top of page
  • Writer's picturePrisila Godahewa

"පොසොම්ස්"( Possums)

Updated: May 16, 2020

ඔස්ට්‍රේලියාව, ටැස්මේනියාව හා ඉන්දුනීසියාව ඇතුලු ලෝකයේ බොහෝ රටවල විවිධ නම් වලින් හදුන්වන පොසොම්ස් (possums )නම් මෙම සත්වයා බොහෝ රටවල වාසය කරන සතෙකි. ඔවුන් ඒ ඒ රටවලට ආවේනික ලෙස පෙනුමේද පාටේද සුලු සුලු වෙනස්කම් ඇත.                 " පොසොම්ස් " වර්ග 23 ක් පමන ඔස්ට්‍රේලියාවේ හා ටැස්මේනියාවේ වාසය කරයි. එයින්  දෙවර්ගයක් පමනක් වැඩිපුර විශේශයි.. ඒ වර්ග දෙක Ringtail  සහ Brushtail ලෙස නම් කල හැක. නැවුනු හැඩය හා බුරුසුවක හැඩය ඇති වලිග ඇති ලෙස ඔවුන්  වර්ග කල හැක. මුහුන උල් සහ රවුම් හැඩය ඇති මොවුන්ගේ නාසය රෝස පැහැතිය. කන් දෙක බිත්තර හැඩැතිය. ඔවුන්ට දිග නියපොතු ගස් නැගීමටත්, දිග දත් ඕනෑම දෙයක් කෑමට හැකි ලෙසත් නිර්මාණය වී ඇත. ඔවුන්ට දිග රැවුල් ගස්ද ඇත. දුබුරු , කලු හා ලා දුබුරු වර්ණය ඇති ඔවුන්ගේ මයිල් ඉතා සිනිදුවට ඝනකම් ලෙස සෑදි ඇත. ඉර අව්ව ඇති මුලු දහවලේම නිදියන ඔවුන් රාත්‍රියට කෑම සොයා යයි. මිනිසුන් ගැවසෙන තැන් වල පෙනීසිටිමට අකමැති ඔවුන් පුසෙකුගේ , හාවකුගේ , ලොකු මීයෙකුගේ හැඩය මෙන්ම මොවුන් පොඩි කැන්ගරුන්ගේද හැඩය ගනි.                     "පොසොම්ස් "ආයුශ අවුරුදු හයක්  හතක් පමන වන අතර අවුරුදු එකලොහක් පමන ජීවත් වන සතුන්ද සිටි. එක පාරකට එක පැටියකු හෝ පැටව් හතර දෙනෙක් පමන බිහි කිරිමට "පොසොම්ස්" මවකට හැකිය. ඊට වඩා බිහි කරන අවස්තාද ඇත. මවගෙන් කිරි උරා බොන, පුංච් පැටව් මාස හතරක් පහක් මවගේ බඩේ ඇති මල්ලේ ජීවත් වෙති. ඉන් පසු මාස හතරේ සිට අට දක්වා ඔවුන් මවගේ පිටේ හෝ පියාගේ පිටේ එල්ලි කෑම සොයා යයි. මාස දහතුනක් පමන වන විට එම පැටවුන්ද , පැටව් බිහිකරන තත්ත්වයට පැමිනේ. එම නිසා ඔවුන්ට ජීවිත කාලය තුල බොහෝ පැටවුන් බිහි කිරිමට හැකියාව ඇත.                      විශාල ගස් වල හා ගස් යට බෙන වල ජිවත් වන ඔවුන් විශේෂයෙන් තෙත් කලාපීය රටවල බොහෝ සෙයින් ජීවත් වෙයි. ඊට අමතරව ගෙවල් වල වහලේ  හා ගබඩා කාමර වල පවා ඔවුන් ජීවත් වවන්නේය.                 එළවලු පැලෑටි වල අලුත් දලු කෑමට "පොසොම්ස් " ඉතා කැමතිය . ඔවුන් ජීවත් වන රටවල, එළවලු  වගා කරන්නන්ගේ ලොකුම හතුරා ඔවුන්‍ ය. ගෝවා, කැරට් සලාද කොල, වැනි එලවලු වර්ගද ඕනෑම පළතුරු වර්ගද , අලවර්ග, මල් වර්ග , ගැට, පොට්ටු ආදි ඕනෑම දෙයක් කෑමට ගන්නා ඔවුන් නිසා වගා කරන්නන්ට ඇත්තේ පුදුපුදුමාකාර කරදරයකි. ගෙවල් අවට ජීවත් වන "පොසොම්ස් " කුස්සියේ ඉවත දමන ඕනෑම දෙයක් කෑමට ගන්නට පුරුදු වී ඇත . ඊට අමතරව ගොලුබෙල්ලන් , පනුවන් හංගොල්ලන් හා කුරුළු බිත්තරද සමහර පොසොම්ස් ආහාරයට ගනි. ඔහු මාංශ හා එලවලු දෙකම ආහාරයට ගන්නා සතෙකිය.

