top of page
  • Writer's picturePrisila Godahewa

💞 අමුතු දීගේ #2අමුතු දීගේ 💞 #2අමුතු දීගේ

( 5 වන කොටස )



"මොනව උනත් ලොකු පුතේ..... සාරදා විකුම් එක්ක දැන් හොදට පවුල් කන එකත් මට සතුටක්….මට දැන් නිදහසේ මැරෙන්න පුලුවන් …"


"අම්මේ ...සෝමා ආයෙත් මෙහෙ වැඩට එන එකක් නැද්ද ..?"


"නෑ...ඒ මනුස්සයා දැන් වයසයිනේ...මට වැඩ ගන්න දුකයි...සාරදා කිව්වා ගමේ ගිහින් ළමයි එක්ක සතුටින් ඉන්න අරින්න කියලා ...හැම මාසෙම සෝමාට දුන්න පඩිය ඒ විදිහටම දෙන්න කියලත් කිව්වා..... , සෝමා ජීවත් වෙලා ඉන්නකම්…"


"අනේ ඔව්..හරි හිත හොද ගෑනි...නංගිට සලැකුවේ එයාගෙ ළමයෙක් ගානට . නංගිත් එහෙමයි...සෝමට කිසි වෙනස්කමක් කලේ ණෑ….."


##########

අපට කැනඩාවේ පදිංචියට යන්න විසා ලැබුන දවසේ ඉදන් මේ ගමන අද උදාවෙනකම් ….මම බලාගෙන සිටියේ ගොඩක් ආසාවෙන් …. අපේ පිටරට ගමන, ගුවන් ගමන ගැන පුතාට කියූ දවසේ සිට, පුතා මෙන්ම මමද අසාවෙන් එයට ලෑස්ති වූනේ නොවිසිල්ලෙනි....... පුතා අද උදේ සිට සිටින්නේ පුදුම සතුටකිනි......


අවුරුදු පහකට පසු මගේ ආසාවද ඉශ්ට වී ඇත.... තරුන වයසෙන්ම විවාහ දිවියට පා තබා අවුරුදු පහක් පුරාවට මගේ හිතේ තිබුන බලාපොරොත්තු ආසාවන් ඉශ්ට කර ගැනිමට දැන් කාලය ඇවිත් ඇත....... මට තිබූ කරදර කාලය, පුතත් සමග මා තනීවී සිටි කාලය, කරදර බාදක කම් කටොලු සියල්ල අද නිමා කර මම බොහෝ සතුටින් කැනඩාව බලා යන්නේ ලංකාව හා එහි සිටින සියලු නෑ හිතවතුන් ඉක්මනින් අමතක කර විකුම් සමග හොද පවුල් ජීවිතයක් ගත කරන්න ආසාවෙනි…...


"සාරදා ..දුව නිදා ගත්තද..? මට පැය දෙකක් විතර නින්ද ගියා...දැන් නම් ඔලුවේ බර ගතිය අඩුයි….ඔයා එහෙනම් දැන් ටිකක් නිදාගන්න …"


" ඔව් දුවට නින්ද ගියාට පස්සෙ මම කොට් එකෙන් තිබ්බා ….පුතත් නැගිටලා ටොයිලට එකට එක්ක ගියා...තව ඇපල් ජූස් එකක් එහෙම බීලා ඔය ආයෙත් නිදා ගත්තේ…."


"මටත් මොනව හරි බොන්න ඕනේ….එයර් හොස්ටර් කෙනෙක් ආවොත් බොන්න දෙයක් ගෙන්න ගන්න සාරදා , ඔයාටත් එක්ක…..


" ඔව්...මටත් බොන්න ඕනේ මොනව හරි...විකුම් පුතාගෙ ඇගට උඩින් අත දමා මගේ අත අල්ලා ගත්තේය. ගුවන් යාත්‍රාවේ හැමෝම වගේ නිදි...කිසි සද්ද බද්දයක් නැත...මගේ අත අල්ලාගෙන විකුම් සීට් එකට ඔලුව තියාගෙන ඇස් පියාන ඉදි…


මේ වන විට විකුම් තිස්දෙවෙනි වියේ පසුවෙයි......මට විකුම් මුලදි දුටු දිනය, හා ඔහු මාහා විවාහ වුන කාලය සිහි වෙයි......ඒ කාලයේ වගේම ඔහු දැන්ද මහත්වී..සුදුවී ලස්සන වී ඇත….ඔහු මීට අවුරුදු දෙකකට පෙර ලංඩන් සිට ලංකාවට ආ දින රාත්‍රිය….හා ඊට පසු මාසයක් විතර කාලයක් යනතෙක් ඔහුගේ තිබුන දසුන, පෙනුම සිහි වන විට අදටත් මට දැනෙන්නේ බයක් සහ දුකකි.......


