top of page
  • Writer's picturePrisila Godahewa

💞 #2අමුතු දීගේ#2💞අමුතු දීගේ

( 4 වන කොටස )

"ඈ….පුතේ...විකුම් ගැන මොනවද මම නොදන්න දේවල්…."


"අම්මා විතරක් නෙමේ ...නංගිත් දන්නෙ නැති දේවල් මම නංගිට හැංගුවා….අර පොඩි උන්ට තාත්තා කෙනෙක් ඕන නිසා…."


"ඒ...කිව්වේ…"


"අම්මට මතකනේ…..විකුම් නංගිව බදින කාලේ කොච්චර ලස්සනට හිටියද කියලා .….මිනිහා ඒ කාලේ හරි සෙල්ලම් කාරයා….නංගීව බැන්දෙ නම් බොරුවට නෙමේ…..රාණි ඇන්ටිගේ උවමනාවට පිලිවෙලක් වෙන්න හිතාගෙනම තමයි බැදලා තියෙන්නේ ........ඇත්තටම තමයි ලංඩන් වලට නංගිව ගෙන්න ගන්න හදලා තියෙන්නෙත්..……. දෙන්නගේම කොහේද තිබුන පවක් ගෙවන්න තිබිලා තමයි …... නංගිට බැදපු ගමන් ළමයා හම්බවෙන්න ආවේ….ඊට පස්සෙ ළමයා ලොකුවෙනකම් බලාගෙන හිටිය කාලේ….විකුම් එයා වැඩ කරපු තැනක මෙක්සිකන් කෙල්ලෙක් එක්ක යාලුවෙලා......එහෙම නැත්නම් සෙල්ලක්කාර කමට හරි ඒ කෙල්ලව විකුම් නැවතිලා හිටපු ෆ්ලැට් එකට ගෙනත් තියාගෙන…..


"නෑ….මූව මරන්න එපෑ…"


"ඉතිං...ඉන්නකෝ...ඉතිරි ටික කියනකම්….."


"ඒත් මට හිතුනා….මූ ඔය තරම් සාරදාට...බෑගෑපත්ව ඉන්න කොට මොනවා හරි රටදි වෙලා ඇති කියලා …...නැත්නම් ගෑනිට ඔයතරම්ම බාල්දු වෙන්න ඕනෑයෑ.....තමන්ගෙ අතේ වැරදි නිසා තමයි කියන හැමදෙයක්ම කරගෙන ඔලුව පහත් කරගෙන ඉන්න ඇත්තේ ......ඉතිං කොහොමද ඕවා පුතා දැන ගත්තේ…."


"සාරදා නහයෙන් අඩනකොට, ….විකුම් ගෙන් ඩිවොස් එක ඉල්ලලා දෙන්න කියලා…. රානි ඇන්ටි ඒ දවස්වල කැනඩාවට ගිහින් හිටපු කාලේ....මම රානි ඇන්ටිලාගෙ කොළඹ අක්කලාගෙ ගෙදර ගියා….සාරදා දන්නෙ නෑ….ඒ ඇන්ටිගෙන් තමයි මම රානි ඇන්ටිගෙ කැනඩාවේ ෆොන් නම්බරය ඉල්ලගෙන රානි ඇන්ටිට කතා කලේ….

.පව් වැඩේ….රාණි ඇන්ටි හරියට දුක් වුනා විකුම් කරන දේවල් හා එයාගෙ වැරදි වැඩ නිසා….එයාට සාරදාට මූන දෙන්න බැරි නිසයි, කැනඩා ගියේ කියලා කිව්වා…. එයා එක්කත් විකුම් ඒ දවස්වල කතා කරන්නෙ නෑ කියලා කිව්වා .....විකුම් ෆොන් නම්බර් එක වෙනස් කරලා කියලා ......මට විකුම්ගේ යාලුවාගේ ෆොන් නම්බර් එක දුන්නා, කතා කරලා බලන්න කියලා ……..….

