top of page
  • Writer's picturePrisila Godahewa

අපි කොහොමද සතුටින් ගෙදර වැඩ කටයුතු කරගන්නේ

Updated: Apr 30, 2020

ගෘහනියන් වන අපට, අපගේ ජිවිත පිලිවෙලට තියාගෙන, ගෙදර කටයුතු ...කම්මැලි කමක් නැතුව සතුටින් කරගෙන යන්න, වැඩට උනන්දුව වැඩි කර ගන්න අවශ්‍ය ශක්තිය ඇති කරගන්නේ කොහොමද කියලා හොයලා බලමුද අද.......😎😎

මම ගැන කිව්වොත් නම් මම ඕන වැඩක් මුලින් පටන් ගන්න ටිකක් කම්මැලි කමක් දක්වනවා. මම මුලින් වැඩේ කොතනින් පටන් ගන්නද කියලා හිතලා කම්මැලි කමට ඉන්නවා. සමහර වෙලාවට කිසි දෙයක් එක දිගට කරගෙන යන්න කම්මැලි හිතෙනවා . පටන් ගත් වැඩය අතරමගදී නතර කරන්නත් හිතෙනවා. . මුලින් ඇතිවන කම්මැලි කමට මොකක් ද කරන්න ඕන පිලියම කියලා මමම පස්සෙ හොයන්න ගත්තා ..... මම හොයා ගත් දේ ඔයගොල්ලන්ගෙත් ජීවිතේ ටිකක් හරි වෙනස් කරන්න උදවු වෙයිද කියලා බලන්න ......😎 අපි අපේ දුර්වල කම් හදුනා ගෙන ඒවාට පිලියම් හොයාගන්න බලමු ද?

** මට නම් හිතෙන්නේ අවුල් උන ජීවිතයක් වෙනස් කර ගන්න නම් අපි මුලින්ම කලයුත්තේ අපි සිතන පතන දේ වෙනස් කර ගැනීමයි කියලා.

** කම්මැලි කම මුලුමනින්ම නැතිකර ගත යුතුයි.

**ඒ වගේම ජීවිතේ දිනන්න අවශ්‍ය නම් ඉවසීම හොදින්ම ප්‍රගුන කල යුතුයි ( මට තිබුනෙම නැති දෙයක්.. ..දැන් උත්සහ කරගෙන යනවා. බොහෝ දුරට දැන් හොදයි වගේ 😄😄)

**කරන කියන හැමදෙයක්ම ආසාවෙන් කරන්න ඒවා වැඩි දියුණු කරගන්න උත්සහ වන්ත විය යුතුයි .👍👍

**අපි පාවිච්චි කරන වචන අනෙකාගේ හිත් දිනන ආකාරයටත් වෙනස් කර ගත යුතුයි. සතුටින් සැහැල්ලුවෙන් ඉන්න නම් ගෙදර අය තේරුම් ගත් යුතුයි . හැමෝම එක්ක සුහදව කතා බහ කල යුතුයි.

** අපි සිතන පතන,කරන කියන හැම පොඩි දෙයක්ම වැදගත් කියලා හිතාගෙන කල යුතුයි.

** මම මගේ ජීවිතේ දිනනවාමයයි....😍මම මගේ ජිවිතේ හොද විදිහට වෙනස් කරගන්නවාමයි...👍..කියලා නිතර සිතට ගෙන මුමුනන්න පුරුදු වෙන්න ඕනේ. මගේ ජීවිතය ගොඩ ගන්න මම උත්සාහ ගන්නවායැයි නිතර මෙනෙහි කරන්න .....අපි නිතර කියන වචන මෙනෙහි කිරිම්, අපේ ජීවිතය වෙනස් කිරීමට බොහෝ බලපානවා....👍. ඒවා පසුව නිකම්ම පුරුදු බවට පත් වෙනවා.👍👍