   "කැන්ගරු, වොම්බැට්ස්, ක්වාලා පොසොම්ස්" ඔස්ට්‍රේලියාවේ වැඩිපුරම දකින්නට ලැබෙන වන සතුන්‍ය. එයින් "පොසොම්ස් " ගෙවල් අවට වාසය කරමින් වතු වගාවට කරනා කරදරය නම් ඉවසිය නොහැකි තරම්‍ය.                     රාත්‍රි කාලයට එලියට විත් ඇවිදමින් කෑම සොයා යන වුන් දහවලට ඔවුන්ගේ ගුහා වල ජීවත් වෙයි. ෆුට් බෝලයක හැඩයට රවුමට ගුලී වී ඔවුන් නිදා ගනි. රාත්‍රියට ගස් උඩ, වහලවල් වලට නැග එහේ මෙහේ යන ඔවුන්ට අඩි හතරක් පමන දුරකට පැනිය හැකිය ඔවුන් රාත්‍රි යට සහයෝගයෙන් දෙදෙනෙක් (නැට්ටේ එල්ලී ) එකම මගක කෑම සොයා යයි. ඔවුන් සිටින ප්‍රදේශය ඔවුන් මුත්‍රා කරමින්  සීමාව ලකුනු කර ගන්නා අතර. ඒවා ඉතා දුගදකින් යුතුය . නවසීලන්තයේ හා ටැස්මේනියාවේ පාලනය කිරීමට නොහැකි තරමට බෝවී ඉන්නා මේ "පොසොම්ස්" සතුන් කාලයකට මරා ඔවුන්ගේ හම් ශීත ඇදුම් , මේස්, අත් වැසුම් මැසීමට ගන්නා බව කියයි. ඒවා ඉතා ඉහළ මිලගනන් වලට විකුනනු ලැබේ. ඔස්ට්‍රේලියාව ,නවසීලන්තය වැනි රටවල "පොසොම්ස් " ලෙස හදුනන මෙම සතා ඇමරිකාවේ "රැකුන්" ලෙසත් , නම්කර ඇත. නමුත් මොවුන් රටවලින් රටවලට පෙනුමේ වෙනස් කම් ඇතුව බෝවී ඇතත් ඔවුන්ගේ ක්‍රියා කලාපය නම් එකමාකාරය පොසොම්ස් ගැන කෙසේ කීවත් ඔවුන් සුරතල් සතුන් ලෙස ඇතිකරන්නන්ද ඇත. දරුවන් ඉතා ආදරය කරන ඉතා අහිංසක පෙනුම ඇති ලස්සන සතෙකි "පොසොම්ස්"

(අන්තර්ජාලයෙන් ගත් තොරතුරු ඇසුරෙන් )



19 views0 comments

Recent Posts

See All

*එතෙරින් එතරට *

(22 වෙනි කොටස ) වාහනය පැයට කිලෝමීටර් 120ක වේගයකින් එකදිගට ගමන් කරයි. කොරියන් රියැදුරු මගෙන් මොන මොනවාදෝ කොරියන් භාෂාවෙන් ඇසීය. මට කිසිදු...

Comments


bottom of page