රාණි ඇන්ටිට ඕන වෙලා තිබිලා තිබුනේ...විකුම්ට හොද කෙනෙක් බන්දලා දීලා පිලිවෙලක් කරන්න ...එයා ඒ මගුල කලබලේ කරලා දීලා තියෙන්නේ ..ඇත්තටමයි….විකුම් විකාර කලාට රාණි ඇන්ටිගේ වැරද්දක් නෑ...විකුම් සාරාදාට ,පුතාට වියදම් අරින්නෙ නෑ කියලා දැනගත්තහම..... රානි ඇන්ටි තමයි කැනඩාවේ ඉදන්... . සාරදාට විකුම් දාන විදිහට සල්ලි එවලා තියෙන්නෙ….…"


"ඉතිං...කවුද ඔය විකුම් ගෙ විස්තර පුතාට කිව්වෙ …."


"මට කිව්වෙ විකුම්ගේ යාලුවා සුදේශ් ..….විකුම් එක්ක එකට යුනිට් එකේ ඉන්න යාලුවා .....ඒ වෙනකොට වෙන්න ඕන ඔක්කොම දේවල් වෙලා විකුම් හිරෙත් ගිහින් මාස දහයකට ......හොද වෙලාවට මම එදා විකුම්ගේ යාලුවාට කතා කලේ.... තව සුමානෙකින් විකුම් හිරෙන් නිදහස් වෙලා එනව කියලා...විකුම්ගේ යාලුවා කිව්වා.. …."


"ඉතිං ...ඉතිං ..පුතේ… විකුම්ට මොනවද වෙලා තියෙන්නේ…….විකුම් අර කාමරයට ගෙනත් නවත්ත ගත්ත ගෑනි දන්නෙ නැද්ද….විකුම් බැදපු කෙනෙක් කියලා …."


"නැත්තෙ මොකද...දැනගෙන ඉන්න ඇති…..උන්ට මොකද...කාව බැදල හිටියත්….ඒ ගෑනි හෙමිහිට විකුම්ලා හිටිය තැනට රිංගලා….ඒ මදිවට ඒ ගෑනිගේ රටේ නෑදෑවන තව ජෝඩුවක් එතන නවත්තගෙන විකුම්ලත් කැමති කරගෙන....ඒ දවස්වල විකුම් එග්සෑම් එකකට ලියන නිසා හරියට රස්සාවක් තිබිලත් නෑ..... ගෙවල් කුලිය ගෙවා ගන්න බැරි නිසා තමයි උන්ට එක කාමරයක් කුලියට දීලා තියෙන්නේ.....උන් ලොකු ගෙවල් කුලියක් විකුම්ලට දීලා.. …...එතකොට ඒ ගෑනි ගෙවල් කුලිය ගෙවන්න ඕනත් නැති නිසා…,අපේ මෝඩයා….මේ ගෑනි එක්ක අවුරුද්දක් විතර පවුල් කාලා තියෙනවා…..පස්සෙ බැලුවහම...මේ ගෑනි තමයි විකුම්ට, කුඩු ගහන්න උගන්නලා තියෙන්නෙත්…."


"නෑ…...කුඩු ටික කාලයක් ගහපු බව මට සාරදා කිව්වා…..ගෑනියෙක් හිටපු බව කිව්වෙ නෑ…."


"ඒක එයත් දන්නෑ…..මම කිව්වෙ නෑ...නැත්නම් සාරදා ඒක ඔලුවේ තුයාගෙන..විකුම් එක්ක රංඩු කරයි කියලා හිතලා…ළමයි දෙන්නා පව්නේ....අම්මයි තාත්තයි වෙන් උනොත්...කොහොමත් නිරංජන් එක්ක නංගිත් නැටුව නිසා....දෙන්නම එක බෝට්ටුවේ නිසා සද්ද නැතුව එකතු කලා......