** නිතරම පුරුදු වෙන්න ඕනෑ ගෙදර කරන්න තියෙන වැඩක් ඒ මොහොතේම ඉවර කරලා දාන්න. මොනම වැඩක් වත් පසුවට කරන්න කල් දා ගන්න එපා. ගෙදර කරන්න තියෙන ඕන වැඩක් දුටුවිට ඒ මොහොතේම කරලා ඉවර කරන්න. මේ වැඩේ කරන්න මට යන්නේ විනාඩියකට අඩු කාලයක්නේ කියලා හිතින් හිතලා , කටින් කියමින් ....,කිරිම තුලින් කාලයක් යන විට ඕනෑම ගෙදර පොඩි /ලොකු වැඩක් උනත් කල් දැමීමට හිතෙන්නේ නැතුව යනවා👍👍

දැන් මම ලොකු උත්සාහයක් ගන්නව ඒ වෙලාවට කළ යුතු දේ ඒ වෙලාවටම කල් නොදමා කරන්න. වැඩක් පටන් ගත්තොත් නම් ඒක ඉවර කරල දානකම් මට දැන් ඉවසුම් නෑ. කඩියෙක් වගේ මට දැන් වැඩ කරන්න ඕනේ......😄😄

තේ එකක් හරි මොනවා හරි දෙයක් බිව්වහම, කෑවාහම...... කෝප්පය පිගාන අතන මෙතන සින්ක් එක ඇතුලේ තියන්නේ නැතුව ඒක ...එක පාරම හොදලා දාන්න ඕනේ. විනාඩියක් දෙකක් වත් ඒ වැඩේට යන්නේ නෑ. එක පාරම කෝප්පය පිගාන හොදට මැදලම තිබ්බොත් ආයෙත් දවසක වෙනම වෙලාවක් ඕනේ නෑ කෝප්ප පිගන් මදින්න. මේ වැඩේට පුංචි වෙලාවනේ යන්නේ දැන්ම කරන්න ඕනේ කියලා නිතරම හිතේ තියාගන්න ......💞💞. තියාගෙන කරන්න ...දැන්ම කරන්න .....👍👍😄

. කුස්සියේ කෑම උයන අතරම කුස්සිය පිරිසිදුත් කරන්න..... ,අනිත් වැඩ කරන අතර තුරේම ඒකත් කරගන්න පුලුවන් ....👍👍 එතකොට උයලා ඉවර වෙලා වෙනම වෙලාවක් ඕනෙ නෑ කුස්සිය අස් කරන්න... . ඒ කියන්නේ ලුණු , එලවලු සුද්දකරලා කුනු බාල්දියටම එක පාර දාන්න. අතන මෙතන තියන්නේ නැතුව..... හෝදන්න තියෙන වැඩිපුර හැදි භාජන ඒ වෙලාවෙම හෝදලා දාන්න සින්ක් එකේ ගොඩ ගහන්නේ නැතුව.....😠

උයන වෙලාවට එලියට ගන්න බඩු වැඩේ ඉවර වුණ ගමන්ම ගත්ත තැනින්ම පිරිසිදු කරලා පිහදාලා තියන්න....👍. උයලා ඉවර උනාම ගෑස් හෝ මොන හරි ඔබ පාවිච්කරන ලිපක් හොදට තෙත රෙදි කෑල්ලකින් පිහදාලා පිරිසිදු කරන්න . පැන්ට්‍රි කබඩ් උඩ, මේස උඩ, තුනපහ බෝතල් තෙත රෙදි කෑල්ලකින් පිහදාලා බඩු තිබුන ආකාරයටම ලස්සනට තියන්න . බිම අතුගා දමන්න. හැමදාම රෑට කුස්සිය මොප් කරන්න ( තෙත රෙදි බ්‍රශ් එකකින් පිහදා දමන්න) එවිට කුස්සියේ පිරිසිදු බැවින් රෑට කැරපොත්තන් කූබී, මියන් වැනු සතුන් කුස්සියට එන එක එහෙමම නැවතී යයි. ....🐜🐜🐈උදේට හෝ කොයියම් මොහොතක කුස්සියට ආවත් නැවත හිතේ සතුටින් ප්‍රබෝධයෙන් කුස්සියේ වැඩ පටන් ගන්න ආස හිතේවි.😍😍

