top of page

Seafood, Vegetables and Chicken Mixed Rice

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Apr 5, 2020
  • 2 min read

Updated: Apr 28, 2020

මම අද හදන්න යන්නෙ Seafood, Vegetables and Chicken Mixed Rice එකක්.

අවශ්‍ය දාවය බාස්මති හෝ සුදු හාල් බත් පොඩියට කපා ගත් කුකුල් මස් කැලි, පොතු සුද්ද කරගත් ඉස්සො ටිකක්, කෑලි කපා ගත් දැල්ලො ටිකක්, කැබිලි කපා ගත් කටු නැති මාලු, කැරට් , ගෝවා , ලික්ස්, තක්කාලි ගෙඩියක් හා කංකුං මිටියක් සියලු දෙ ලොකුවට කපා ගන්න. සොයා සොස්, සෙසමි ඔයිල් , වෙජිටබල් ඔයිල් , ඔයිස්ටර් සොස් , හිනියට කපා ගත් සුදුලුනු, ඉගුරු, කෑලි මිරිස් ,ගම්මිරිස් කුඩු .



පවුලෙ අයට ඇති ප්‍රමාණයට හාල් ලිප තබා උයාගන්න. (උනු උනුවෙ තිබිය යුතුයි.




සොස්පන් එකක් ලිප තබා , එයට වෙජිටබල් ඔයිල් , සෙසමි ඔයිල් , ටිකක් දාමා රත්කරගෙන එයට චිකන් ටික දාමා බැදෙන්න හරින්න. එයට සුදුලුනු , ඉගුරු හා තක්කාලි ගෙඩියත් කපා දමන්න. ගම්මිරිස් , මිරිස් කුඩුද එකතු කරන්න. ලුණු දැම්ම දාන්න එපා. පසුව එය හොදින් තැම්බි එනවිට එයට ඉස්සො ,දැල්ලො ,මාලු එකතු කරන්න. දැන් එයට සොයා සොස් කොප්පයක් විතර එකතු කරන්න. එහි ලුණු තිබෙන නිසා අපි වෙනම ලුණු එකතු කරන්න අවශ්‍ය නෑ.දැන් එහි චිකන් ,ඉස්සො මාලු වල ඇති වතුරත් එක්ක ලොකු හොද්දක් වගෙ පෙනෙයි . පසුව වෙන භාජනයක් ගෙන එයට ඔයිල් වර්ග ටිකක් දමා සුදුලුනු ,ඉගුරු ,බැදෙන්නට හැර කැරට් ,ගෝවා ,ලික්ස් ,යාන්තමට බැද ගන්න . එයටත් ගම්මිරිස් ,මිරිස් සොයා සොස් ටිකක් දමා ගන්න. අන්තිමට කන්කුන්, චියිනස් සලාද කොල එකතු කරන්න . එලවලු බාගෙට අමුවෙන්ම එල්වලුවල පාට වෙනස් වෙන්න ඉස්සරම බාගන්න. දැන් උනුවෙන් උයාගත් බත් එක බොකුටු ලොකු භාජනයක අඩියට දමාගන්න, පසුව එයට සාදා ගත් එලවලු ටික දමා ගන්න . පසුව එයට චිකන් ,ඉස්සො මාලු ටික දමා හොදි ටික උඩින් දාමා උනු උනුවෙන් කෑමට ගන්න . මේක අපෙ ගෙදර හැමෝම එකට එකතු වි කන්න ආසම කෑමක්. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට එලවලු , මස් මාලු එකතු කරන්න. ලුණුත් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරන්න .




Comments


bottom of page