"ඉතිං ඒ ගෑනි දැන් කොහේද?... ආයෙත් විකුම්, ඒ ගෑනි එක්ක පස්සෙ සම්බන්ධ කම් පටන් ගනීද දන්නෑ….."


" එහෙම වෙන එකක් නෑ….මොකද අර ...විකුම් හිටිය ගෙදර රංඩුවක් උනා කිව්වේ...මේ ගැනි තමයි පිහි ඇනුම කාලා තියෙන්නේ….මේ ගෑනි මුලින් විකුම් එක්ක යාලු වෙලා හිටියට විකුම් හිරේ යන්න උනාට පස්සෙ, ඒ ගෑනි ගැන හොයලා නෑ....ඒහෙමම අමතක කරලා දාලා....ගෑනි කොහේද ඉන්නේ කියලා විකුම් හොයලත් නෑ...තාම දන්නෙත් නෑලු.., ….ඒ ගෑනිත් අවුරුදු ගානකට හිරේ ගිහින් කියලා විකුම් දන්නවලු කුඩු විකුනුවාට..…..."


"අනේ...අපොයි...මේවා නාකි අපටත් අහන්න වුනානේ….මේ මෝඩයා කුඩුත් ගහන්න පටන් ඇරන්...තව ලෙඩත් හදාගෙනද දන්නෑ ලංකාවට ආවේ…."


" ඔව්...මටත් හිතුනා….අම්මට මතකද විකුම් ලංකාවට ආපු දවසට පස්සෙන්දා….හිටපු හැටි….ඇස් ගිලිලා...කලුවෙලා...කෙට්ටු වෙලා. කිසිම ශක්තිමත් බවක් ප්‍රානවත්බවක් තිබුනෙම නෑ…..මටත් එදා තිබුන සැකයට …. නංගිලා විකුම් ආපු දවස්ට පස්සෙන්දා....... මම සෝමට කියලා , නංගිව විකුම් එක්ක වෙද මහත්තයා ලගට ඇරියා….විකුම් මුකුත් නොකියා නංගි එක්ක වෙද මහත්තයා හම්බවෙන්න ගියානේ...….නංගිට කියලා ,ඇගට පන නැ…....උනගන්න වගේ කියලා .....ඒ ගිය වෙලේ වෙදමහත්තයා, විකුම්ට .....බඩ සුද්දවෙන්න කසායක් දීලා, තව අරිශ්ට ගුලි එහෙම දීලා තිබුනා...සෝමා කිව්වා කිසි අකමැත්තක් නැතුව ඒවා බිව්වා කියලා . සෝමා තමයි කසාය හොයලා තම්බලා බොන්න දීලා තියෙන්නේ….ලංකාවට ඇවිත් මාසයක් විතර යනකොට තමයි විකුම් සාමාන්‍ය තත්වයට ආවේ….මම ඕවා ඔක්කොම නෝට් කලා…..දිගටම කුඩු ගහලා තිබුන නිසා වෙන්න ඇති ඇගට පන නෑ කියන්න ඇත්තේ ….ඊටත් ඒ රටවල කෑම මොනවාද පාන් ,බනිස්, සැලඩ්...….නේ.. විකුම්ට හොදට කන්න පුලුවන් ….නංගියි සෝමයි ගමේ ගොඩේ අල බතල එළවලු කොළ ජාති, රතු බත් රසට හදල කන්න දෙනකොට තමයි විකුම් පන ගහලා ආවේ…."


"ඒක නම් ඇත්ත ලංකාවට එනකොට විකුම් ලෙඩෙක් වගේ හිටියේ....පස්සෙ බලාගෙන ඉන්න කොට තමයි පාට වැටිලා ලස්සන වෙලා ආවේ........ඉතිං ඔය නඩු ඔක්කොම ඉවර වෙලාද විකුම් ලංකාවට ඇවිත් තියෙන්නේ…."