***ලංකාවේ ගොඩක් ගෙවල් ඉස්සරහ සාලෙ, කාමර ලස්සනට තියාගෙන ඉන්නවා. හැබැයි කුස්සියට දෙන්නේ කුඩම්මාගේ සැලකිලි. කුස්සිය තමයි ගෙදර වැඩියෙන්ම ලස්සනට පිරිසිදුව තියා ගන්න ඕන තැන . මම දැකලා තියෙනවා සමහර ගෙවල් වල කුස්සියේ ලට්ට ලොට්ට ගොඩ ගහලා, පරන හිස් බෝතල් , ප්ලාස්ටික් පෙට්ටි, පොල් ලෙලි, පෝර උර, අහක දාන හැම දෙයක්ම ගොඩ ගහගෙන ඉන්නවා. මම කියන්නේ කුස්සියේ තියෙන අනවශ්‍ය බඩු විසිකරලා දාලා, එහෙම නැත්නම් ඒවා පිලිවෙලට අස්කරලා කාඩ්බෝඩ් පෙට්ටියක හරි අවශ්‍ය දේ වර්ග කරලා පිලිවෙලට වෙනම තැනක තියාගන්න ඕනේ. නිතර කුස්සියේ අහුමුළු අස්කරලා අතුගාලා, කුස්සියේ කබඩ් අස්කරලා ,කැරපොත්තන් ,කූබීන් නැති කරන බෙහෙත් ගහලා පිරිසිදු කරලා තියාගන්න ඕනේ..... එහෙම උනොත් කුස්සියේ වැඩ කරන්න ආස හිතෙනවා .තමන්ගේ කුස්සිය ,ගෙදර ලොකුද පොඩිද කියලා අදාලම නෑ පිරිසිදු කිරිමට.😍😍

****ගෙදර සාලේ අතුගාලා අස්පස් කරලා තියෙන විදිහටම නිතර තියාගන්න අවශ්‍ය නම්, සාලයට ගිහාම සාලයේ පුටුමේස උඩ අතන මෙතන තියෙන රෙදි, පොත්පත්, බෝතල් , පිගන් ,කෝප්ප, සෙරෙප්පු ,සපත්තු දුටු සැනින් එතනින් ඉවත් කරලා නියමිත තැනින් තියලා අස්කරලා දාන්න . ගෙදර හැමෝටම තම තමන්ගේ බඩු නියමිත තැනින් තියන්න පුරුදු කරන්න. ටිකක් සැරෙන් අවවාද කර හොද පුරුදු උගන්නන්න. .ගෙදර හැමෝම එක විදිහට තම තමන්ගේ බඩු නියමිත ස්තානයේ තියෙනවානම් ගෙවල් හැඩි වෙන්නෑ. ගෙදර ඉන්න පොඩි ළමයින්ගේ ඉදන් වැඩිහිටියන්ට දක්වා ඒවා ගෘහනියන් විසින් පුරුදු පුහුණු කල යුතු දේවල් . එවිට ගෙවල් අස්කරන්න වෙනම වෙලාවක් යන්නේ නෑ. ඕනෑම බඩුවකට ගෙදර ඇතුලේ නියමිත තැනක් වෙන් කරලා තියන්න. එනම් හැදි ගෑරැප්පු, ගිනිපෙට්ටි, ඉටි කවර, පත්තර, පැනඩෝල් ,ප්ලස්ටස්, කතුරු, සබන් , ආදි කිව් නොකිව් සියලු දේට ගෙදර වෙනම තැනක් තියෙනවානම්, ඒ බඩුව අවශ්‍ය උනාම ගෙදර පෙරලගෙන හොයන්න අවශ්‍ය වෙන්නෑ.😄😄😄

ගෙදර දොරේ ඕනෑම වැඩක් කලයුතු වෙලාවට කරන්න පුරුදු වෙන්න .