ඔහු ලංකාවට ආ මුල් දිනවල මට ඔහු දකින විට ඇතිවුනේ...දරා ගන්න බැරි තරම් දුකකි…. ඒ කාලය ඔහුගේ ඇග, අතපය කෙට්ටුවී කෙසග වී සිටි කාලයකි ...ඔහු රට සිට එනවිට, විවාහ වු කාලයේ තිබු පුශ්ටිමත බව කඩවසම් බව අතුරුදහන් වී තිබුනි. ඔහුගේ මුහුන කෙට්ටු වී ඇස් ගිලී ගොස් ලොකු තෙහෙට්ටු ගතියක්, ලෙඩ ගතියක් පෙන්නුම් කෙරිනි……


ඔහු ලංකාවට ආ දින රාත්‍රියේ සිටියේ මට හිතා ගන්න බැරි තරම් ඇගපත් ඇදී ගොස් තෙහෙට්ටු ගතියකිනි….


ඔහු මාව හා පුතාව බලන්න කාමරයට අවිට ….මම ඇදේ විට්ටම බදාගෙන අඩද්දී ඔහු කාමරයේ ජනේලය ලග හිටිය හැටි...ඉන් පසු මගේ ලගින් ඇදේ වාඩි වී මගේ අත අල්ලා ගත් හැට්…..ඒ අවස්ථාවේද ….මට කරුවලේද ඔහුගේ ඇග අතපය කෙට්ටු වී ගොස් ඇති කාරය මගේ අතට දැනින….විවාහ වී ගෙවුනු සුමාන දෙකක කාලයක් පමනක් ඔහු සමග එකට හිටියත් මට ඔහුගේ වෙනස හොදාකාරවම දැනින....... ඔහු මගේ හිස සිබ මාව ඔහුගේ පපුවට තුරුලු කරගෙන සිටි මොහොතේ ඔහුගේ ඇග අතපය කෙට්ටු වී දරදඩු වී ඇති ගතියක් මගේ ඇගට දැනින…... පුදුමයකි.....අවුරුදු තුනකට පසු හමුවුනත් අපට ඒ උනුසුම් සිපගැනීමෙන් පසු එකට එකතුවීමේ අවශ්‍ය තාවයක් ඇති නොවිනි….


"මට හරි මහන්සියි සාරදා ….අපි නිදාගමු… යැයි .ඔහු කිව් මොහොතේ මටත් ඒ අදහස හොද යැයි සිතිනි…. අවුරුදු තුනකට පසු හමුවුන අප දෙදෙනා පුතා තුරුලු කරගෙන ඇදේ දෙපැත්තෙන් නිදා ගත්තේ නොදන්නා දෙදෙනෙකු සේය .....


මම නම් ඒ දවස්වල සිටියේ නිරංජන් ගේ වෙන්වීම නිසා ඇති වුන කේන්තියෙන් හා දුකෙනි. ...….විකුම් ගේ හදිසි පැමීනීමත් සමග මට ඇතිවී තිබුනේ කියාගත් නොහැකි බයකි......ඒ ඔහු කොයි මොහොතක හෝ මාත් නිරංජන් ගැනත් දැන ගනීවියැයි කියන බයය...... ඒ නිසා අපි නිදාගමු සාරදා කිව් මොහොතේ මට ඇති වුනේ සතුටකි…..කිසිම ලෑස්තියක් නැතුව, හිතේ සැනසිල්ලෙන්.... සතුටකින්..... මට මගේ සැමියා ලගට යෑමට හිත හදාගැනිමට නොහැකි තත්වයක් උඩ මම සිටියෙමි........ දෙලොවක් අතර මම අතරමං වී සිටි මොහොතකම ඔහුගේ හදිසි පැමිනීම...., ඔහු පිලිගැනිමට වීම ..., මා සූදානම් නැති මොහොතක මට ඔහුගේ පැමිනිම ඇති කර තිබුනේ අවිනිශ්චිත බියකි…….