"ඔව්...අර ගෑනියි අනිත් කුඩු විකුනොපු ජෝඩුවයි හිරේ ගිහින් අවුරුදු ගානකට...…..අර විකුම්ගේ කුඩුගහන්නෙ නැතිව හිටි යාලුවා තමයි ...විකුම් වයි අනිත් කොල්ලවයි බේරෙන විදිහට කට උත්තර දීලා බේර ගෙන තියෙන්නේ….කට්ටිය එකට කුඩු ගහල හිටිය නිසා,... විකුම්ට මාස දහයක් හිරේට යන්න වෙලා තියෙන්නේ….කොහොම හරි දඩුවම් විදලා...විසා නැතිව හිටිය ඒවටත් එක්ක….ලොකු දෙයක් හිරේට ගියාට පස්සේ කුඩු ගහන ඒවා ඔක්කොම හැවතිලා….මිනිහා ජීවිතේ තේරුම් අරගෙන හැදිලා…."


" මම එදා...විකුම්ගේ යාලුවාට කතා කරපු වෙලේ..., මිනිහා තමයි ඕවා ඔක්කොම මට කිව්වේ….මිනිහ කිව්වා විකුම් සාරදාටයි මටයි බයේ ලංකාවට එන්න බෑ කියලා අඩනවා…..මිනිහ දැන් ඔක්කොම තේරුම් ඇරගෙන හොද කෙනෙක් වෙන්න හදන්නේ කියලා..... සාරදා ට කියන්න මිනිහා ලංකාවට ආවාහම වෙනස් කමක් නොකර සලකන්න කියලා ...මුලින් මමත් විකුම්ගේ යාලුවාටත් බැන්නා….පස්සෙ මම කිව්වා මිනිහව කොහොම හරි ලංකාවට එවන්න , මම රස්සාවක්... සල්ලි ටිකක් දීලා හදල ගන්නම් කියලා ….ඒ පාර තමයි මිනිහා ටිකට් එක හදල දීලා විකුම්ව ලංකාවට එවල තියෙන්නේ .....වෙන කොහේවත් යන්නෙ නැතුව සාරදා ලගටම යන්න කියලා …..නංගී අතරමං වෙයි කියන බයටයි...නිරංජන් එක්ක සම්බන්ධ කම් ගෙනිහින් නංගි නාස්තිවෙයි කියන බයටයි, ඒ දෙන්නව මම එකතු කලේ….නැත්නම් කුඩු ගහපු එකෙක් මම අපේ පවුලට වද්දගත්තෙ අකමැත්තෙන් …..


" ඒක තමයි ….පේනෙව නේද...විකුම් නංගිට යටහත් පහත්ව ඉන්න හැටි….එයාට විතරක් නෙමේ...මම උනත් මොනව කිව්වත් හරි හොදට අහනවා...මිනිහ දන්නවා අපි මිනිහගෙ වැරදි වලට සමාව දීලා මිනිහව ගොඩ ගත්තා කියලා ...අපි සමාව දීලා ගෙට ගත්ත නිසා තමයි මිනිහා ලොකු ඕනෑකමකින් නංගියි ලමයි බලාගෙන බිස්නස් එකත් හොදට කරගෙන ඉක්මනට දියුනු උනේ….අපි මිනිහ කුඩු ගැහුවා කියලා අහක බැලුවා නම් ආයෙත් මේ මිනිහා කුඩු කාරින් ගොඩටම යනවා…..


" මොනවා උනත් ලොකු පුතේ උබ කලේ හොද දෙයක්….උබට පිංසිද්දවෙනවා ඒ පවුල එකතු කරාට….නැත්නම් නංගි නිරංජන් එක්ක ගිහින් කුසුම්ගෙන් මැරුම් කනවා….


" උන්ටත් කෙලෙහි ගුන නෑ...තාත්තා කොච්චර දේවල් කලාද ඔය පවුල ගොඩ දාන්න…"


- හෙට හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

44 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page