කරන වැඩේ ආසාවෙන් සතුටින් කරන්න පුරුදු වෙන්න . ගෙදර අනිත් අය කරනකම් බලාගෙන ඉන්නේ නැතුව දුටු තැන ඕන වැඩක් ඉවර කර දාන්න පුරුදු වෙන්න. ඒ පුරුද්ද ගෙදර හැමෝටම පුරුදු කරන්න .😄😄👍👍

සමහර වෙලාවල අපි වැඩ කල් දාන්නේ ඒක මහ ලොකු වැඩක්, මට ඒක තනියම කරගන්න බැරිවෙයි, ගෙදර මහත්තයා , පුතාට විතරයි ඕවා කරන්න පුලුවන්, ඒගොල්ලො ඉන්න වෙලාවක කරගන්න ඕනේ කියලා හිතලා වැඩේ ඕන කමින් කල්දාගන්නවා. අපට වැඩේට අත ගහන්න කලින්ම හිතෙන්නේ මේක හරි අමාරුයි, ගොඩක් වෙලා යනවා...මහන්සි දැනෙයි ඔය වගේ දේ. කම්මැලි කම අතහැර උත්සහ අරන් නිතර ඒ වෙලාවට කරන්න තියෙන වැඩේ කරලා ඉවර කරලා දාන්න . බලන්න මුලු ගේම නිතර අස්කරලා පිරිසිදු වෙලා තියෙන කොට හිතට දැනෙන සතුට සැහැල්ලුව. 👍👍👍මේ දවස් වල නම් හැමෝම ගෙදර ඉන්න නිසාත් , අවුරුදු කාලයත් නිසා හැමෝගෙම ගෙවල් පිරිසිදු වෙලා කියලා මම දන්නවා. ඔය තියෙන ඉදිහටම හැමදාම ගෙවල් ලස්සනට තියාගන්න බලන්න . 😍😍 අනික ගෙවල් පිටුපස්ස, ලිද ටැප් එක ලග, පිලිකන්න...සමහරුන් ඒ පැත්ත ගැන කිසිම උනන්දුවක් නෑ..බාල්දි..පොල් ලෙලි, කොලකෑලි, පරන රෙදි කෑලි, තණකොළ වැවිලා....බලන්න කැතයි . අන්න ඒවත් නිතර පිරිසිදු කරගෙන අවශ්‍ය බඩු එක තැනක පිලිවෙලට තියලා, අතුපතු ගාලා ලස්සනට තියාගන්න ඕනේ නිතර 😍😍👍👍

අපට තියන ගැටළු රැසකට මුල් වෙන්නෙ ,අපි අපට තියන දේට වඩා නැති දේ ගැන හිතන පුරුද්ද බව කියලා මට හිතෙන්නේ . තමන්ට තියෙන දේ ගැන සතුටුවෙලා, අනිත් අයගේ දේට ලොබ නොවී තමන්ට තියෙන දේ වැඩි දියුනු කරගෙන පිරිසිදු කරගෙන සතුටින් ජීවත් වීමයි වැදගත්.😍😍

ගෙදර දහසක් වෙහෙසකර වැඩ කටයුතු කම්මැලි කමක්නැතුව ආදරෙන් කරන්න උත්සහ ගන්න . ගෙදර අනිත් අයට මැසිවිලි නොකියා ඔවුන් වත් යාප්පුවෙන් වැඩට සම්බන


කරගෙන සතුටින් ගෙදර වැඩපල කරන්න . එවිට ඒ වැඩ වල දුෂ්කර බව පහසුවෙන් අපට අමතක කරන්න පුලුවන් වෙනවා. ජීවිතේ සතුටින් සැහැල්ලුවෙන් ,විවේකයෙන් ගත කරන්න අවශ්‍ය නම් අදට නියමිත වැඩය අදම ඉවර කර දමන්න හිතට ගන්න . 👍👍

😄😄


ප්‍රිසිලා ගොඩහේවා





36 views0 comments

Comentários


bottom of page