පසුදින උදේ…..ඔහු පුතා සමග නිදා සිටින මොහොතේ කාමරයට ගොස් හොරෙන් මම ඔහු දිහා බල සිටියේ…දුකෙන්‍ය…...විකුම් ගේ ඉස්සර තිබුනු ලස්සන, පුශ්ටිමත් ,කඩවසම් ශරීරයට මොකක්ද උනේ කියා හිතා ගැනීමට බැරි තරමට ඔහු වෙනස් වී ඇත....... ඔහු කාලයක් මත්දව්‍යය භාවිතා කල නිසා එසේ වන්නට ඇතැයි සිතා මම හිත හදා ගත්තෙමි.


දිගු නින්දකට පසු ඔහු මුහුන කට සෝදා සැහැල්ලු කොට කලිසමක්, ට්ශර්ට් එකකින් සැරසි කුස්සියට ආ මොහොතේ නම් ඔහුගේ පරණ කෙලිලොල් බව මට සිහිවිය......


"සාරදා තවත් ලස්සන වෙලා….ඔහු මගේ කරවට අත දමාගෙන මගේ කොපුලක් සිම්බේ උනුසුම් ලෙසය. ….එය දැක සෝමා බාගෙට හිනාවීගෙන අහක බලාගත්තේ සතුටින් යැයි මට සිතුනි. මගේ සතුට, මගේ අනාගත දියුණුව ඇයගෙ එකම බලාපොරොත්තුවයි….එකම පැතුමයි……..ඒ වෙනුවෙන් ඇය මා වෙනුවෙන් කර කල දෑ අම්මා කෙනෙකු වත් නොකරන දේවල්‍ය….


" පුතා තවම නිදිනේද….?


සෝමාටත් ඇසෙන ලෙස එසේ කිව් ඔහු සෝමාට නොදැනෙන්න මගේ අතින් ඇදගෙන අපේ අමතර කාමරයට ගියේ සතුටිනි….කාමරයේ දොර වසා දමා මාව කළබලේ තුරුලු කර සිපගත්තේ උනුසුම් ලෙසය….


"මේ...මොකද ..දැන් සෝම එයි….මම බොරුවට එසේ කිව්වත් ඒ උනුසුමට කැමැත්තෙන් තුරුලු උනේ අවුරුදු තුනකට පසු ලැබෙන්න යන ඔහුගෙ ආදරයද ආශාවද විදින්න ආසාවෙනි.…..

