු වී ඇත. ඒ අනුව අඩු වයසෙන්ම අයියා විවාහ වූයේ නුවර පැත්තේ ලොකු දැව මුදලාලි කෙනෙකුගේ දියනියක්, විශාල දෑවැද්දක් සමගය. ඒ සමගම ඇයට හිමි දේපලත්, ව්‍යාපාරයත් බලා කියා ගැනිමට අය්යාට අවස්ථාව හිමි වුනි. ඔහු ඇයට හිමි, නුවර කටුගස්තොට විශාල දෙමහල් නිවසේ පදිංචි වී හිදියි. ඒ වගේම ඇයට හිමි ව්‍යාපාර කටයුතු දියුණු කරගනිමින්ද අපේ ව්‍යාපාර කටයුතුද බලා කියා ගනිමින් හිදින්නේය. විශේෂයෙන් කිවයුත්තේ, ඉතා කඩවසම් අපේ අයියා විවාහ වු අක්කා හොද ගතිගුන වලින් සමන්විත උනත්, අගපසඟ පෙනුමෙන් නම් අයියාට කෙසේ වත් ගැලපෙන කෙනෙකු නොවන බවය. අම්මාගේ කැමැත්තට කර දුන් විවාහය, අයියා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හොදින් පවත්වාගෙන යන බව නම් පෙනෙයි.

හෝමාගම ගෙදර දැන් පදිංචි වී සිටින්නෙ අම්මාත් තාත්තාත් මාත් පමනය. ඊට අමතරව කාලයක් තිස්සේ අපගෙ ගෙදර වැඩකටයුතු කරන්න සෝමා නම් මැදි වයසේ තැතැන්තිය ද හිදියි. ඇය නම් දන්න කියන කාලේ සිට අපේ ගෙදර වැඩකටයුතු කරන තැනැත්තියයි. ඇය කසාද බැද උන් සීමන් මිය ගියාට පසු ඇය ඇගේ දරුවන් දෙදෙනා ඇගේ සොහොයුරියන්ට බලාගන්න භාර දී අපේ ගෙදරම නතර වි ගොඩක් කලක් වෙයි. ඇය ඇගේ මාසික පඩිය දරුවන්ගේ වියදමට ගමට අරියි. එබැවින් මාස තුන හතරකට වරක් පමනක් ගමේ ගොස් දරුවන් බලා ඒමෙන් ඇය සෑහිමකට පත් වෙයි.

-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

3 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page