නමුත් තත්පරයක වේගයෙන් මගේ හිතට ආවේ…... මීට සුමාන තුනකට උඩදි නිරංජන් සමග..... මම මුලින් ම ඔහු සමග, මේ කාමරය තුලම එකට එකතු වුන මොහොතය…. මේ කාමරය….මේ ඇද...මගේ හිත කරන්ට් එකක් වැදුන සේ ඇතිවුනේ දරා ගන්න බැරි තරම් දුකක් සමග බයකි. ... නිරංජන් සමග ඒ ගත කල සුන්දර රැයේ.... කිසිවෙක් නැති මොහොතක ආදරයෙන්…..ආශාවෙන් එකතු වුන ආකාරය මගේ හිතේ මැවි මැවි පෙනෙන්න විය...ඔහුගේ උනුසුම් සිප ගැනිම්…..බොළඳ කතා බහ….මේ දාන් මගේ ලග ඉන්නේ නිරංජන්ද කියා හිතෙන තරමට මගේ මනස අවුල් වි ඇත…..නමුත්… නිමේශයකින් …...මීට සුමන තුනකට උඩදි මේ ඇදේම මම නිරංජන් සමග පැවැත්වු අනියම් ඇසුර, මතක් වී මගේ හිත බයෙන් ගැහෙන්න ගත්තේ දෑසට කදුලු නැග එද්දීය…..විකුම් මගේ.. නීතයානුකූල සැමියා මාව ආදරයෙන් සිප ගනිද්දි...අබුසැමි ඇසුරකට සැරසෙද්දී….මම වෙන ලෝකයක, බයෙන්..... මම ගැනම කළකිරීමෙන් පසුවේ….. නිරංජන් සිහි වී ඔහු සමග ගතකල අමතක නොවන සුන්දර මතකය….ආසාවෙන් මත් වී ගත කල හෝරාව...ඔහු සමග නුවර එලියේ ගොස් ගතකල අමතක නොවන උනුසුම් හැගීම්ගොන්න….අතර මම අතරමං වී ඇත ...විකුම් කළබලයෙන් මා සිප ගනිද්දි මා උන්නේ නිරංජන් සමග ගත කල සුන්දර මොහේතේය…..නමුත් මේ සිටින්නේ මගේ ආදරනීය සැමියා බව සිහි වී නැග එමින් තිබු සියලු හැගිම් නැති වී ගියේ නිමේශයකින් ... …මගේ දෑසින් කදුලු නැග එද්දී…....විකුම්ට කැමති දෙයක් කර ගන්න ඇර නිසොල්මනේම සිටියෙමි ….. ඒ මොහොතේ මට සැනෙකින් ඇතිවී නැතිවි ගිය හැගීම් ...ආශාවන් සියල්ල නැති වි දුකක්ම ඇති විය.. …...යාන්තමට හෝ ඇති වුන හැගීම් සියල්ල වියලී ගියේය…....අවුරුදු තුනකට පසු තමන්ගේ නීතයානුකූල බිරිද සමග එකට එකතු වුනු විකුම්.... සතුටින් මා ලග හිද සැනසුම් සුසුම් හෙලද්දී....….මම කපාදැමු කෙහෙල් කදක් ලෙස සීතල වී ඇදේ උඩුපිලි අතට ඔහේ නිදා සිටියේමි...... මගෙ ලග හති අරිනා විකුම් කොයි මොහොතේ එතනින් අයින් වේදැයි මම බලා සිටියෙ...... දෑසින් කදුලු ගලා යද්දීය....


"ඇයි..සාරදා ...ඔයා..දුකෙන් වගේ...අපි මේ අවුරුදු තුනකට පස්සෙ නේ එකට එකතු වුනේ...ඇයි ඔයාට සතුටක් දැනුනේ නැද්ද…මම ඔයා ගැන බැලුවේ නෑ නේද….මට කාලයකට පස්සෙ ඔයාව දක්කහම ගොඩක් ආස හිතුනා ..ඔයා ගොඩක් ලස්සන වෙලා...මහත්වෙලා...සුදු වෙලා….මට ලෝභයි ඔයාව දැක්කහම …. මට දුකයි ඔයාව දාලා.... මම මෙච්චර කාලයක් රටට වෙලා හිටියට.... ...සොරි…..කලබලේ අපි එකට හිටිය නිසාද….තාම මාත් එක්ක තරහින් ඉන්න නිසාද... ඔයා….ආසාව ගන්නෙ නැතුව ….මට කැමති දෙයක් කරගන්න ඇරලා හිටියේ…...සොරි…..සාරදා ...මම ඔයා ගැන බැලුවේ නෑ නේද...…..මටත් තාම හරියට ඇගට හරි නෑ…..පන නෑ වගේ…..මම ඔයාට කිව්වෙ ...මම අර ඩ්‍රග්ස් කාලයක් ගත්ත නිසා…..තාම ඇගට එච්චර ෆිට් එකක් නෑ….ටික දවසක් යනකොට හරි යයි…..මම හිතන්නේ….


"අපි එහෙනම් හොද ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා බෙහෙත් ටිකක් , විටමින් ටිකක් ගමු….. එතකොට හරි යයි....ඇයි...ඔයාට ඇගට වෙනසක් දැනෙනවද..?


"ඔව්...හරි මහන්සියි….ඇගට පන නෑ….මටත් හිතෙනවා හොද ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා බෙහෙත් ටිකක් ගන්න...


අපි මොනවා හරි කරමු….. යමු දැන් කන්න….පුතත් නැගිටලා ද දන්නෑ….ඔයා හෙමිහිට යන්න ...මම එන්නම් ..සෝමා බලනවා ඇති අපි කොහේද කියලා ….


- හෙට හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

10 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Commentaires


bottom of page